topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ළමා රෝගීන් වෙනුවෙන් නව රෝහල් සංකීර්ණ 04 ක්..

Rajitha_Senarathne

මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ තිබුනේ ළමා රෝහල් 01 බවත්,  කරාපිටිය, කලුතර, රාගම සහ යාපනය යන රෝහල්වලට ඒකාබද්ධව ළමා රෝහල් 04 ක් ඉදිකරන බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටී. අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම සදහා බිලියන ගණනාවක් වැය කරනවා. රුපියල් මිලියන 1200 ක වියදමින් ඉදිකරන වකුගඩු ඒකකය අප්‍රේල් මාසයේ විවෘත කරනවා. දන්ත වෛද්‍ය ඒකකය සදහා රුපියල් මිලියන 40 ක් ද, හෘද රෝග ඒකකය සදහා රුපියල් මිලියන 20 ක් ද, පිළිකා රෝග ප්‍රතිකාර මාධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන 500 ක් ද, ශල්‍ය සහ වෛද්‍ය වාට්ටු සංකිරණය සදහා රුපියල් මිලියන 1500 ක් ද, ළමා රෝග වාට්ටු සංකීරණය සදහා රුපියල් මිලියන 1587 ක් ද, වැය කරනවා. දකුණූ පළාතේ තිබෙන ප්‍රධානතම ශික්ෂණ රෝහල ලෙස කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ තිබුනේ ළමා රෝහල් 01 කි. නමුත් කරාපිටිය, කලුතර, රාගම සහ යාපනය යන රෝහල්වලට ඒකාබද්ධව ළමා රෝහල් 04 ක් ඉදිකරනවා. හදිසි ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන 24 ක් ඉදිකරන අතර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 148 ක් ස්ථාපිත කරනවා.

වත්මන් රජය සෞඛ්‍යට සහ අධ්‍යාපනයට වැඩි වශයෙන් මුදල් ලබාදෙනවා. මාතෘ හා ළමා මරණ අවම දකුණූ ආසියානු කළාපයේ එකම රට ශ්‍රී ලංකාවයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා. ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙල සියයට සියයක් සාර්ථකව සිදු කරනවා. යුද්ධය පැවැති කාලයේ පවා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙල සාර්ථකව සිදු වුනා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩිදියුණූ කරමින් සුවනාරි සහ සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග පරීක්ෂණ සේවාවන් ආරම්භ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය එම මධ්‍යස්ථාන නිරික්ෂණය කර ප්‍රකාශ කළේ එය ලොවටම ආදර්ශයක් බවයි. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල ද ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙල තුලින් රෝගීන් 06 දෙනෙකුට එක් අයෙකු ලෙස මියයන සංඛ්‍යාව අවම වී ඇතැයි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.

දිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සහ අක්ෂි කාච සැත්කම් සදහා ලක්ෂ 12 ක සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට රජය විසින් නොමිලේ අක්ෂි කාච 80,000 ක් රෝහල්වලට ලබාදී සැත්කම් සිදු කර තිබෙනවා. 2018 වසරේ නොමිලේ අක්ෂි කාච ලබාදීම ලක්ෂ එකහමාර දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන් පසු පොරොත්තු ලේඛණය අවසන් කිරීම සදහා පස්වරු 4.00 න් පසු ශල්‍ය කර්ම සිදු කිරීමට පියවර ගන්නවා. රජය සෞඛ්‍ය සදහා දරන වියදම ඉතාම අධිකයි. අයවැයෙන් රුපියල් බිලියන 235 ක් සෞඛ්‍ය සේවාවට වෙන් කර තිබෙනවා. ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තවත් බිලියන 100 පමණ සෞඛ්‍ය සේවාවන් දිවයින පුරා සිදු කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.