topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කඳුළුත් කළු කළ අඳුරු මතකය.. කලු ජූලියට තිස් හතර අවුරුද්දයි..

 

   The memory of the tears that blew away _Black Ju

“ මට ඒ කාලේ බොහෝම සරුයි. හොඳට වෙළඳාම් කළා. අවුරුද්ද 1983. මාසේ ජූලි. කවදාවත් මගේ හිතෙන් මැකෙන්නෙ නෑ ඒ දවස්. වෛරයක් හන්දා නම් නෙමෙයි. මට හරි පුදුම හින්දා එහෙම වුණේ ඇයි කියලා. දන්නවද මට හොඳටම ගහපු, අපේ ගෙවල් පුච්චපු මිනිස්සුම තමයි අන්තිමේදී අපි අසරණ වෙලා ඉන්නකොට බත්මුල් බැඳගෙන අපිව බලන්න ආවේ. මට ඒ වෙලාවේ හරිම පුදුම හිතුණා. මෙහෙම බත්මුල් බැඳගෙන බලන්න එන්න පුළුවන් මිනිස්සු මොන එහෙකට මට ගැහුවාද කියලා.

හේ බළන්ගොඩ කදීර් වේලායුධ ස්වාමි කෝවිලේ කුරුක්කල් ෂන්මුගා සුබ්‍රමනියම්ය. අද ඔහු වයස අවුරුදු 62 ක් වන වියපත් මිනිසෙකි. ජීවිතයේ තමන් මුහුණ දුන් බොහෝ සිදුවීම් දෙස උපේක්ෂා සහගතව බලන්නෙකි. 1983 කළු ජූලියට මුහුණ දෙන්නට සිදුවන විට සශ්‍රීක දිවිපෙවතක් ගතක අසල්වාසී සිංහලයන්ටද උදව් කළ දෙමළෙකි. ජීවිතයේ පශ්චිම යාමයේ ස්නායු අබාධයකින් පෙළෙන නිසා වචන අමුණමින් තමන්ගේ කතාව කියන ඔහු 1983 ජූලි මාසයේ මුහුණ දුන් බියකරු අත්දැකීම් නිසාම ඉන්දියාවට පලාගොස් පිටුවහලේ සිව්වසරක් ගෙවා නැවත මව්බිමට ආවෙකි.

“දෙවියනේ පරම්පරා කීපයක් අවුරුදු සියයකට වඩා අපි මෙහේ උන්නා. අපේ මුත්තා ඉන්දියාවෙන් ආවාට තාත්තා, මම ඉපදුණේ මෙහේ. ඉතිං මේක නෙවෙයිද මගේ මව්ර. කාලේ අපේ බිස්නස් සරුවට තියෙද්දී සිල්ලර වෙළඳාම් කළ සිංහල ඇය හුඟ දෙනෙක් බඩු ගත්තේ අපෙන්. බලංගොඩින් පත්වෙච්ච මුස්ලිම් මන්ත්‍රී අබුසාලි මහත්තයාට පාර්ලිමේන්තු යන්න කාරෙක දුන්නේ අපේ මිනිස්සු. කාලේ වෙන කාටද කාර් තිබ්බේ. ඉතින් මෙ හැම දෙයක්ම සිද්ධ වුණේ ඉරිසියාව නිසා වෙන්න ඇති. මැණික් නිසා අලුතින් සල්ලිකාරයේ වෙච්ච සමහරු මනුස්සකම් අමතක කළා. අපිට ගහපු ඇය එහෙම කළේ උසිගන්නපු නිසා නොදැනුවත්කමට. ඒකයි පස්සේ බලන්න එන්න ඇත්තේ.

ඔහු සුසුමක් හෙලන්නේ දෙමළ හා සිංහල මිනිසුන්ගේද මහත් භක්තියට හා ගෞරවාදරයට පත් කතරගම දෙවිඳුන්ගේ රුව අබියස සිටය. සෝවුරන් මෙන් බැඳී සිටිය යුතු දෙපිරිසකගේ කතාවේ දුක හිතෙන තැන් ගැන සාක්‍ෂිය කතරගම දෙවිඳුන් බවට පත් කරමිනි.

