topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේක අපේ රටට නොගැලපෙන ව්‍යාපෘතියක්. පරාජය කළ යුතුමයි .

2016-07-26 08.33.05

ලංකාවේ කොළඹ වරායට යාබදව ඉදිකෙරෙමින් පවතින වරායා නගරයට ප්‍රබල විරෝධී   හඬක්‌ නගන ධීවර සංවිධාන එකමුතුව සමග අපි කථාකරන්නට යෙදුනා. මෙහි පලවන්නේ ධීවර සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරී සාමාජික වික්‍රම ෆොන්සේකා පියතුමා සමග කළ සාකච්චාවයි.

ප්‍රශ්නය :- මොකක්ද මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය කියන්නේ?.

වික්‍රම ෆොන්සේකා පියතුමා. :- පෝර්ට් සීටි ව්‍යාපෘතිය කියන්නේ කොළඹ දකුණු ජැටියේ දකුණට යාබදව ඉදිකෙරෙමින් පවතින හෙක්ටයාර් 269 තරම් ප්‍රමාණයක් මහමුහුද ගොඩකරමින් ඉදිකරන සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගත්ත නගරයක්. අපිට දැනගන්නට ලැබිල තියෙන තොරතුරු වලට අනුව සුපිරි වෙළඳ පොළවල්, සුපිරි හෝටල්, කාර්  රේස් අංගන වැනි දේවල් මේකට අයත් වෙනවා කියල කියනවා.

ප්‍රශ්නය :- ඔබ දන්නා හැටියට ඒකෙ ආරම්භය කොයි තරම් ඈතට දිවෙනවාද?.

වික්‍රම ෆොන්සේකා පියතුමා ;- ලංකාවේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති  සිදුකරන්නේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට සහ සැලැස්මකට අනුව. පහුගිය කාලේ ගෙනාපු රිගේනින් ශ්‍රී ලංකා,  අශ්චර්යමත් ශ්‍රී ලංකාවක් වගේ වචන ඒවාට දීපු ලස්සන දවටන . මේ  සැලැස්මට අනුකූලව 2001 – 2004 රනිල් චන්ද්‍රිකා පාලන කාලයේදී මුලින්ම පෝර්ට් සිටි එකක් ගැන අදහසක් රනිල් වික්‍රමසිංහ එවකට අගමැති විසින් ගෙන එනවා. 2004 දී ඒ ආණ්ඩුව බිඳවැටුනත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ අන්තිම කාලේ නැවත මේක කරලියට එනවා. 2001 – 2004 කාලයේ මේක එන්නේ මැලේසියානු ආධාර ඇතිව කරන්න. නමුත් මහින්දගේ කාලේ මේක ගේන්නේ චීන ආධාර ඇතිව කරන්න. මේකට සම්බන්ධ  වෙන්නේ චයිනා කොමිනිකේෂන් ඇන්ඩ් ක්‍රන්ස්ට්‍රක්සන් කොම්පැනි ( cccc ) කියන එක. මුලින්ම රනිල්ගේ කාලේදී එවකට විපක්ෂේ හිටිය මහින්දලා මේකට විරුද්ධ වෙනවා. ඊට පස්සේ 2014 -2015 ඡන්ද ව්‍යාපාරය කාලේ රනිල් මේකට තදින්ම විරුද්ධ වෙනවා. පෝර්ට් සිටිය  නතර කරණ බවට  ඡන්ද පොරොන්දු දෙනවා. නමුත් බලයට  ඇවිල්ල ටික කාලයකට පස්සේ නැවත මේක පටන් ගන්නවා. ඒ රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව. තවත් අලුත් වටයකින් හෙක්ටයාර් ගානත් වැඩි කරලා. කලින් 233 දැන් 269.

ප්‍රශ්නය ;- මේ ඉදිකෙරෙමින් පවතින පෝර්ට් සිටිය නිසා ධීවර ජනතාවට වෙන හානිය මොකක්ද?.

