topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුදු වෑන් සංස්කෘතිය නැවත පටන් අරන්……සුනිල් හඳුන්නෙත්ති.

අලුත් ජනාධිපති පත්වූ විගසම ඉතාම නරක, අනතුරුදායක සංඥා කිහිපයක් රටට නිකුත් කරමින් තිබෙනවා.  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර තනතුරෙන් පහතට දමා දකුණට මාරු කිරීම, නිශාන්තද සිල්වාට රට හැරයාමට සිදුවූ සිදුවීම්, සාමජ මාධ්‍ය ජාලාවලට කරන මර්දන හා බලපෑම්, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැරගෙන යෑම ආදී ‘පුදනකොටම කාපි යකා’ වර්ගයේ සිද්ධීන්වලින් නැවත වතාවක් සුදු වෑන් සංස්කෘතියේ හා රාජපක්‍ෂ මර්දන යන්ත්‍රයේ සෙවනැලි සමාජය මත පතිත වෙමින් පවතින බව පෙන්වා දෙනවා.
මේ ජනාධිපතිවරයා බලයට ඒම සඳහා පාවිච්චි කළ ප්‍රධාන සටන් පාඨය ජාතික ආරක්‍ෂාව හා සුරක්‍ෂිත රටක් කියන එක. ජනතාව දුන්න ජනවරම අපි පිළිගන්නවා. නමුත් මේ ජනවරම ලැබුණේ පාලකයන්ට තමන් ගැන පරීක්‍ෂණ කරන අයව බිය ගන්වලා, මර්දනය කරලා තමන්ට හිතවත් අය අදාළ තනතුරුවලට පත්කිරීමටවත් තමන්ට එරෙහි පරීක්‍ෂණ යට ගහන්නවත් නොවේ. මෙතරම් ඉක්මනට සුදු වෑන් සංස්කෘතිය නැවත හොල්මන් කරාවි කියලා මේ පාලකයා බලයට ගේන්න මහන්සි වූ ආගමික නායකයෝවත් ඡන්දය දුන් ජනතාවවත් හිතන්න නැතිව ඇති.
තමන්ට තිබෙන චෝදනා ගැන පරීක්‍ෂණ කරන නිලධාරීන් මර්දනය, සාක්‍ෂි විකෘති කිරීම, සාක්‍ෂි ඉල්ලා අස්කර ගැනීමට බලකර එසේ ඉල්ලා අස්කර ගැනීමට සැලැස්වීම දැනටමත් මේ පාලකයෝ පටන් අරන්.
රට හැර යාමට සිද්ධ වූ හා ස්ථාන මාරුවට ලක්වූ නිලධාරීන් පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ මෙන්ම එජාප ආණ්ඩුවේද මහා පරිමාණ වංචා-දූෂණ ගැන පරීක්‍ෂණ කළ අය. දැන් හොරු ගැන පරීක්‍ෂණ කිරීම පැත්තක තියලා ඔවුන් ගැන පරීක්‍ෂණ කරන නිලධාරීන්ගෙන් පලිගන්න පටන් අරන්. දැන් රට පනින්න සිද්ධවෙලා තිබෙන්නේ හොරුන්ට නොවෙයි, හොරු අල්ලන නිලධාරීන්ට. මහ බැංකු වංචාව ගැන පරීක්‍ෂණවලට දැන් මොකද වෙන්නේ? මේ දෙන සංඥාව කුමක්ද? අපිට හානිකර පරීක්‍ෂණ නවතනු කියා නොවේද?
තමන්ට තිබෙන චෝදනාවලට දේශපාලුවෝ නිවැරදි නම් පරීක්‍ෂණවලට නොබියව මුහුණ දී නීතිය හරියට ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතුයි. එවිට තමන් නිවැරදි නම් ඒක මුළු රටටම පෙන්වන්න පුළුවන්.
පොලීසියට බයේ හොරු රට පනිනවා වෙනුවට අද හොරුන්ට බයේ පොලීසියට රට පනින්න වෙලා. මේ කියන්නේ පරීක්‍ෂණ නිළධාරීන් ආණ්ඩුවේ රූකඩ වෙයල්ලා, නැතිනම් උඹලගේ ආරක්‍ෂාව ගැන අපි වගකියන්නේ නෑ කියලා නොවෙයිද?
තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ගැන පරීක්‍ෂා කරනවා නම් අදාළ තානාපති දැනුවත් කළ යුතුයි. එය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කළ යුතුයි. දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩත් සුදු වෑන් කල්ලිය අතට අරගෙන. මේ ගොල්ලොද රටේ අධිකරණය? මේ පරීක්‍ෂණ කරන අලුත්ම ක්‍රමවේදයද? ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන්ටත් එසේ නම් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ පාලනය කෙසේ වෙයිද? මාධ්‍ය ආයතනවලටත් ළඟදීම ‘බීප්, බීප්’ ශබ්දය එයි. දැන් මේ පාලකයන්ට ඡන්දය දුන් අයගෙනුයි ඔවුන්ට උදව් කළ මාධ්‍යයෙනුයි අපිට අහන්න තියෙන්නේ ‘ඔබට සතුටුයිද දැන්’ කියලා. මේ සිදුවෙන දේවල් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට බලපාන්නේ නැද්ද? මේ සිද්ධිය නිසා ජර්මනියේ හා ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිට, ස්වීස් රජය හදිසියේ හමුවෙන්න වුණා. නව විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධනගේ පළමු නිල කටයුත්ත වුණෙත් මේ සිද්ධිය ගැන ස්වීස් තානාපතිව මුණ ගැසීම. මේක බරපතළ තත්වයක්. ලෝකයට මේකෙන් දෙන සංඥාව කුමක්ද? දිපු බලය අත්තනෝමතිකව හසුවරුවන්න දැන්මම පටන් අරගෙන. පැත්තකින් වෙබ් අඩවිවල මාධ්‍යවේදිනියන් ප්‍රශ්න කරනවා. සී.අයි.ඩී. නිලධාරීන්ටත් මර්දනය. පොලිස් නිලධාරීන්ටත් මර්දනය. අවසානයේ ජනතාවටත් මර්දනය. මේ උදා වෙමින් පවතින්නේ හොඳ තත්වයක්ද?
අද බන්දුල ගුණවර්ධන කියනවා, තානාපති නිලධාරිනියගෙන් අදාළ සිද්ධිය ගැන තවම පැමිණිල්ලක් ඇවිත් නැහැ කියලා. පැමිණිල්ලක් කළොත් මරණවා කියලා තර්ජනය කරලා පස්සේ කියනවා පැමිණිලි නැහැ කියලා. පරීක්‍ෂණයත් මර්දනයත් දෙකම එක අතකට අරන් තමයි දැන් වැඩ කෙරීගෙන යන්නේ. අද සුදු වෑන් සංස්කෘතිය තානාපති කාර්යාලයකින්ම පටන් අරගෙන. මීට කලින් මෙවැනි සිදුවීම්වලදී මහත් කම්පාවෙන් කථා කළ මාධ්‍ය අද නිහඬ ඇයි?
මේ කැබිනට් එකෙත් ඉන්නේ පසුගිය දූෂිත ආණ්ඩුවල දිගටම හිටිය දූෂිත ඇමතිලා. පටන් ගන්නකොටම දීල තිබෙන ආදර්ශය අපූරුයි. බැඳුම්කර වංචාව, ගල් අඟුරු වංචාව, සතොස හරහා සත්ව ආහාර ගෙනවිත් මිනිස්සුන්ට කන්න දීම ආදී සිද්ධීන් ගැන පරීක්‍ෂණ කරපු නිලධාරීන්ට අද රටින් පැන යාමට සිද්ධ වෙලා. දේශපාලුවෝ සියලු චෝදනාවලින් නිදහස් වෙනවා. එතකොට අවංක නිලධාරීන්ට මොකද හිතේනේ? මේ තත්වය ගැන ජවිපෙ තදින් සලකා බලමින් සිටිනවා. මේ තත්වය  හමුවේ ඉතාම වගකීමෙන් කටයුතු කරන්න කියලා රටේ ජනතාවගෙනුත් මාධ්‍යවලිනුත් අප ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි දිගටම ක්‍රියා කරනවා.
පොලිස් මාධ්‍ය ඒකකය වහන්න හෝ විසුරුවා හරින්න කියලා රටේ කවුරුවත් උද්ඝෝෂණය කළේ නැහැ. මාධ්‍යවේදියෝ ඉල්ලුවෙත් නැහැ. නමුත් දැන් පාලකයෝ කියනවා, ඒක විසුරුවා හරිනවා කියලා. විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරනවා කිව්වා. ඇමතිලා 15යි කිව්වා. දැන් කීයද? ඇමතිකම් දෙකට කඩලා විදුලිබලය එක ඇමතියෙකුට. බලශක්තිය තව ඇමතියෙකුට. ඔන්න විද්‍යාත්මක බෙදිල්ල. මේව මොන තරම් විහිළුද? මහ මැතිවරණයකට සූදානම් වෙමින් ඇමති මණ්ඩලය පත් කරන්නේ මෙහෙම නම් මැතිවරණයෙන් පස්සේ තත්වය කොහොම හිටීවිද?
බදු අඩු කරලා කියලා කියනවා. මුදල් අමාත්‍යංශයෙන් හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන තාම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. මේ කියන දේවල්වල වගකීම ගන්නේ කවුද? මේ පාලකයොත් ගමන් කරමින් සිටින්නේ කොහේටද යන්න මේ දින දෙක තුනට සංඥා කරලා ඉවරයි. මොන පාලකයා ආවත් ජනතාව පීඩාවට හා මර්දනයට ලක්කරන ඕනෑම ක්‍රියාමාර්ගයකදී ඊට එරෙහිව සටන් වදින්න, ඒ වගේම ජනතාව දැනුවත් කරන්න ජවිපෙ අපි පසුබට වෙන්නේ නැහැ.

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

Leave A Reply

Your email address will not be published.