කලු ජූලිය

සිංහලෙන් කළු ජූලියද, දෙමළෙන් කරුප්පු ජුලයි යනුවෙන්ද හැඳින්වෙන හා පොදු අදහසක් දනවන 1983 ජූලි මාසය ආසන්න සමය මෑත ශ්‍රී ලංකාවේ වර්ගවාදී ප්‍රචණ්ඩත්වය ඉතාම බිහිසුණු ලෙස මුදා හරින ලද අවාසනාවන්තම භීම සමය ලෙස හැඳින්විය හැකිය. 1983 ජූලි 23 වන දින දෙමළ විමුක්ති කොටින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමත්, ඔවුනගේ සිරුරු 24 වැනිදා කොළඹට රැගෙන ඒමත් දෙමළ ජනයාට එරෙහි වාර්ගික සංහාරයකට සිංහල ජනයා පෙළඹවීම සඳහා අවස්ථාවාදී දේශපාලනය ලද ස්වර්ණමය අවස්ථාවක් සේ සැලකිය හැකි වේ. එතැන් සිට දිවයිනේ සිංහලයන් බහුතරයක් වෙසෙන කලාපවල දෙමළ ජනයාට පහර දීම, ඝාතනය කිරීම, පදිංචි ස්ථානවලින් පලවා හැරීම, දේපළ විනාශ කිරීම හා මංකොල්ල කෑම සිදුවිය. මෙ සිදුවීම් පිළිබඳ සෑහෙන තරමේ පශ්චාත්තාප වීමක් දේශාපාඥයන් වෙතින් සිදුව නොමැති අතර බිහිසුණු විනාශය පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැත. ආසන්න වශයෙන් 4000 ත් 3000 ත් අතර පිරිසක් ඝාතනය කෙරුණු අතර නිවාස 8000 ක් හා කඩ සාප්පු 5000 ක් විනාෂකොට ලක්‍ෂ එකහමාරක් වත් ජනයා අවතැන්වූවන් බවට පත් කෙරුණි. ඩොලර් මිලියන 300 ක් වත් ආර්ථිකයට අහිමි කෙරුණු අතර මූල්‍ය සවිය තිබුණු දෙමළ ජනයා ආරක්‍ෂාව පතා විදේශයන්ට පළායාමට හා දෙමළ තරුණයන් නිරායාසයෙන් සන්නද්ධ සංවිධානවලට බැඳීමට බල කෙරුණි. අවසානයේ මෙ ජූලිය ශ්‍රී ලංකාවට උදාකර දුන්නේ තිස්වසරක බිහිසුණු යුද්ධයකි. ඉන් බොහෝ සිංහලයන් සේම දමියන්ද මියගොස් ශ්‍රී ලංකාව දශක ගණනාවක් ආපස්සට ගෙන ගියේය.

මල් සුවඳ දෙන මතක

ෂන්මුගා සුබ්‍රමනියම්ට පරම්පරා උරුමයෙන් පේවූ කදීර් වේලායුධ ස්වාමි කෝවිල තුළ ඇත්තේ දෙවියන්ට පිදූ පලතුරු සුවඳ හා මුසුවූ පිච්ච මල් සුවඳය. ඔස්සේ ඔහුට දැනෙන්නේ සශ්‍රීක අතීතයේ සුවඳය. කෝවිලේ ඇති පිත්තල බඳුනක දෙමළෙන් ලියූ සාක්ෂියකට අනුව ඒ 1869 දී පමණ වන්නට ඇත.

“අවුරුදු 140 කට වැඩිය ඉස්සර. සුද්දා මෙ රට පාලනය කරපු කාලේ. වෙළඳාමට ඉන්දියාවෙන් ආපු චෙට්ටියාර්ලා එක්ක අපේ තාත්තගේ තාත්තාත්, කියන්නේ මගේ සීයත් ඇවිත් තිබුණා මෙහාට මෙ බලංගොඩට. එයාලගේ පූජාවලට. ඉතින් සීයා තමයි කෝවිල පටන් ගත්තේ.

