topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදහන් වූවන් පිළිබඳ පනත-කුමක්ද?-කවුරුන්වෙනුවෙන්ද?

පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල්ගියත් එය මුල්කර ගත් සමාජ සංවාදය පෙරට යමින් ඇත.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” යනුවෙන් නම් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමත් සමඟ එය සමාජ කතිකාවක් බවට පත් වූ අතර එල්ල වෙමින් පවතින විරෝධය හමුවේ ආණ්ඩුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් මරමින් සිටින ආකාරයක් දක්නට ලැබේ.

එම පනත් කෙටුම්පත විවාදයක් බවට පත්ව තිබෙන්නේ එහි අන්තර්ගත ප්‍රධාන විධිවිධාන කිහිපයක් දෙස විවිධ මතධාරීන් ඔවුනොවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමත් සමඟය.

දේශපාලනඥයන් අතර පමණක් නොව නීතිවේදීන් අතරත් එම විධිවිධාන සම්බන්ධයෙන් එකඟත්වයක් නොමැත.

මෙය විදේශීය උවමනාවක් අනුව සම්මත කිරීමට යන පනතක් ලෙස හඳුන්වා දෙමින් එය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට තර්ජනයක් වන බව ඇතැමෙක් පවසද්දී එම මතය සනාථ කිරීමට ඉවහල් වෙන කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ ඇතුළත් නොවන බවට තවත් කණ්ඩායමක් තර්ක කරති

පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කෙරෙන එම විවාදයට මුල් වී ඇති විධිවිධාන සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් ඔවුන්ගේ වචන තුළින්ම අපි විමසා බලමු.

(අ) මෙම පනත් කෙටුම්පත විදේශීය උවමනාවක් අනුව ඉදිරිපත් කෙරෙන්නක්ද?

විදේශීය උවමනාවක් අනුව සම්පාදනය කෙරෙන නීතියක්ය යන්න මෙම පනතට එරෙහිව එල්ල කෙරෙන ප්‍රධාන චෝදනාවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකදී අදහස් දක්වමින්, මෙම පනත් කෙටුම්පත විදේශීය උවමනාවක් අනුව ඉදිරිපත් කරනු ලැබ ඇති හෙයින් තමන් දැනටමත් ඊට සිය විරෝධය පළකර ඇති බව කියා සිටියේය.

පා.ම දිනේෂ් ගුණවර්ධන

“අපි මේ පනතට විරුද්ධ වීමට හේතුව එය විදේශීය බලපෑම අනුව සම්මත කිරීමට යන පනතක් වීම. අපේ රටේ තිස් අවුරුදු යුද්ධය නිම කිරීම නිසා උරණ වූ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද අසාධාරණ යෝජනාවට අපේ ආණ්ඩුවත් 2015 දී අත්සන් කළා. අන්න ඒ යෝජනාවේ ප්‍රතිඵලයක් විධියටයි මේ පනත ගේන්නේ” පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

මන්ත්‍රීවරයා සඳහන් කරන පරිදි මෙය විදේශ අවශ්‍යතා අනුව ගෙන එන පනතක් ද?

එම ප්‍රශ්නය ගැන  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ  පිළිතුර

“ඔව්! මෙය ජාත්‍යන්තර සම්මුතියක් අනුව ඉදිරිපත් කෙරෙන පනතක්. එහෙම වුනත් මෙය අපේ රටට අවශ්‍ය කරපු පනතක්. හේතුව අපේ රට අතුරුදහන් කිරීම් පිළිබඳ අතීතයක් ඇති රටක් නිසා. ඒ අතුරුදහන් කිරීම් වලින් වැඩිම හානිය සිදු වූ පක්ෂය අපේ පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසාම නොවෙයි, අපි මේ පනතට සහයෝගය දෙන්නේ. අපි ම්ලේච්ඡ ජාතියක් නොවේනම්, රට ආපස්සට ගෙනයන්න අකැමැති නම්, අතුරුදහන් කිරීම් වලට එරෙහි පනතක අවශ්‍යතාව කාටවත් බැහැර කරන්න බැහැ” පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරයි.

එම අදාළත්වය සැළකිල්ලට ගනිමින් පනත ශ්‍රී ලංකාවට ගැළපෙන මට්ටමින් සම්පාදනය කර ගත යුතුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ පනත ඉදිරිපත් කෙරෙන්නේ ජාත්‍යන්තරයේ බලපෑම නිසා බවට එල්ල කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයන් දරන අදහසත් මෙහිදී වැදගත් වේ.