වික්‍රම ෆොන්සේකා පියතුමා :- මුලින්ම ජනතා විරෝධය නිසා ආණ්ඩුව මේ මෑත කාලයේ කරපු නිසි ක්‍රමවත් බවක් නැති පරිසර අධ්‍යයන වාර්තාවෙන් කියනවා වැලි ඝණ මීටර්  මිලියන 125 ක නිධියක් වරයා නගරයට කිට්ටු    උස්වැටකෙයියාව සහ බසියවත්ත අතර නොගැඹුරු මුහුදේ   තියෙන,  එයින් වැලි ඝණ මීටර්  මිලියන  65 ක් වරාය   නගරයට   ඕනෙකරනවා කියල. වැලි නිධියක් කියන්නේ කොරල් සහ මඩ තැනි සහිත සජීවී කලාපයක්. මාළු බිත්තර දාන්නේ,  බෝවෙන්නේ, ඉස්සෝ කකුළුවෝ බෝවෙන්නේ මේ තැන්වල. මේ නිධියෙන් දෙකෙන් පංගුවක් හෑරුවහම ධීවර කර්මාන්තයට  විශාල පහරක් වදිනවා.  වත්තල සිට කොච්චිකඩේ දක්වා  ධීවර කර්මාන්තය කරණ දහස් ගානක් ධීවරයන්ට තමන්ගේ කර්මාන්තය කරගෙන යාමට අපහසු වෙනවා. මාළු බිම සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. වැලි ගැනීම නිසා ඇතිවෙන වලවල් පිරවීමට ස්වභාවයෙන්ම වෙරල ඛාදනය සිදු වෙනවා. බෝට්ටු තිත්පොළවල් අහිමි වෙනවා. ඉඩ කඩම් අහිමි වෙනවා.   මාළු බෝවීම නතර වෙන නිසා  කිමිදුම් කර්මාන්තය කරණ අයගෙ රැකියා අනතුරේ වැටනවා.  සියට පනහකගේ පමණ තමන්ට උරුම කර්මාන්ත බිඳ  වැටෙනව. නිසි ගණනය කිරීමක් නැති  නිසා ඊට  වැඩි  වෙන්නත්  පුළුවන්. ඊටත් එහා ගිය තවත් පරිසර හානි බොහොමයක් සිදුවෙමින් පවතිනවා.

ප්‍රශ්නය :- ඔබ කියන පරිදි ඒ පරිසර හානිය ගැන විග්‍රහ කලොත්.  

වික්‍රම ෆොන්සේකා පියතුමා. :- මං කලිනුත් කීවා සිදුකරන වැලි සංහාරය නිසා සිදුවන  හානිය.  නොගැඹුරු මුහුදට කරණ හානිය. ඊට පස්සේ සිදුවන වෙරළ  ඛාදනය. ප්‍රධාන කාරණයක් තමයි  බසියාවත්ත හා දුන්ගාල්පිටිය අතර ඛාදනය නිසා මීගමු කලපුව මුහුදට හා වීමේ අනතුර. මේ වන විට වෙන්නප්පුව මාරවීල බරුදැල්පොල දක්වා ම මුහුදු තීරුව ඛාදනයට ලක්වෙමින් පවතිනවා. කොච්චර ගල් දාල නවත්තන්නට උත්සාහ කලත් ඒක අතීසාරෙට අබුඬ  ගැහිල්ලක්. අනිත් කාරණය තමයි වරාය නගරයට ඕනෙකරන  ගල් ගැනීම නිසා සිදුවන හානිය. ඝණනය කරලා තිබෙන ආකාරයට  මේකට ඕනෙකරන කලුගල් ප්‍රමාණය ඝණ මීටර් මිලියන 3.7 ක් පමණ. දැනට මේ ගල් ගන්නේ අඩ  තැනි කලාප  වලින් සහ කඳුකරයෙන්. මේ ගල් ගන්නේ ග්‍රිල් ඇන්ඩ බ්ලාස්ට්  ක්‍රමයට නිසා විශාල දෙදරීමක් සිදු වෙනවා.  මේ නිසා රට මැද නාය යාමක් සිදු වෙනවා. අවසානයේ ජීවිත වලින් අහිංසකයන්ට වන්දි ගෙවන්න සිදුවෙනවා. ගල් ප්‍රවාහනයේදී ඇතිවෙන දෙදරීම නිසා මාර්ග දෙපස නිවාස දෙදරුම් කනවා. පරිසර වේදීන් දක්වන ආකාරයට  කැලණි  ගඟ මෝය කට අවට ප්‍රදේශයේ මුහුදු රළවල බලපෑම නිසා ගංගා ජලය බැසයම අවහිර වීමෙන් ගංවතුර තත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. මේ හැම එකකින්ම සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට හානි පැමිණෙන එකයි.

