පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක පවසයි.
පුනරුත්ථාපන කොමසාරිස්වරයා සඳහන් කළේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමේ දී සහජීවනයෙන් කටයුතු කළ බවය.
කිසිදු අවස්ථාවක ඔවුන්ගේ ශරීරවලට විෂ එන්නත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් විසින් පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් එම පරීක්ෂය සිදුකළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා සිය යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.