මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අද සවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබේ. සාමාන්‍යයෙන් බදාදා පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇතත් 20 වන සංශෝධනය හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙම හදිසි කැබ්නට් හමුව කැඳවා ඇති බව වාර්තා වේ.
මීට අමතරව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද අද සවස 6.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.