ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදුකරන පූර්ණ රුධිර පරීක්‍ෂණ වාර්ථාව පැය 02 ක් ඇතුළත නිකුත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රථිකාර කිරීමට එය වලංගු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
ඇතැම් පෞද්ගලික රෝහල් පූර්ණ රුධිර පරීක්‍ෂණ වාර්ථා නිකුත් කිරීමට පැය 02 කට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පැමිණිලි මත අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙ බව සඳහන් කර ඇත.