චෙට්ටියාර්ලා දක්‍ෂ වෙළෙන්දෝය. සුද්දන්ගේ වතුවල කම්කරුවන්ට හාල්, පිටි, සීනි වික්කෝ ඔවුහුය. රේල් පාර හැදුණු පසුව කෝච්චියෙන් ඕපනායකට රැගෙන එන බඩු මුට්ටු ගල් ටයර සවිකළ කරත්තවලින් උඩහ බලංගොඩ පැත්තට ඇද්දෝ ඔවුහුය.

“චෙට්ටියාර්ලා වෙනුවෙන් කෝවිල හැදුණට සීයාගේ කාලෙත්, මගේ තාත්තගේ කාලෙත් ගොඩක් සිංහල මිනිස්සු කෝවිලට ආවා. අදත් සීයට අනූවක් එන්නේ සිංහල මිනිස්සු. උදවිය කතරගම ස්වාමිට ගොඩක් ගරු කරනවා. 83 අපිට ගැහුවට, කඩ පිච්චුවාට දේවාලෙට හිරිහැරයක් කළේ නෑ.

ෂන්මුගා සුබ්‍රමනියම්ගේ පරම්පරාව ලංකාවට කැඳවාගෙන චෙට්ටියාර්ලට 1956 දී යළි ඉන්දියාවට යන්නට සිදුවන්නේය. රටේ ඇති වූ දේශපාලන මුල් කරගත් විපර්යාස නිසාය. එහෙත් ෂන්මුගාගේ අප්පාට තම දූ දරුවන්, සෝවුරන් කැටුව ඉන්දියාවට යන්නට නොසිතෙන්නේය. මේ තමන්ගේ මාතෘ භූමිය යැයි ඔහු ඒ වනවිට දැඩිව විශ්වාස කරමින් සිටි නිසාය. මිනිසෙකුගේ මව්බිම වන්නේ තමන් උපන් බිම වන බව ඔහු සිතු නිසාය.

“ඉතින් චෙට්ටියාර්ලා යන්න ගියේ දේපල අපේ තාත්තාට දීලා. ඒවා අයිති වුණේ අපට. ලොරි 11 ක් විතර. බස්, කාර් එකක්. ව්‍යාපාර හැමදේම. අසූතුනේ කලබලවලදී පුච්චලා විනාශ කළේ ඒවා. ගිනි තියන්න ආවේ අපි දන්න අය. පහුවදා බත්මුල් බැඳගෙන අපිව බලන්න ආවෙත් එයාලම තමයි.

ෂන්මුගා සුබ්‍රමනියම් පුදුම වන්නේ එහෙයිනි.

“කළු ජූලියට කලින් වාහන තිබ්බ අපිට අද මොකක්වත් නැතිව පයින් යන්න වෙලා තියෙනවා. එදා අපිට පහර දුන්න සමහර අය වෙළඳාමට බඩු ගත්තේ අපෙන්. සල්ලි ණයට ගත්තේ අපෙන්. ඒගොල්ලේ දන්නෙත් නෑ ඇයි අපිට ගැහුවේ කියලා. වැරදි දේශපාලනය නේද?” අන්තිමේදී ඔහු විමසන්නේය. කෙසේ වෙතත් අදටත් ඒ කාටවත් දොස් කියන්නේ නැතැයි කියන ඔහු උදව්වක් ඉල්ලන වෙලාවක ඉදිරිපත් වන්නට තරම් වේදනාවන් යටපත් කර ඇත්තේය. තමන් වෙනුවෙන් කතරගම දෙවියන් යදින්නට අද ඔහු සොයා එන ඇතැම්හුද එදා මෙ වේදනාව උරුමකර දෙන්නට හවුල් වූවෝය. ඔවුන් ඉදිරියේද ෂන්මුගා නිහඬව සිටින්නේ සියල්ලේ භාරකරුවා දෙවියන් බව සලකාය.

