topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම යෝජනාවකට සහාය ලබාදීමට ජවිපෙ සූදානම්.

JVP_ANURA_11_05

දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම යෝජනාවකට සහාය ලබාදීමට ජවිපෙ සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක  ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ අද මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ අනුර දිසානායක,

26වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක්. ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවේ. එම නිසා මෙම කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. පළමුව මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කළා, 05වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව. පසුව කතානායකවරයා සහ මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර සිදුවූ කතාබහකින් අනතුරුව 07වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ප‍්‍රකාශයට පත්කළා. 07වැනිදා පාර්ලිමේන්තුව කැඳවන නිසා එදින එදින කටයුතු සාකච්ඡුා කිරීමට පසුගිය සිකුරාදා (02) පක්‍ෂ නායක රැුස්වීමක් කැඳවූවා. එදින කතානායකවරයා නිශ්චිතව ප‍්‍රකාශ කළා, මෛතී‍්‍රපාල සිරිසේන මහතා දුරකතනයෙන් කතා කොට පාර්ලිමේන්තුව 07වැනිදා කැඳවන බවට එකඟතාවය ලබා දුන්නා කියලා. නමුත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝජිතයින් පක්‍ෂ නායක රැස්වීමේදී ප‍්‍රකාශ කළා, එවැනි තීරණයක් නොමැති බව. ඉන් අනතුරුව තමයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් 14වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙන්නේ. ඒ අන් කවරක්වත් නිසා නොවේ. ඔවුන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීම වෙනුවෙන් රැුස්කරගන්නා ලද කළු සල්ලි, වරදාන, වරප‍්‍රසාද ලබාදීම වෙනුවෙන් කාලය ලබාගැනීමටයි. ඔවුන්ට 05වැනිදා වනවිට බහුතර බලය හදාගන්න බැරිවුණා. 07වැනිදා වනවිටත් ඔවුන්ට බහුතර බලය ලබාගන්න බැරිවුණා. 14වැනිදා වන විට කළු සල්ලි ලබාදී, ඇමතිධුර ලබාදී, තනතුරු වෙන්දේසි කොට මන්ත‍්‍ර‍්‍රීවරු 113 හදාගන්න උත්සාහයක එම කණ්ඩායම නිරත වෙලා ඉන්නවා. 26වැනි සිකුරාදා කුමන්ත‍්‍රණයකින් අත්කරගත් බලය ස්ථිර කරගැනීම වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව කල් දැමීම සිදුකළේ. එම නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් 06 දෙනා කතානායකවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.

මහින්ද රාජපක්‍ෂත් මෛතී‍්‍රපාල සිරිසේනත් පෙන්නුම් කරමින් තිබෙන්නේ වරදාන, වරප‍්‍රසාද ලබාදී, කළු සල්ලි ලබාදී ආණ්ඩු හදන්න පුළුවන් කියලා. එම නිසා එම කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. අපි කථානායකවරයාට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මොකද, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් බහුතරයක් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. බලය ලබාගැනීමේ කුමන්ත‍්‍රණයේම කොටසක් වන පාර්ලිමේන්තුව කල් දැමීමේ කුුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. කළු සල්ලිවලින් ආණ්ඩු හැදීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ලැබෙන ඕනෑම අවස්ථාවකදී මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබන 09වැනිදා රටේ ප‍්‍රධාන නගර 04කදී ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ පවත්වනවා. 12වැනිදා කොළඹදී සිවිල් සංවිධාන, බුද්ධිමතුන්, වෘත්තිකයින් එක්කර ගනිමින් පුළුල් සාකච්ඡාවක් ආරම්භ කරනවා.
කතානායකවරයාට අපි කියනවා. පාර්ලිමේන්තුව කල් තැබීම පිළිගන්න එපා කියලා. මොකද, පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කරලා නැහැ. ඒ වගේම නැවත කැඳවන දිනය නිශ්චිතව කතානායකවරයාට දන්වලා නැතිව තමයි ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. මේ වනවිටත් කතානායකවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා නව වෙනස්කම් නොපිළිගන්නා බවත් නැවත පාර්ලිමේන්තුව කැඳවන තෙක් තමන් පිළිගන්නේ පෙර පැවති තනතුරු බවත් කතානායකවරයා ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගේ මෙම තීරණය ඉතාම හොඳ ප‍්‍රබල තීරණයක් බව ප‍්‍රකාශ කරන අතර එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට ස්තුතිය පිරිනමනවා.

