ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ විසින් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරු කරමින් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කර දේශපාලන ව්‍යාකූලත්වයට විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් එහිදී බල කර සිට ඇති අතර මෙම විරෝධතාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරිකයින්ද සිය සහයෝගය ලබා දී තිබුණු බව සඳහන් වේ.
ව්‍යවස්ථා විරෝධීව ජනාධිපතිවරයා ගත් තීන්දුව වහා හකුළා ගත යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත.