topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හමුදාවට පොලිස් බලතල පැවරීම ජනතාවගේ අයිතීන්ට හානිකර නියෝගයක්.

මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නොවැම්බර් 22 දින නිකුත් කරන ලද අංක 2150/77 දරන ගැසට් නිවේදනය මගින් මහජන සාමය පවත්වාගෙන යාමේ බලය, එනම් පොලීසිය සතු බලතල හමුදාවට පවරා තිබේ.
එම ගැසට්  නිවේදනයේ උපලේඛණයේ සඳහන් අන්දමට ලංකාවේ සියලූම පරිපාලන දිස්ත‍්‍රික්කවලට අමතරව වෙරළබඩ දිස්ත‍්‍රික්කවලට අයත් වෙරළ තීරයත් මෙම නියෝගයට අයත් වේ. මෙම නියෝගය නිකුත් කිරීමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳ විවිධ අර්ථකතන ඉදිරිපත් වුවත් මෙය සාමාන්‍ය නීතියේ සීමාවන්ට පරිබාහිරව ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්වලට බලපෑම් කිරීම සඳහා කරනු ලබන නියෝගයකි. මීට පෙර රතුපස්වල ජනතාව කළ උද්ඝෝෂණ වැනි උද්ඝෝෂණවලට වෙඩි තබා මර්දනය දියත් කරනු ලැබුවේ මෙවැනිම නියෝගයකිනි. හමුදාවට පවරන ලද බලතල ප‍්‍රකාරව මෙම නියෝගය මගින් ජනතාවවට එල්ල වන මර්දනය පිළිබදව දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.  මීට අමතරව යුද්ධයෙන් පසු සිවිල් පරිපාලනය ස්ථාපිත කරන ලෙස තිබුණු ඉල්ලීම් මුළුමලින්ම නොතකා හැර මුළු රටටම අදාළව මිලිටරි බලයක් ස්්ථාපිතත කිරීමට දරන උත්සාහයත් මෙහිදී නිරික්ෂණය කළ හැක.
ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ සිවිල් පරිපාලන කටයුතු සහ සාමය සුරැුකීම සඳහා හමුදාව කැඳවිය නොහැක. එය පොලීසියට අයත් කාර්යයකි. නමුත් විශේෂ තත්වයන් මත හදිසි නීතිය පනවන අවස්ථාවක පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය, වාහන පරීක්ෂා කිරීමේ හා වාහන නතර කිරීමේ බලය, නිවාස පරීක්ෂා කිරීමේ බලය, හැඳුනුම්පත් හරහා අනන්‍යතාවය තහවුරු කිරීමේ බලය වැනි පොලිසිය සතු බලතල හමුදාවට පැවරීමේ හැකියාවක් තිබේ. මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තියට අනුව සාමාන්‍ය නීතිය යටතේ පවා විශේෂ කලබලකාරී තත්වයක් ඇතිවූ විට එය ඇතිවූ ප‍්‍රදේශය සඳහා හමුදාව කැඳවීමේ බලයක් ජනාධිපතිවරයා සතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, එවැනි කිසිදු විශේෂ සිදුවීමක් නැතිවත්, එම ව්‍යවස්ථානුකූල බලය භාවිතාකර, නිශ්චිත ප‍්‍රදේශයක් නොව මුළු දිවයිනම සහ ඊට අදාළ සාගරය නම් කරමිනි. නීතියේ විශේෂ අවස්ථා සඳහා ඇති වගන්ති මේ ආකාරයට අවභාවිතා කිරීම වැරදි පූර්වාදර්ශයක් වන අතර එවැනි ක‍්‍රියාවලට ඉඩ නොතැබිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරයයි. අපි මීට පෙර මෙවැනි නියෝග නිකුත් වන අවස්ථාවලදීද මෙයට එරෙහි වූ අතර විශේෂයෙන් 2013දී සහ 2015දී මෙම නියෝගය පැනවීමට එවකට සිටි ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේන උත්සාහ කරන අවස්ථාවලදී අපි එයට විරෝධය පළ කළෙමු. 2015 පෙබරවාරි 02වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් වූ ගැසට් නිවේදනය පසුව විරෝධතා නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර හකුළා ගැනිණි.
මීට අදාළ ඉතිහාසයක් ඇත. යුද්ධය අවසන් වීමත් සමග 2011 අගෝස්තු 06 වෙනිදා දීර්ඝ කාලයක් බලපැවැත්වුණු හදිසි නීතිය ඉවත් කරන ලද අතර ඒ සමගම හමුදාවට තිබෙන පොලිස් බලතල අහෝසි විය. හදිසි නීතිය ඉවත් කරන ලද මුත් එහි ප‍්‍රතිපාදන සාමාන්‍ය නීතිය යටතේ පවත්වාගෙන යාම සඳහා 2011 සැප්තැම්බර් 06 වෙනිදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් 1722/17 අංකය දරන අති විශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනය හරහා මාසයක කාලයක් සඳහා මුළු රටම හදිසි ආරක්ෂක කලාපයක් ලෙස නම්කර, හමුදාවට පොලිස් බලතල ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලද අතර එතැන් සිට මාසයෙන් මාසයට අලූතින් ගැසට් නිවේදන නිකුත් කරමින් මෙම නීතිමය ප‍්‍රතිපාදන පවත්වාගෙන යන ලදී. නමුත් මහින්ද රාජපක්ෂ විසින් පනවන ලද අවසන් නියෝගය 2015 පෙබරවාරි 3වැනිදා කල් ඉකුත්වීමත් සමග ඉන් අනතුරුව හමුදාවට පොලිස් බලතල පැනවීම සිදු වුයේ නැත. 2019 අපේ‍්‍රල් 21 බෝම්බ ප‍්‍රහාරයෙන් පසු පොලීසිය සතු සීමිත බලතල ප‍්‍රමාණයක් විශේෂ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ හමුදාවට පවරන ලද මුත් එය පසුගිය සතියේ නිකුත් කළ ගැසට් නිවේදනයට වඩා වෙනස්කම් සහිතය. මහජන ආරක්ෂක පනතට අනුව මෙම නියෝග පැනවිය හැක්කේ විශේෂ සිදුවීමක් සිදුවීමෙන් අනතුරුව එම ප‍්‍රදේශයට, මාසයක කාලයක් සඳහා පමණි. එවන් නීතිමය ප‍්‍රතිපාදනයක් මේ ආකාරයට අවභාවිතා කිරීම පැහැදිලිවම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට තර්ජනයකි. එමෙන්ම මේ ආකාරයට නීතියේ වගන්ති තමන්ට කැමති ලෙස අර්ථ දක්වමින් ක‍්‍රියා කිරීම අනාගතය සඳහා ඉතා අයහපත් පූර්වාදර්ශ සපයන්නකි.
එනිසා ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද 2019 නොවැම්බර් 22 දිනැති අංක 2150/77 දරන ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ආණ්ඩුවට බල කරන අපි ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා නීතිමය වගන්ති අගති සහගත ලෙස භාවිතා කිරීමේ මෙවැනි උත්සාහයන් පිළිබඳව අවධානය යොමු කර සිය අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා පෙරට එන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Leave A Reply

Your email address will not be published.