කොළඹ අක්ෂි රෝහල ඇතුළු රටපුරා රෝහල් 10 ක සිදුකරන ‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයේදීද සිදු කිරීමට බෝ නොවන රෝග පිළිබඳව ජාතික සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ අක්ෂි රෝහල, මහනුවර ශික්ෂණ රෝහල,අනුරාධපුරය,රත්නපුරය,කන්තලේ , ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වව්නියාව, නාවලපිටිය යන රෝහල්වල මේ මස 15 වැනිදා සිට සවස 4 න් පසුවද ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට නියමිතය.
සාමාන්‍යයෙන් එක් වෛද්‍යවරයෙක් එක් දිනකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් සිදු කරන නමුත් පොරොත්තු ලේඛනයේ කළමණාකරණය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.