එක්සත් ජාතික පක්ෂය අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ, වාරණ නියෝගයක් පනවා ඇතැයි වාර්ථා වේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසකට නිකුත් කළ එම වාරණ නියෝගයට අනුව රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් බවත් මහ ජනතාවට පීඩා වන අයුරින්, උද්ඝෝෂණ පැවැත්වීම හා මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ද මේ යටතේ තහනම් වනු ඇති බව පැවසේ.
කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.
මේ අතර පොලිස් මාද්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර ඇත්තේ, අද දින සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද දින කොළඹ කිසිදු කළහාකාරී සිද්ධියක් නොවන ලෙස උපරිම ආරක්ෂාව යොදවන ලෙස උපදෙස් ලබාදුන් බවයි.