පා.ම සුනිල් හඳුන්නෙත්තිI copyrightSU
පා.ම සුනිල් හඳුන්නෙත්ති

ව්‍යවස්ථා සම්පාදන කාර්යය සම්බන්ධයෙන් අවධානය යොමු කරන නීතිවේදියකු වන සුරේන් ප්‍රනාන්දු මෙසේ පවසයි.

“ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් අතුරුදහන් කෙරෙන නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුය කියන ඉල්ලීම 1970 අවුරුදුවල පටන් ඉදිරිපත් වුන කාරණයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජිනීවා නගරයට ගිහින් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටියා. ශ්‍රී ලංකාවේ එදා ඉඳලම මේ ප්‍රශ්නය තිබුණා නම්, මේ පනත ගෙන එන්නේ ජාත්‍යන්තර බලපෑමක් නිසාය කියන අදහස මට පිළිගන්න බැහැ. ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුය කියල ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින්මයි. ඒ අනුව මම ඉන්න නිගමනය වෙන්නේ, මේ පනත ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉදිරිපත් කෙරෙන එකක් කියන එකයි. ඔය කියන ජාත්‍යන්තර සම්මුතිය අත්සන් කරා හෝ නැතා හෝ මෙවැනි නීතියක් ගෙන ආ යුතුය කියන එක මගේ ස්ථාවරයයි.”

එහෙත් පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව ජිනීවා නගරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවක් අනුව හෙයින් එය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට හානියක්ය යන්න ඊට එරෙහි කණ්ඩායම් වල දැඩි ස්ථාවරය වේ.

(ආ) පනත ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට හානියක්ද?

මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ පරමාධිත්‍යයට හානි සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කරන ප්‍රකාශය සමඟ නීතිවේදී සුරේන් ප්‍රනාන්දු එකඟ නොවේ.

ඔහුගේ පැහැදිලි කිරීම කුමක්ද?

“නැහැ එහෙම හානියක් සිදු කරනවා කියන මතයත් සමඟ මම එකඟ වෙන්නේ නැහැ. මේ පනත ලංකාවේ පරමාධිපත්‍යයට, ස්වෛරීභාවයට හානි කරන්නේ කිනම් වගන්තියෙන් ද කියල මට නම් තේරෙන්නේ නැහැ. එහෙම වගන්තියක් පනත් කෙටුම්පතේ තියෙනවානම් කවුරුහරි මට පෙන්වන්න. ඒක නොවෙයි ප්‍රශ්නය ! යම් යම් කාලවල අතුරුදහන් කිරීම් සිදු කර ඇති බවට ශ්‍රී ලංකාවට චෝදනා තියෙනව. ලංකාවේ පුරවැසියන් එවැනි අතුරුදහන් කිරීම්වලට ගොදුරු වී ඇත්නම්, ඒ වගේම ලංකාවේ පුරවැසියන්ට ඒ ගැන චෝදනා තිබේනම්, ඔවුන්ට ඒවායෙන් නිදහස් වීමේ අයිතියක් තියන්න ඕන. ඒ නිසා මෙම පනත ලංකාවේ පුරවැසියන්ට ආරක්ෂාව සැලසීමට ගෙන එන පනතක් කියන එකයි මගේ ස්ථාවරය”

 

පරමාධිපත්‍යයට අදාළ කරුණ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීමයි මේ.

“මේ පනත මගින් අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය උල්ලංඝනය කරනවා වගේම එමගින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට තියෙන ක්‍රියාමාර්ග ආදියට කෙළින්ම විදේශ නීති අධිකරණ සහ ක්‍රියාමාර්ග ඇතුල් කෙරෙනවා. මෙය ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ශ්‍රී ලංකාව තුළ නීතිගත කිරීමට යත්න දැරීමක්. කළින් සිටි විදේශ ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා – මෙය ජිනීවා එකඟතා අනුව ගනු ලබන ක්‍රියාමාර්ගයක් වන බව”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ස්ථාවරය අභියෝගයට ලක් කරයි.