එමෙන්ම මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පාර්ලිමේන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවකදී පරාජයට පත්කරනවා. ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ඒ සඳහා ඡුන්දයක් ඉල්ලා සිටීමට කටයුතු කරනවා. එමෙන්ම ව්‍යවස්ථාවට එරෙහිව පත්කරන ලද තනතුරු සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ ඡුන්දයක් පැවැත්වුවහොත් ඒ වෙනුවෙන් ජවිපෙ සහාය පළ කරනවා. එමෙන්ම නව ආණ්ඩුව විසින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කළහොත් එය පරාජයට පත්කිරීමට කටයුතු කරනවා. මන්ද ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ දිගු කාලීන ආර්ථික දැක්මක් සහිත අයවැය ලේඛනයක් නොවේ. තමන් විසින් කුමන්ත‍්‍රණයෙන් ලබාගත් බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ආලවට්ටම් පමණයි. එම නිසා අපි කතානායකවරයාට නැවතත් කියන්නේ තමන්ගේ ස්ථාවරය මත පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. ජවිපෙ මන්තී‍්‍රවරු 06දෙනා මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. එමෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව කටයුතු කරන්න කියලා.

කුමන්ත‍්‍රණ මගින් බලය අත්කර ගන්නා සහ කළු සල්ලිවලින් ආණ්ඩු හදන මෙවැනි දේශපාලන සංස්කෘතියක් පරාජයට පත්කළ යුතුව තිබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගත යුතුව තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම හේතුවෙන් විශාල ලෙස බැට කාපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීම නිසා විශාල ජීවිත ප‍්‍රමාණයක් අහිමිකරගත් දේශපාලන ව්‍යාපාරයක් අපි. එම නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන තර්ජනයන් පරාජයට පත්කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා. ඒ වගේම ජනාධිපතිවරයාට හෝ තනි පුද්ගලයෙකුට එක රැුයකින් ජනතාවගේ කිසිදු අනුමැතියකින් තොරව අපේ රටේ ආණ්ඩු හැදීමේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ යුතුයි. එවැනි උත්සාහයන් පාර්ලිමේන්තුවේදීත් පාර්ලිමේන්තුවෙන් පිටතදීත් පරාජයට පත්කරන්න අපි සූදානම්. එම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම වර්ගයේ යෝජනාවක් වෙනුවෙන් සහාය පළ කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබෙනවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අනුර දිසානායක,

පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අයවැයකදී එය පරාජයට පත්කිරීමට සහාය දෙනවා. ඒ වගේම විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළ කරනවා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ තනතුරුවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙනවා නම් එයට සහාය පළ කරනවා. එමෙන්ම එම විශ්වාසභංගය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිට ගෙන ඒමට හැකි නම් ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. නමුත් නිශ්චිතව කුමන පුද්ගලයා අගමැති විය යුතුද යන්න සම්බන්ධයෙන් ඡන්දයක් විමසනවා නම් අපි ඒ වෙනුවෙන් ඡුන්දය භාවිත කරන්නේ නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී ඕනෑම කි‍්‍රයාවලියක් පරාජයට පත්කරන්න අපි සූදානම්.

අයවැය පරාජය වුවහොත් සිදුවන්නේ ආණ්ඩුව විසුරුවා හැර බහුතරය පෙන්වන කණ්ඩායම නව ආණ්ඩුවක් ගොඩනැගීමයි. අයවැය පරාජයට පත්වීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවන්නේ කාලය අවසන් වීමෙන් හෝ වසර හතර හමාරක් ගත වීමෙන් ජනාධිපතිවරයාට ලැබෙන බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයෙන් පමණයි.

කළු සල්ලිවලට මන්තී‍්‍රවරුන් මිලදී ගෙන ආණ්ඩු හැදීමේ සංස්කෘතිය මීට පෙරත් සිදුවුණා. කළු සල්ලිවලින් ආණ්ඩු හැදීම ව්‍යවස්ථා වගන්තිවලින්ම නැවැත්වීමට හැකියාවක් නැහැ. ඡුන්දය ලබාදෙන ජනතාව තමයි තීරණය කළ යුත්තේ විකිණෙන මන්තී‍්‍රවරුන්ට තවදුරටත් ඡුන්දය ලබා දෙනවාද නැද්ද කියලා. කළ යුතුව තිබෙන්නේ මුදල විකිණෙන මන්තී‍්‍රවරුන් බිහිකෙරෙන දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කිරීමයි. මේ ආකාරයට මුදලට විකිණෙන මන්තී‍්‍රවරුන් තමන්ගේ පැත්තට ලබාගන්්නා දේශපාලන කඳවුරු මොනවාද? ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් එජාපයත් කියන මෙම දේශපාලන කඳවුරු දෙකම මුදලට විකිණෙනවා. ඒ වාගේම මුදලට විකිණෙන අය ලබා ගන්නවා. එම නිසා ජනතාව තමන් විසින් ඡුන්දය ලබාදෙන ජනතා නියෝජිතයා මැතිවරණයෙන් පසු ප‍්‍රතිපක්‍ෂව හිට ගන්නවා නම් ජනතාව තමයි ඔවුන් පරාජයට පත්කළ යුත්තේ.

