කඩවත පොලිස් වසමේ මහර දළුපිටිය මාර්ගයේ ලාල් බෙටින් සෙන්ටර් අසලදී මහර සිට හුණුපිටිය දෙයට ධාවනය ටු යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්කල ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනයකර ගැනිමට නොහැකිව ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරු පැදිය පැදවූ පාසල් සිසුවා මියගොස් ඇත.මරණකරු වයස අවුරුදූ 17 ක් වන හුමාල් දිලන්ත බොතේජු නම් පාසල් සිසුවෙකි.මෙම සිසුවාට රියදුරු බලපත්රයක් තිබී නොමැත. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.