“එහෙම නම් අපි එක්සත් ජාතීන්ගේ සම්මුති පිළිගන්නේ නැද්ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය ලංකාවේ හදපු එකක් නොවෙයි. අපි මෙතැනදී කළ යුතු වන්නේ විදේශ බලපෑමක් ඇති කළ හැකි වගන්තියක් යෝජිත පනතේ කොතැනක හරි තියෙනවද කියල බලන එකයි. එහෙම වගන්තියක් තියෙනවා නම් ඒක ඉවත් කර ගන්න පුළුවන්. මට තේරෙන හැටියට නම් එවැනි වගන්ති මේ පනතේ නැහැ” පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

(ඇ) අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීමට දැනට පවතින නීතිය ප්‍රමාණවත් නැද්ද?

දැනට පවතින නීතිය අනුව අවශ්‍ය පියවර ගත හැකිය යන්න ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනතට’ එරෙහිව කරුණු දක්වන පාර්ශ්ව පෙන්වා දෙන කරුණකි.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙසේ පවසයි.

“රටේ නීති රීති ගණනාවක් තියෙනව. කවුරුහරි වැරැද්දක් කරලා තියෙනව නම් ඒ නීතිරීති යටතේ එම පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිංහරාසා නඩුවේදී යුරෝපා අධිකරණය දුන්න තීන්දුව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබුණා. ඒ බැහැර කිරීම සිදු කළේ විදේශීය අධිකරණයක් විසින් දෙන ලද තීන්දුවක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න බැරි නිසා”

අතුරුදහන් කිරීම් වේනම් ඒවා සම්බන්ධයෙන් දැනට පවතින නීතිය අනුව කටයුතු කරන්න බැරිද? ගුණවර්ධන මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය බීබීසී සිංහල සේවය නීතිවේදී සුරේන් ප්‍රනාන්දු වෙත යොමු කළ විට ඔහු සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කළේය.

“ශ්‍රී ලංකා රජය ඔය කියන ජාත්‍යන්තර ගිවිසුමට අත්සන් කර තිබෙන්නේ රටේ ජනතාවගේ අයිතිවාසිකමක් පිළිගැනීමක් වශයෙන්. මම ඔය කියන ජාත්‍යන්තර ප්‍රඥප්තිය දකින්නේ මේ ක්‍රියාමාර්ගයේ දෙවැනි අදියර හැටියට. මම දකින හැටියට මේ පනත වැදගත් වෙන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අනුව එන එකක් නිසා නොවෙයි. මෙය ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලපාන පනතක් නිසා”දෙවනුව, මම තවත් කරුණක් පෙන්වා දෙන්න කැමතියි. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ මේවාට අදාළ නීති රෙගුලාසි තියෙනව. හැබැයි, මේ පනත මගින් ඉන් ඔබ්බට ගිය ක්‍රියාමාර්ග බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් හැටියට ,නීත්‍යනුකූල ආකාරයට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පසු අවස්ථාවක නීති විරෝධීව රඳවා තැබීම හෝ ඔහු රඳවා තබන ස්ථානය, ඔහුට අත් වූ ඉරණම, එම පුද්ගලයා පිළිබඳව ඔහුගේ පවුලෙන් හෝ නෑදෑයන්ගෙන් වසන් කිරීම වැනි කරුණු මේ පනතේ විෂය පථයට ඇතුළත් වෙනවා. එමගින් වැරැද්ද නිර්වචනය කෙරෙනවා. මම හිතන්නේ එය දැනට පවතින දණ්ඩ නීතියෙන් ඔබ්බට ගිය දෙයක් හැටියටයි”

එම කරුණ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පැහැදිලි කිරීම කුමක්ද?

“හොඳයි! දැනට පවතින නීතිය ප්‍රමාණවත්ය කියමු.ඒත් ඒ නීති තියෙද්දී තවත් නීතියක් සම්මත කිරීමේ ඇති වරද කුමක්ද? තවත් නීතියක් පැනෙව්වොත් සිද්ධ වෙන්නේ පවතින නීතිය තවත් ශක්තිමත් වීම” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

(ඈ) නව පනත ‘රණවිරු’දඩයමක්ද?

ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් සහ වධහිංසා සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශයට පත්කළ කාටුනයක්
ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් සහ වධහිංසා සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශයට පත්කළ කාටුනයක්

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුති පනත සම්බන්ධයෙන් මතු කෙරෙන වඩාත් සංවේදී ගැටලුව මෙය වේ.

මෙය රණවිරු දඩයමක් ද?

