මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය,ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය,ලංකා සමසමාජ පක්ෂය,දේශවිමුක්ති ජනතා පක්ෂය ඇතුළු පක්ෂ අටක් විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් තමන් වෙත අසාධාරණයක් කල බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග සදහන්කර සිටියි.
පළාත් පාලන ඡන්දය සදහා නාම යෝජනා ලබාදීමේදී තම පක්ෂවලට අඩුවෙන් ලබා දී පොහොට්ටු කණ්ඩායමට වැඩි කෝටාවක් වෙන් කර ඇති බවත් ,ඒ සදහා පුර්ණ මැදිහත්වීම සිදුකරනු ලැබුයේ බැසිල් රාජපක්ෂ බවත්,බැසිල් රාජපක්ෂ මෙසේ තම පක්ෂ සදහා මෙසේ කෙනෙහෙලිකම් කරන්නේ මන්දැයි ඔවුන් මහින්දගෙන් විමසා ඇති බව සදහන්ය.