topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔස්ට්‍රේලියාවට බාර ගන්නා සංක්‍රමණිකයන් කපා හැරෙයි.

image
 
ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි. නිව් සවුත් වේල්ස් කලා භවනේදී පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
 
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය.
 
2012-13 වසරේ පටන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 ක උපරිම සීමාවක තබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළේය. ගතවූ කාලය තුළ ඉතිහාසයේ අවම ස්ථිර පදිංචිය ලබා දීම් 2017-18 වර්ෂයේදී සිදුවූ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංක්‍රමණික දත්ත පෙන්වා දෙයි. එම ප්‍රමාණය 163,000 ක් ලෙස වාර්තා වන අතර ඊට නිපුණතා සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුලේ උදවියගේ සංක්‍රමණ අයත්වේ. ලබන වසරේ සිට ඔස්ටෙලියාවේ 190,000 ක් ව පවතින වාර්ෂික සංක්‍රමණික කෝටාව160,000 මට්ටමට අඩු කිරීමට තම රජය අපේක්ෂා කරන බව අගමැති මොරිසන් ඊයේ පැවසීය.
 
පසුගිය දශක දෙක තුළ ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 6 කින් ඉහළ ගොස් ඇති අතර එහි සංක්‍රමණිකයින් ගේ ප්‍රතිශතය 545% ක් බව ද අගමැති මොරිසන් පැහැදිලි කළේය.

Leave A Reply

Your email address will not be published.