කථානායක කරූ ජයසූරිය විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි වාර්ථා වේ. අද (30) පෙරවරු 11.00ට මෙසේ රැස්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව කල් දැමීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 126 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව, එම ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විසින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.