රජයේ වී ගබඩාවලින් වී නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා සිදුව ඇති බරපතල වංචාවන් හා අක්රමිකතාවයන් පිලිබදව වහාම විධිමත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් අමාත්‍ය පි හැරිසන් මහතාගේ නිවෙස හා අමාත්‍යංශය වටලන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
මෙම අවස්ථාවට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය හා ගොවිජන සම්මේලනයේ රැසක් එක්ව සිටියහ.
රටේ පවතින සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සදහා වී අලෙවි මණ්ඩලය සතු වී තොග මුදා හැරීමේ ක්‍රියාවලියේදී බරපතල වංචා හා අක්‍රමිකතා සිදුවෙමින් පවතින බවට තම සම්මේලනය මෙන්ම වී මෝල් හිමියන්ගේ සංගමයද මිට පෙර වරින් වර කළ අනාවරණයන් මේ වනවිට සාධක සහිතව තහවුරුවෙමින් තිබෙන බවත් ඒවා වැලක්වීමට රජය වහාම කඩිනම් පියවර ගතයුතු බවත් එසේ නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් මෙහිදී නාමල් කරුණාරත්න පැවසිය.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා 29 වෙනි දින හමුවූ අවස්ථාවේ වංචා හා අක්‍රමිකතා නොපිළිගත් බවත් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, විෂයභාර අමාත්‍යවරයාගේ නියෝජිතයින්ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයකින් විනිවිදභාවයකින් රජයේ වී තොග විකිණීමට පිරිස් තෝරා ගත් බව ප්‍රකාශ කළත් මේ වනවිට ආණ්ඩුවේම ඇතැම් පිරිස් හා ජනාධිපතිගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාද කර ඇති ප්‍රකාශවලින් බරපතල අක්රකමිකතාවයන් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇති තත්වය තුළ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවද කිය.
රටේ නියගයක් ඇති බවට ඇති කරන සමාජ මතය සාවද්‍ය බවද ඇත්තේ වියලි කාලගුණයක් පමණක් බවත් එවැනි බිල්ලෙක් මවාපා සහල් මිල වැඩිකර පාරිභෝගිකයා සුරාකෑමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට ඉඩ සලසමින් සිටින බවත් රජයේ වී ගබඩා තුළ පසුගිය යල හා මාස් කන්නවලදී මිලදී ගත් වී තොග හා පුද්ගලික ව්‍යාපාරිකයින් විසින් මිලදිගෙන ගබඩා කර ඇති වී තොග ලබන වසරේ අගෝස්තු මස දක්වා ප්‍රමාණවත් බවද පෙන්වා දුන නාමල් කරුණාරත්න මහතා ඉතා අඩු මිලට ගොවියාගෙන් මිලදී ගත් වී තොගවලින් ලැබෙන කොමිස් මුදල් හරහා රජයේ ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම වී අලෙවි මණ්ඩලයේ ඇතැම් නිලධාරින්ද මෙය ජාවාරමක් කරගෙන පාරිභෝගිකයා පිඩාවට පත් කරමින් සිටින බවට චෝදනා කළේය
(lanka thruth ඇසුරෙනි)