ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පොල  එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන ඇතිබව වාර්ථාවේ.මාධ්‍ය හමුවක් කැදවමින් අනුරුද්ධ පොල්ගම්පල සදහන්කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවක් හෝ මෙතෙක් එළිදක්වා නොමැති බව සදහන් කරන ඔහු නාමයෝජනා පත‍්‍ර කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වන අයුරින් සැකසීම කිසියම් පිරිසකගේ සිත සැනසවීමේ අරමුණින් කළ අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද යන්න ගැන සැකයක් තිබෙන බව ද වැඩිදුරටත් සදහන් කලේ ය.