ප්‍රශ්නය :- වරාය නගරය නිසා ඇතිවෙන සමාජ ආර්ථික ප්‍රශ්න  ගැන විග්‍රහයක් කලොත්.

වික්‍රම ෆොන්සේකා පියතුමා :- මේ වරාය නගර ව්‍යාපෘතියට චීන සමාගම ආයෝජනය කරන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3 . නමුත් ලංකා භූමියෙන් වැයකරන ගල් සහ වැලි ප්‍රමානයේ  වටිනාකම ඊට වඩා ගොඩාක් වැඩියි.  නමුත් රටට ලැබෙන ප්‍රතිලාභ   ඉතාමත් අඩුයි. බලවතුන්ට කොමිස් තියේවි. ජනතාවට වාසි නැහැ. වෙරළ  අවට ඉන්න අයට වාසි නැහැ . නාය යාමෙන් හානි වෙන අයට, ගංවතුරෙන් හානි වෙන අයට වාසි නැහැ. ධීවර ආර්ථිකය බිදවැටීමෙන්, ඒ හා බැදුණු අනිකුත් රැකියා බිද වැටීමෙන් විසාල සමාජ ආර්ථික ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිකරනවා. අන්තිමට ගත්තු ණයවලට අපි පොලී ගෙවනවා.

ප්‍රශ්නය :- ලෝකයේ තවත් රටවල් පෝර්ට් සිටි ගොඩනගල තියෙනවා නේද?.

වික්‍රම ෆොන්සේකා පියතුමා :- ඔව්.හැබැයි ඒ ආර්ථික අතින්  දියුණු රටවල්. සිංගප්පුරුව, හොන්කොන්ග්, ඩුබායි වගේ රටවල්.   ඒක පුද්ගල අදායම ඇමරිකානු ඩොලර් 30000 ට වඩා වැඩි  රටවල්.   අපි ඉන්නේ 3500 සීමාවේ. ඉතින් පරතරය කොච්චරද. අපේ රට ණය ආර්ථික රටක්. ඉතින් කොහොමද මේක ලංකාවට ගැලපෙන්නේ. දැන් වෙනකොට ඩුබායි වල වරාය  නගරය අසාර්ථක ව්‍යාපෘතියක් කියල ලෝකෙට ඔප්පු වෙලා තියෙනවා. ඒ ගැන පාර්යේෂන කරපු එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් කියනවා ගොඩනගල අවරුදු දහයක් යනකොට ගොඩකරාට වැඩි බිම් තීරුවක් මුහුදට  සේදිලා ගිහිල්ල කියල. ඉතින් ලංකාවේ අත්දැකීම කොහොම වෙයිද. හදන්නත් කලින් මුහුදු ඛාදනය පටන් අරන්.

ප්‍රශ්නය :- අවසාන වශයෙන් ඔබ යෝජනා කරන්නේ කුමක්ද?.

වික්‍රම ෆොන්සේකා පියතුමා ;- මේක අපේ රටට  නොගැලපෙන ව්‍යාපෘතියක්. ධීවර ජනතාවට හා කැලණි ගඟ  අවට ජනතාවටත්, නාය යාමට ලක්වෙන පළාත් වල ජනතාවටත් කෙලින්ම බලපාන ප්‍රශ්නයක්. දැනටත් මේ තුලින් වෙලා තියෙන විනාශය  බලල වහාම මේ වරාය නගර ව්‍යාපෘතිය නවත්තන්න කියල අපි බොහොම වගකීමෙන් කියනවා. මේ වන විටත් ධීවර සංවිධාන එකමුතුව හැටියට අපි ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තියෙනවා.  ඉදිරියේදීත් විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අපි සුදානමින් ඉන්නවා.

 

 

 

Leave A Reply

Your email address will not be published.