topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලිංගික හිංසනයට එරෙහිව ලොව පුරා කාන්තාවෝ විරෝධතා ව්‍යාපාරයකට.

 

Rajini Vaidyanathan

සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී සහ ඇතැම්විට සිය නිවසේදීම ලිංගික හිංසනයට ලක්වීම ලොව පුරා විවිධ රටවල වෙසෙන කාන්තාවෝ දිනපතාම මුහුණ දෙන ඉතා කටුක අත්දැකීමකි.

වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් සමාජවල වෙසෙන අනාරක්ෂිත කාන්තාවන් පමණක් නොවේ; සංවර්ධිත රටවල වෙසෙන සහ ප්‍රසිද්ධ සහ ඉහළ තනතුරු දරන කාන්තාවෝ ද බොහෝ විට එවැනි හිරිහැරවලට ලක්වෙති.

ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන මාලාවක් පිළිබඳව හොලිවුඩ් පුරවරයේ බලගතු නිෂ්පාදකවරයෙකු වන හාවි වයින්ස්ටීන්ට එරෙහිව දිනෙන් දිනම එල්ලවෙමින් පවතින බරපතල චෝදනා ඒ පිළිබඳ අලුත්ම උදාහරණයය.

මේ තත්වය යටතේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ #MeTooහෑෂ්ටෑගය යොදාගනිමින් තමන්ට විඳින්නට සිදු වූ ලිංගික අතවර පිළිබඳව හෙළි කිරීමේ ‘විරෝධතා ව්‍යාපාරයක්’ ආරම්භ කර තිබේ.

ලිංගික හිංසනය: “අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න”

ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ එම හෑෂ්ටෑගය යොදා ගනිමින් මේ මොහොතේත් සිය කටුක අත්දැකීම් හෙළිකරමින් සිටිති. ලිංගික හිංසනය පිළිබඳ සිය අත්දැකීම හෙළිකරන්නේ මෙලෙසය.

“එතකොට මට අවුරුදු 25 ක් විතර ඇති,” ඇය සිය මතකය අවදි කරයි.

“වාර්තාවක් ඉවර කරලා, අපි නිව්යෝක් නුවර ඉතාලි භෝජන ශාලාවක ආහාර ගනිමින් හිටියා. වැඩේ ඉවරවෙලා අපේ කණ්ඩායමේ හැමෝම වගේ අපාහු ගියා. මාත් එක්ක හිටියේ එක්කෙනෙක් විතරයි.”

ඔවුන් පැමිණ සිටියේ එහි පැවති රිපබ්ලිකන් පක්ෂයේ වාර්ෂික සමුළුව වාර්තා කිරීම සඳහාය. රාජිනී එම කණ්ඩායමේ තරුණ නිෂ්පාදකවරියක විය.

භෝජනාකාරයේ ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාරය ගන්නා අතරවාරයේ ඔහු පැවසූ දෙයකින් ඇය කම්පනයට පත්විය. “මට හිතාගන්න බැරි තරම් මම ඔයා ගැන ලිංගිකව ආකර්ෂණය වෙලා. මට ඔයා ගැන නොහිතෙන වෙලාවක් නෑ,” ඔහු පැවසීය.

ඒ මොහොතේ තමන් අනුභව කරමින් සිටි ‘ස්පැගටි’ ද සමග සිය අතේ තිබූ ගෑරුප්පුව බිම වැටුන බව රාජිනී වෛද්‍යනාතන් පවසයි.

“කෝච්චියේදී දවසක් මිනිහෙක් මගේ බඩටත් පහළින් අත තියාගෙන”

“එයා මට වඩා දෙගුණයක් විතර වැඩිමල් කෙනෙක්. අපි බොහොම ගරු කරන කෙනෙක්. අනික එයාට පෙම්වතියකුත් ඉන්නවා.”

සේවා ස්ථානයේ දී බොහෝ පුරුෂාධිපතිවාදී හැසිරීම්වලට ගොදුරු වී තිබුණ ද එවැනි සෘජු හිරිහැරයකට ඊට කලින් තමන් මුහුණ දී නොතිබූන බව ද බීබීසී වාර්තාකාරිය පවසයි.

ඒ සංවාදය පිළිබඳව මහත් පිළිකුලක් දැනුන ද, ලිංගික හිරිහැරයක් පිළිබඳව පැමිණිලි කළ හැකි මට්ටමේ කිසිවක් ඔහු පැවසුවේ දැයි එදා තමන්ට පැහැදිලි හැඟීමක් නොතිබුන බව පවසන රාජිනී වෛද්‍යනාතන්, විශේෂයෙන්ම හාවි වයින්ස්ටීන් සම්බන්ධ හොලිවුඩ් පුරවරයේ ලිංගික හිංසන ආන්දෝලනයත් සමගම බලගතු පුරුෂයන්ගේ අධිපතිවාදී හැසිරීම ගැන මෙන්ම පිළිගත හැකි සහ පිළිගත නොහැකි හැසිරීම් කවරක් දැයි යන්න පිළිබඳව පුළුල් සංවාදයක් මතු වී තිබෙන බවත් පෙන්වා දෙයි.

කිසිවකු ලිංගික හිංසනයක් කළ බව සැලකෙන්නේ ඔහු ඔබේ ශරීරය ස්පර්ශ කළේ නම් පමණක් ද? ඒ පුද්ගලයා ඔබේ මිතුරෙක් නම් එවිට මතු වෙන තත්වය කුමක්ද? එවිට එහි අවසානය කවරක්ද? යනාදී ප්‍රශ්න වැලක් එහිදී මතුවන බවත් ඇය පවසයි.

කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින්

පොදු ප්‍රවාහන සේවාවල දී ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන වේදනාබර අත්දැකීම් ඇසුරෙන්පසුගියදා විශේෂ වාර්තාවක් පළ කළේය.

“හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා,” එක් තරුණියක් දැඩි අසරණ ස්වරයකින් සිය අත්දැකීම විස්තර කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන නමුත් ලිංගික හිංසනය යනු දඬුවම් කළ හැකි වරදක් යයි බොහෝ දෙනා නොදන්නා බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා වාර්තා කළේය.

ප්‍රසිද්ධ ස්ථානවලදී පමණක් නොව අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ‘සයිබර් බුලින්’ (Cyber bulling) තරුණ කාන්තාවන් වර්තමානයේ මුහුණ දෙන තවත් බරපතල ලිංගික හිංසනයකි.

සමීක්ෂණ වාර්තාවImage copyrightUNFPA

බ්‍රිතාන්‍යයේ ද පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව පසුගියදා අනාවරණය කෙරිණ.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඡායාරූප ශිල්පිනී එලීසා හැච් මහමග දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන්නීය.

එවැනි අත්දැකීම් සහිත කාන්තාවන් සිය කැමරා කාචයට හසු කර ගනිමින් ‘Cheer Up Luv‘ නමැති ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය දියත්කරන ඡායාරූප ශිල්පිනී එලීසා හැච් පිළිබඳ  විශේෂ වාර්තාවක් පළ කළේය.

(BBC ඇසුරිණි-රංසිකා සංජීවනී)

Leave A Reply

Your email address will not be published.