topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දූෂිත,දේශපාලනීකරණය කරන ලද කොවිඩ් එන්නත්කරනය වසංගතය පාලනයට බරපතල බාධාවක්.

දූෂිත, දේශපාලනීකරණය කරන ලද කොවිඩ් එන්නත්කරන ක්‍රියාවලිය වසංගතය පාලනයට බරපතල බාධාවක්.

එන්නත්කරනය මුල්කොටගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර ගැටුම් ඇතිවීමට ඉඩදී බලා සිටීමේ සහ වෛද්‍යවරුන් අපකීර්තියට පත්කිරීමේ ආණ්ඩුවේ වගකීම් විරහිතභාවය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

සියලූම #කොවිඩ් මර්දන මූලධර්ම අනුගමනය කරමින් සති 4-6 ක් ඇතුලත මෙම වසංගතය රටින් තුරන් කළ හැකිව තිබියදී පසුගිය කාලයේදී ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා අද වන විට රටේ ජන ජීවිතය බරපතල අනතුරකට ඇද දමා තිබේ.

#කොවිඩ් මර්දන මූලධර්මවල එක් ක්‍රමවේදයක් වන්නේ එන්නත්කරණයයි. එන්නත් කිරීමේදී අනුගමනය කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේද සහ ප‍්‍රමුඛතා අනුපිළිවෙලක් ඇත. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවල පැහැදිලිව සඳහන් කර ඇත. අප රටේ ප්‍රජා වෛද්‍ය විද්‍යා සංගමයද ප්‍රමුඛතා අනුපිළිවෙල පිළිබඳව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. නමුත් අද වන විට අප රටේ එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දූෂිත, දේශපාලනීකරණය වූ ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය මගින් එන්නත්කරණයේ අපේක්‍ෂා අරමුණු කරා යාමට නොහැකි වනු ඇත. එසේම එන්නත්කරනය කළ පමණින් වසංගතය පාලනය කළ නොහැකිය. කළ යුතු වන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙලට වඩාත් පාරදෘෂ්‍ය භාවයකින් යුක්තව එන්නත්කරණ වැඩපිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමයි.
 
මේ වන විට රටතුල සිදු කෙරෙන එන්නත්කරන ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය හා සහයෝගිතාව ලබාගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කර නොමැත. මෙම වසංගතය පාලනය කිරීමේදී එන්නත්කරණ ක්‍රියාවලිය සාධාරණව සහ ප්‍රමුඛතා අනුපිළිවෙලකට ක්‍රියාත්මක කළ යුතු සේම එය එසේ සිදුවන බවට ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. එන්නත්කරණයේදී තමන්ගේ වාරය පැමිණෙන තෙක් බලා සිටිය යුතු බවත් මහජනතාවට තේරුම් කර දිය යුතු අතර සෑම පුරවැසියෙකුටම තමන්ට වාරයක් පැමිණෙන බවට විශ්වාසය තහවුරු කළ යුතුය. එසේ නොමැතිව එන්නත් කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දූෂිත ක්‍රියාවලියක් බවට පත්කර මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳදැමීම වසංගතය පාලනය සඳහා දැඩි බාධාවකි. ආණ්ඩුවේ හිතවත් කණ්ඩායම්වලට ප‍්‍රමුඛතා අනුපිළිවෙල උල්ලංඝනය කරමින් එන්නත් කරගැනීමට ඉඩදීමේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව භාරගත යුතුය.


ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අය සමග නිවසේ ජීවත්වන පවුලේ අයට එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවයක් ලැබිය යුතු වන්නේ ඔවුන්ද අවධානම් කණ්ඩායම් වන බැවිනි. ඒ අනුව සෞඛ්‍ය සේවයේ යුතු සියලූ දෙනාගේ පවුල්වල අයට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලැබිය යුතු බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සහ සංගම්වලද පොදු ස්ථාවරයයි. අද වන විට ආණ්ඩුවේ වැරදි එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර බරපතල නොසන්සුන්තාවයක් සහ ගැටුම්කාරී වාතාවරණයක් ඇතිකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. වෛද්‍යවරුන් බරපතල අපකීර්තියකට පත්කර ඇත. මෙවන් බරපතල වසංගතයක් පැතිරී යන මොහොතක කිසිසේත්ම නොකළ යුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර ගැටුම් ඇති කිරීමේත් වෛද්‍යවරුන් අපකීර්තියට පත් කිරීමේත් ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

පසුගිය කාලය තුල මෙම වසංගතය තුරන් කිරීම සඳහා අප සංගමය ඇතුලූ වෛද්‍යවරුන් ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කලද ඒවා නොසලකා කටයුතු කිරීම නිසා රට මෙම තත්වයට පත්වූ බව නොරහසකි. අවසානයේදී අකමැත්තෙන් වුවද වෛද්‍යවරුන් සහ මහජන හඬට කන්දීමට ආණ්ඩුවට සිදුවිය. නමුත් එයට ආණ්ඩුව එතරම් කැමැත්තක් නොදක්වන බව පසුගියදා ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ ප්‍රකාශවලින් පැහැදිලිව පෙනේ. අප රටේ එන්නත් ලබාදිය හැකි සියලූදෙනා හට ඉතා කෙටි කාලයක් තුල එන්නත් ලබාදිය යුතු අතර ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කරමින් පිළිගත හැකි ප‍්‍රමුඛතා අනුපිළිවෙලකට එන්නත් ලබාදිය යුතුයි.

ස්තූතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

Leave A Reply

Your email address will not be published.