මෙම පනත තිස් අවුරුදු සිවිල් යුද්ධය නිම කරමින් රට එක් සේසත් කළ රණවිරුවන් විදේශ ආයතන සහ විදේශ අධිකරණ ආයතන වලට භාරදීමේ ප්‍රයත්නයක්ය යන්න දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විග්‍රහය වේ.

“මේ පනත නීතිගත කළොත් හිටපු ජනාධිපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්තුමා ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සෙනෙවිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් පවා විදේශ රටවලට ගෙන යාමට, ඒ රටවල අධිකරණ ආයතන වලට භාර දීමට මග පෑදෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් වැනි නීති විශාරදයන් පෙන්වා දී තිබෙනවා”

අතුරුදහන් කෙරුණ පුද්ගලයන් රඳවනු ලැබූ ස්ථානයක් යයි පැවසෙන තැනක්
අතුරුදහන් කෙරුණ පුද්ගලයන් රඳවනු ලැබූ ස්ථානයක් යයි පැවසෙන තැනක්

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි ශ්‍රී ලංකාවේ රණවිරුවන් හෝ නිලධාරීන් විදේශ රටවලට හෝ විදේශ ආයතනවලට භාරදීමේ බැඳීමක් මේ පනත මගින් ඇති කෙරෙන්නේද ?

නීතිවේදී සුරේන් ප්‍රනාන්දු;

“නැහැ, එහෙම බැඳීමක් ඇති වෙන්නේ නැහැ. මෙතැන කරුණු දෙකක් තියෙනවා. එකක්, මේ පනත අතීතයට බලපාන පනතක් නොවෙයි. මෙය අනාගතයට බලපාන පනතක්. පනතේ කිසිම තැනක සඳහන් කරලා නැහැ- මෙය අතීතයට බලපානවා කියල. නීතියේ සිද්ධාන්තය අනුව මේ පනත බලපාන්නේ අනාගතයට. අතීතයට බලපාන පනතක් නම් එම පනතේ ඒ ගැන විශේෂයෙන්ම සඳහන් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි පනත් සම්මත කළ හැකි වෙන්නේ ඉතා සීමිත කාරනා සඳහා පමණයි. කෙසේ වෙතත් අතුරුදහන් කිරීම් පිළිබඳ මේ පනත බලපාන්නේ අනාගතයට පමණයි”

දෙවැන්න ; මේ පනත යටතේ අනාගතයේ කිසිවකු පිටරටකට භාර දෙන්න පුළුවන් ද කියන කාරණය බලමු. විදේශයක ඉල්ලීමක් අනුව කෙනෙක් තවත් රටකට භාරදීම (EXTRADITION) ගැන මේ පනතේ දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ පනතේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත දී අපරාධයක් සිදු කළ වෙනත් රටක පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ සැඟවී සිටීනම් ඔහු ඒ රට ඉල්ලුවොත් භාර දෙනවා කියන එකයි” සුරේන් ප්‍රනාන්දු පැහැදිළි කරයි.

අතුරුදහන් කිරීම්වලට එරෙහිව කලක පටන් මහජන උද්ඝෝෂණ පැවැත්වෙයි
අතුරුදහන් කිරීම්වලට එරෙහිව කලක පටන් මහජන උද්ඝෝෂණ පැවැත්වෙයි

සභාගත කරනු ලැබ ඇති පනත් කෙටුම්පතේ පළමු වගන්තිය අනුව එය බල පැවැත්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වගන්තිය ප්‍රකාරව සහතික කිරීමේ දිනයේ සිටය.

ඒ අනුව පනත බල පැවැත්වෙන්නේ එය සම්මත වූ බව සහතික කරමින් කථානායකවරයා ඊට අත්සන් තබන ලද දිනයේ සිට අනාගතයට බල පැවැත්වෙන පරිදිය.

මෙම පනත පවතින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යයි සිතන්නේ නම් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

එහෙත් මේ ප්‍රශ්නය අධිකරණයට ඉදිරිපත් කරන්නේද ? නැද්ද ? යන්න තවම තීන්දු කර නැති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

අතුරුදහන් පුතු එනතෙක් වසර නවයක් බලා හිඳින මවක්
 පුතු එනතෙක් වසර නවයක් බලා හිඳින මවක්

කෙසේ වුවද, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” නම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇතත් කවර කරුණු මත හෝ නියමිත දිනයේ එය විවාදයට ගනු නොලැබුණි.

(BBC ඇසුරෙණි)

Leave A Reply

Your email address will not be published.