topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශල්‍යාගාර වසා දැමේ. රෝගී ජීවිත අනතුරේ.

Surgary

ලංකාවේ වසරකට වැඩිම හෘද සැත්කම් සිදු කළ කොළඹ ජාතික රෝහලේ හෘද උරස් ශල්‍යාගාර සංකීර්ණ දෙකම වසා දමා ඇති බවත් එම නිසා රෝගී ජීවිත රැසක් අනතුරේ හෙළා ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අනාවරණය කරයි.

ජාතික රෝහලේ ඇති, දැඩිසත්කාර ඒකකවලින් සමන්විත හෘද උරස් ශල්‍යාගාර සංකීර්ණ දෙකෙන් OTJ ශල්‍යාගාර සංකීර්ණය වසා දැමූවේ මීට මාස 20කට පමණ පෙර එනම් 2016 වසරේ අප්‍රේල් මාසයේ බවත් එහි ඇති OTC ශල්‍යාගාර සංකීර්ණය වසා දැමූවේ පසුගිය දෙසැම්බර් පළමුවෙනිදා බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි.

හෘද උරස් ශල්‍යාගාර තුළ වැඩි වශයෙන් සිදු කරන්නේ බයිපාස් සැත්කම් බවත් මේ වනවිට ඉතා ඉක්මනින් සැත්කම් සිදු කළ යුතු බයිපාස් රෝගීන් 3000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවත් අනාවරණය කරන ජයන්ත බණ්ඩාර අවධාරණය කර සිටියේ මේ වනවිට එම සැත්කම් 100%කින්ම ඇන හිට ඇති බවයි.

හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු 05දෙනෙකු මෙම ශල්‍යාගාර සංකීර්ණ දෙකට අනියුක්තව සිටින බවත් ඔවුන් වසරකට බයිපාස් සැත්කම් 900ත් 1000ත් අතර ප්‍රමාණයක් සිදු කරන බවත් සඳහන් කරන වෛද්‍ය ජයන්ත බණ්ඩාර තවදුරටත් පවසන්නේ ලංකාව පුරාම බයිපාස් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ රෝගීන් 7000ක් පමණ සිටින බවත් සෑම වසරකම රෝගීන් 2500ක් අලුතෙන් එකතුවන බවත්ය.

මුළු රටේම හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු 22ක් සේවය කරන බව පෙන්වා දෙන වෛද්‍යවරයා ඉන් 06 දෙනෙකුම සේවය කරන්නේ පුද්ගලික අංශයේ පමණක් බවත් අවධාරණය කරයි. ඉන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් තිදෙනෙකු ඉන්දීය ජාතිකයන් බවත් අනෙක් තිදෙනා ලාංකිකයන් බවත් ඔහු අවධාරණය රයි.

එමෙන්ම කරාපිටිය, මහනුවර, ජයවර්ධනපුර යන රෝහල්වලත් ළමා රෝහලෙත් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු බැගින් සේවය කරන බවත් ජයවර්ධනපුර රෝහලේ සැත්මක් සිදු කිරීම සඳහා මුදල් ගෙවිය යුතු බවත් අවධාරණය කරන වෛද්‍ය ජයන්ත  පෙන්වා දෙන්නේ නොමිලයේ සැත්කම් සිදු කරගත හැක්කේ කරාපිටිය, කොලඹ, මහනුවර යන රෝහල්වලින් සහ කොළඹ ජාතික රෝහලෙන් පමණක් බවය.

මේ වනවිට කුරුණෑගල, අනුරාධපුරය සහ යාපනය යන රෝහල්වල හෘද උරස් ශල්‍ය ඒකක ආරම්භ කර ඒ සඳහාද විශේෂඥ වෛද්‍යවරු අනියුක්ත කර ඇති නමුත් හෘද සැත්කම් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම එම රෝහල්වල මෙතෙක් සැත්කම් ආරම්භ කර නැති බව පෙන්වා දෙන වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අවධාරණය කරන්නේ ලංකාවේ වසරකට වැඩිම සැත්කම් ප්‍රමාණයක් සිදුකළ කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සංකීර්ණ දෙකම වසා දමා ඇති පසුබිමක මුදල් ගෙවා සැත්කම් සිදු කරගැනීමට නොහැකි රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට ලක්ව ඇති බවත් ය.

මේ හේතුව නිසා හෘද රෝගීන් පොරොත්තු ලේඛනවල සිටියදීම මියයන ඛෙදනීය තත්වක් උදා වී ඇති බවද ඔහු අවධාරණය කරයි.

මේ සිදු වෙමින් තිබෙන්නේ කාලයක සිට පිඹුරුපත් සකස් කරමින් පැමිණි සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ එක් පියවරක් බව සඳහන් කරන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අලුත්වැඩියාවකට යැයි පවසමින් මාස 20කට වැඩි කාලයක් මෙසේ ශල්‍යාගාර වසා දැමීමට එරෙහිව සහ අනෙකුත් ශල්‍ය ඒකක සඳහා අවශ්‍ය පහසුකම් ලබා නොදීමට එරෙහිව රෝගීන් සමග එක්ව වෘත්තීමය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණය වන බවත් ය.

Leave A Reply

Your email address will not be published.