2014දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ඒ මොහොතේ තිබුණු ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුවයි. ඒ මොහොතේදී පාර්ලිමේන්තුවට වසරක් ගතවූ පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවෙන් තිබුණා. එම මොහොතට අනුව එය ව්‍යවස්ථාවට එකඟයි. නමුත් 19වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැහැ. 19ට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමාරකින් පසුවයි.

මේ වනකල් ලංකාවේ මන්තී‍්‍රවරුන් විකිණීම සිදුවුණා. නමුත් පළමු වතාවට තමයි ජනාධිපතිවරයා විකිණෙන්නේ. ජනාධිපතිවරයා තමන්ට ලැබුණු හැට දෙලක්‍ෂයක් ඡුන්ද පසෙක දමා ඊට ප‍්‍රතිිවිරුද්ධ පැත්තට පනිනවා. එම නිසා දැන් ලංකාවේ ජනාධිපතිවරුත් විකිණෙන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ජනාධිපතිවරයාත් විකිණෙනවා නම් මන්තී‍්‍රවරු ගැන කවර කතාද? එම නිසා මෙම සිදුවීම්වලින් වර්තමාන දේශපාලනය පිළිබඳව ජනතාවට ඕනෑ තරම් පාඩම් කියාදෙන්න තිබෙනවා.

ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ වැඩ කරන ජනතාවගේ මාධ්‍යවේදීන්ගේ දෛනික ප‍්‍රශ්න පාර්ලිමේන්තුව කැඳවූ පමණින් විසඳෙන්නේ නැති බව අපි දන්නවා. නමුත් රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය විසඳා ගැනීටම අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ නිසා කතානායකවරයා තීරණයක් ගත යුතුව තිබෙනවා. ඔහු තමයි පාර්ලිමේන්තුවේ ප‍්‍රධානියා. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් බහුතරයක් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. රටේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, ජනාධිපතිවරයාගේ විධායක බලය යනුවෙන් බල කේන්ද්‍ර තුනක් තිබෙනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ කතානායකවරයාගේ ව්‍යවස්ථාදායක බලයට ජනාධිපතිවරයා අත පොවා තිබෙනවා. ජනාධිපතිවරයාට ඒ සඳහා අයිතියක් නැහැ. ජනාධිපතිවරයාගේ එම බලය විකෘති තත්වයක්. එවැනි විකෘති තත්වයන් මඟහැරීමට තමයි 20ැවනි සංශෝධනය යෝජනා කළේ. ඒ මගින් ජනාධිපතිවරයාට අත්තනෝමතිකව පාර්ලිමේන්තුව කල් තැබීමට ඇති බලය අහෝසි කිරීමට යෝජනා කරනවා. ඒ වගේම මන්තී‍්‍රවරුන් පිල් මාරු කිරීම වැළැක්වීමට 20වැනි සංශෝධනයෙන් යෝජනා කොට තිබෙනවා.

බටහිර රටවල් අපේ රටට විවිධ අවස්ථාවල බලපෑම් කරනවා. එම විදෙස් රටවල මැදිහත්වීමට පාර කපන්නේ අපේ රටේ පාලකයන් විසිනුයි. රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම වැනි අවස්ථාවලදී බටහිර රටවල් විසින් අපේ රටට විවිධ අතපෙවීම් සිදුකරනවා. අද සිදුවී තිබෙන්නේ එයයි. මෛතී‍්‍රපාල සිරිසේන විසින් විදේශීය රටවලට රතු පාවාඩ එලා ආරාධනා කොට තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් බලහත්කාරයෙන් ආණ්ඩුවක් ගොඩනගා එම ආණ්ඩු බලය පාවිච්චි කොට, මාධ්‍ය බලය පාවිච්චි කොට ඡුන්දයක් කැඳවීම සාධාරණ නැහැ. එම නිසා බලහත්කාරයෙන් ගොඩනගා තිබෙන ආණ්ඩුව පළමුව පරාජයට පත්කළ යුතුයි. ඉන් අනතුරුව ඡන්දයක් පැවැත්වීමට සාධාරණ වටපිටාවක් සකස් කරගත යුතුයි. බලහත්කාරී ලෙස ගොඩනගා ගත් ආණ්ඩුවක් මගින් කැඳවන ඡුන්දයක් සාධාරණ ඡුන්දයක් වෙන්නේ නැහැ.

Leave A Reply

Your email address will not be published.