සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ නිවාස හා දේපළ වලට සාධාරණ විසදුමක් ලබා දීමට රජයට නියෝග කරන ලෙස ඉල්ලා සාලාව ජනතා එකමුතුවත් පීඩාවට පත් ජනතාවත් ගොනු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව 2017/10/30 (සඳුදා) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවීමට නියමිත ඇත.
පිපිරීමෙන් පසු කදවුර අවට දිස්වූ අයුරු.
සුන්බුන් ඉවත් කිරීමෙහි යෙදෙන හමුදා සාමාජිකයින්.
අවි ගබඩාව පුපුරා ගොස් මාස 16 ක කාලයක් ගෙවී ඇති මුත් පිපිරීමෙන් හානිවූ ජනතාවගේ නිවාස, හානී වූ භාන්ඩ, විනාශ වූ රථවාහන,ව්‍යාපාරික අලාභය ඇතුළු කරුණු වලට සාධාරන විසදුමක් අපේක්ෂාවෙන් මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කර ඇත. රජය සතු ආයතනයක් මගින් ජනතාවට සිදු කළ අනර්ථයක් වන මෙම සිදුවීමේදී රජය පාර්ශවයෙන් ජනතාවට සාධාරන හා යුක්ති සහගත විසදුමක් ප්‍රමාණවත්ව නොලැබීම නිසා එම යුක්තිය, සාධාරණය වෙනුවෙන් මෙම ක්‍රියාදාමයට අවතීර්ණය වූ බව සාලාව ජනතා එකමුතුව ප්‍රකාශකරයි . මේ සම්බන්දයෙන් මානව හිමිකම් කොමිසන් සභාවේ විභාග වූ පරීක්ෂණයේදී නිකුත් කළ අතුරු වාර්ථා නිර්දේශ රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක නොකිරීම නිසා ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් අපේක්ෂා කිරීමට සිදුව ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් සාලාව ජනතා එකමුතුව දැනුම්දෙයි.