topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර වංචාව ආරම්භ වෙන්නේ 2008 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදියි – ඇමතිනි තලතා අතුකෝරළ කියයි.

Thalatha_Athukorala

බැඳුම්කර වංචාව ආරම්භ වී ඇත්තේ 2008 මහින්ද රාජපක්ෂ රජය සමයේ බවත්, එවැනි වංචා දූෂණවලට සම්බන්ධ වූ සෑම අයෙකුටම තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ පවසා සිටී. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බලංගොඩ, ඉඹුල්පේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරිප්පු කිලෝ එකකවත්, සීනි කිලෝ එකකවත් මිළ දන්නේ නෑ. දැන් කියනවා පරිප්පු මිළ වැඩියි සීනි මිළ වැඩියි කියලා. එයාට අමතකයි එයාගේ කාලේ පරිප්පුවල සීනිවල මිළ කීයද කියලා. ඩීසල්, පෙට්ට‍්‍රල්, ගෑස්වල මිළ අමතක වෙලා තියෙනවා. එහෙම මනුස්සයෙක් තමයි දැන් අපිට චෝදනා කරන්නේ. පොල් මිළ වැඩියි කියලා කෑ ගහනවා. පොල් මිළ වැඩිවෙන්න හේතු වුණේ පැවති අයහපත් කාලගුණය. අපි රට හරි මාර්ගයක ගෙනියනකොට ඒක දරාගන්න බැරි බංකොලොත් ඒකාබද්ධ හොර නඩය ඒ වගේ චෝදනා කරනවා. රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි රාජ්‍ය දේපළ හිතූ හිතූ හැටියට නාස්ති කළා මේ අයගේ බූදලයක් කියලා හිතාගෙන. මහ මිනිස්සු එහෙම හොරකම් කරනකොට ගමේ ඉන්න ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රත් හොරකම් කලා.

අද මේ රටේ නිදහස් මැතිවරණයක් කරන්න අවස්ථාව උදා කරලා දුන්නේ අපේ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් පින් සිද්ධ වෙන්න. අද මැතිවරණ නීති හරියට බලන්නේ විපක්ෂයටත් වඩා ආණ්ඩුවේ අයගේ. ස්වාධීන මැතිවරණ කොමිසම අකුරටම ඒ වැඩේ කරගෙන යනවා. ආණ්ඩු පක්ෂය කියලා අපිට විශේෂ වරප‍්‍රසාද දීලා නෑ. ඒ නිසා මේ වගේ නිදහසක් භුක්ති විඳලා තමන් කැමති පක්ෂයකට ඡන්දය දෙන්න ජනතාවට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ මිනිස්සු මොකට ඡන්දය දුන්නත් පොහොට්ටුවට නම් ඡන්දේ දෙන්න එපා. ඒ අය උත්සහ කරන්නේ තමන්ට නැතිවුණ බලය නැවත අරන් නැවතත් රාජපක්ෂවරු බලයට ගේන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා උත්සහ කරන්නේ තමන්ගෙන් පස්සේ නාමල් රාජපක්ෂට නායකත්වය ලබාදෙන්න. ඒ අයගේ තියෙන්නේ පවුල් වාදයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට බිහිවුණේ නායකයින් තුන්දෙනෙක් විතරයි. හැබැයි එක්සත් ජාතික පක්ෂය නායකයින් 7ක් බිහිකළා. ඒ කවුරුත් තාත්තගෙන් පස්සේ පුතාට නායකත්වය ගත්ත අය නෙවෙයි. ඒකයි එක්සත් ජාතික පක්ෂයේ වෙනස. අද මේ රටේ අහිංසක පවුලකින් ආපු වැදගත් ග‍්‍රාම සේවක වෘත්තියක් කරපු මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා නායකයා වීම රාජපක්ෂලාට දරාගන්න බැරිවෙලා  තියෙනවා.

කවුරුහරි කියනවා නම් පෙබරවාරි 10න් පස්සේ මේ රටේ බල පෙරලියක් වෙනවා කියලා ඒක විහිළුවක්. පෙබරවාරි 10න් පස්සෙත් මේ රටේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාත්, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාත් තමයි. මේ ආණ්ඩුව කිසිම කරදරයක් නැතුව 2020 වෙනකම් කරගෙන යනවා. පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අවුරුදු 20ක් කාපු රට අවුරුදු දෙක හමාරෙන් හදන්න බෑ. ඒක තේරුම් ගන්න  ඕනි. මේ රටේ මුදල් තියෙන අමාත්‍යංශ තියෙන්නේ අගමැතිතුමාගේ අතේ. එතුමා දන්නවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන හැටි. ඒ නිසා තමයි සමහරු අගමැතිතුමා හොරෙක් කරන්න උත්සහ කරන්නේ. අගමැතිතුමාලා හොරකම් කරපු පවුල්වල අය නෙවෙයි. තියෙනදේත් ජනතාවට දීලා ජනතාව වෙනුවෙන් වැඩකරපු මිනිස්සු. බැඳුම්කරය කියලා චෝදනාවක් දාගෙන අගමැතිතුමාට මඩගහන්න හදන්නේ ඒකයි. මේවා අද ඊයේ කරපු දේවල් නෙවෙයි. 2008 රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඉඳන් කරපු දේවල්. අපි ඒවත් හොයනවා. වරදක් කරලා තියෙනවා නම් කාට වුණත් පක්ෂ පාට භේදයකින් තොරව තරාතිරම නොබලා දඩුවම් දෙනවා”,

යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.