බැඳුම්කර මගඩිය පිළිබඳව මහ බැංකු අධිපතිවරයාවෙත මීට පෙර ලිපි තුනක් යොමු කර ඇති බවත් එම ලිපි මගින් ශී‍්‍ර ලංකා ඉතිහාසහේ සිදු කරන ලද විශාලතම මගඩිය පිළිබඳව විවිධ කෝණ වලින් තොරතුරු රාශියක් ඔහු වෙත යොමු කර ඇති බවත්. මෙම බැඳුම්කර මගඩිය හරහා සිදුවූ සහ සිදුවෙමින් පවතින අලාභ සහ ආර්ථික හානි අවම කර ගැනීමට සහ එම වංචා වලට වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන්වා ගැනීමට ගත යුතු විවිධ කි‍්‍රයා මාර්ග පිළිබඳවද දැනුම් දුන් බවත් මෙසේ සිදුවන පාඩු සහ අලාභ නතර කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා තෙක්, මහ බැංකු අධිපතිවරයාද මෙම අලාභ වලට වගකිව යුත්තෙක් ලෙස සලකන බවත් මහ බැංකු අධිපතිවරයා නිරන්තරයෙන්ම මෙම වංචනික මගඩිවල නියැලී සිටින අයගේ කි‍්‍රයා මාර්ග වලට විරුද්ධව කටයුතු නොකරමින් ද, ඔවුන් නීතිය ඉදිරියට සහ වගවීමට ඉදිරිපත් වීමෙන් වැළකෙන ලෙස රැකවරණය දෙමින් සිටින බව සඳහන් කරමින් මහ බැංකු අධිපතිවරයා වෙත දුෂණ විරෝධි හඩ ලිපියක් යෙමුකරඇත.