ප්‍රතිඅපනයන බහළු මෙහෙයුමේදී ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම වරායන් 20 අතරට ගෙන ඒම සඳහා වූ යෝජනා මාලාවක් කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව එම සමුළුවේ සංවිධායක කමිටු සභාපති රොහාන් මාසකෝරාල පවසයි.වැඩි දුරටත් අදහස් දැක්වු කමිටු සභාපති රොහාන් මාසකෝරාලයන්
“කොළඹ වරාය, දකුණු ආසියාවේ ප්‍රතිඅපනයන මෙහෙයුමේ කේන්ද්‍රස්ථානයකි. ලෝකයේ හොඳම වරායන් 30 අතරද කොළඹ වරාය වේ. ඉදිරියේදී කොළඹ වරාය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේද තමන්ට හිමි ස්ථානය රැක ගනිමින් කලාපීය නැව් ගත කරන්නන් සහ නෞකා සමාගම් තෘප්තිමත් කිරීමයි. අලුත් ව්‍යාපාරික අවස්ථා ලබා ගනිමින් දකුණු ආසියාවේ ප්‍රධානතම ප්‍රතිඅපනයන මධ්‍යස්ථානය බවට කොළඹ වරාය පත් කිරීමට නම් එම අභියෝගය ජය ගැනීම අත්‍යවශ්‍ය කරුනක් බවත්
අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයට වරාය, නාවික සහ සමුද්‍රීය ක්ෂේත්රයේ දායකත්වය සියයට 2.5ක්වුවද. එය තෘප්තිමත් විය නොහැකි අගයකි. මේ හේතුවෙන් 2030 වනවිට එම අගය සියයට 6දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවහොත් වරාය, නාවික සහ සමුද්‍රීය ක්ෂේත්රයෙන් තවත් අධියරකට අපට ගමන් කිරීමට හැකි වනු ඇත. එවැනි පරිවර්තනීය වෙනසක් ඇති කිරීම උදෙසා විදේශීය ඍජු ආයෝජනය (FDI) ආකර්ෂණය කිරීමේ අරමුණින් කර්යාල සහ සේවා සැපයුම් ස්ථාන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා අපට අනුගමනය කළ හැකි ප්‍රධානතම උපක්‍රමය වන්නේ කොළඹ වරායට අමතරව සෙසු වරායන්ද සංවර්ධනය කිරීමයි යනුවෙනි.