මනුස්සකම්

ෂන්මුගා සුබ්‍රමනියම් පීඩාවන් සේම පීඩකයන්ද අමතක කර ඇත්තේය. නිමාවක් අවශ්‍ය වන නිසාය. ඔහු තරයේ විශ්වාස කරන්නේ එදා සිදුවීම් අවස්ථාවාදී දේශපාලඥයන් හා ඉරිසියාකාරයන් මෙහෙයවන ලද ඒවා බවය. බොහෝ දෙනෙකු අවිඥානිකව පීඩකයන් බවට පරිවර්තනය වූ බවය. නිසා සමාව දීම හා සහෝදරත්වය මුදා හැරීම කළ යුතුය. එහෙත් අන්තවාද හා අවස්ථාවාදය කෙළවර වී නොමැත. එබැවින් අනාගතයේදී මනුස්සකම මත අඳුරු සෙවණැලි පතිත විය හැකිය.

“දැන් ඔය සමහරු අලුතෙන් පෙන්නන්න හදන ඉතිහාසය බොහොම භයානකයි. අය අතීතයේ තිබුණු හොඳ , එතකොට සහජීවනය අමතක කරන්න බල කරනවා. දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙන් එළාර රජ්ජුරුවෝ පරාජය කරලා මරලා දැම්මා. හැබැයි එයා දැනන් හිටියා එළාර රජ්ජුරුවන්ගේ හොඳ ගතිගුණ තිබ්බා කියලා. නිසා සොහොනක් බැඳලා නියෝ කළා එතැනින් යන අය රථ වාහනවලින් බැහැලා ගරුසරු දක්වලා යන්න කියලා. ඒත් අද ඒ විදිහට හිතෙන්නේ නෑ. දවසක සිංහල අයම කියාවි මහා වංශයේ තියෙන මේ කතා බොරු කියලා. නිදහස් සටනේදී පොන්නම්බලම් රාමනාදන් මහත්තයා කරපු දේවල් ගැන අද කතා කරන්නේ නෑ.

අතීතයේ අමිහිරි මකා දමන අතරතුර අමතක නොකළ යුත්තේ කුමක්දැයි ෂන්මුගා සුබ්‍රමනියම් පැහැදිළි කරයි.

“මෙ මගේ ර. සිංහල අයත් එක්ක මං ඉන්නේ. හැම ප්‍රශ්නෙකටම හේතුව වෙන එකක්. මං හිතන්නේ නෑ ප්‍රභාකරන් වගේ කෙනෙක් එක්කවත් පොඩි මිනිහාට යහපතක් වෙන්න තිබ්බා කියලා. මනුස්සකම එක්ක මෙ දිහාව බලන්න ඕනෑ.” හෙතෙම සමාජයට පණිවිඩයක් දෙයි. පණිවිඩය පිළිගන්නා අය මනුස්සකම අබියස වර්ගවාදයේ ලේබල ගැලවිය යුතුය.

83 කළු ජූලියෙන් බැට කෑ හපුතලේ බ්ලැක්වුඩ්හි දමිළයෙකු සංවේදීව කී කතාවක් මෙසේය. ඔහු දෙමළෙකු වීම නිසා නොසෑහෙන්න ගුටි කෑවේය. බැණුම් ඇසුවේය. අන්තිමේදී සාහසිකයෝ ඔහුගේ එළුවාද මරාගෙන කෑහ. කවදාවත් ඒ සිදුවීම අමතක නොකළ ඔහු මෙසේ විමසන්නේය.

“හරි මං දෙමළා නිසා මට ගැහුවා කියමුකෝ. ඒත් මගේ අහිංසක එළුවා මරාගෙන කෑවේ ඌත් දෙමළද?

ප්‍රශ්නයට උත්තර දීමට වඩා පහසු සරුංගලේ චිත්‍රපටියේ නඩරාජා මහත්තයා කී කතාවක් පුනරුච්ඡාරණය කිරීමය.

“ඩර්ටි පොලිටික්ස්

(රාවය)

Leave A Reply

Your email address will not be published.