topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආසියාවේ හොදම තොරතුරු දැනගැනීමේ පනත ගැන නියෝජ්‍ය ඇමති මනුෂ කියයි.

Munusha

ආසියාවේ හොදම තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත් මාධ්‍යවේදීන්ගේ මූල්‍යාශ්‍ර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටී. ගාල්ල මහින්ද විද්‍යාලයේ අභිමන 2018 මාධ්‍ය දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා,

මට කතාවක් පවත්වන්න කියලා ආරාධනා කරපු පුතා මාධ්‍ය ගැන ටිකක් කතා කරන්න කියලා කිව්වා. මාධ්‍ය දිනයට ඇවිත් මාධ්‍ය  ගැන කතා නොකර වෙන මෙනවා ගැන කතා කරන්නද? වෙලාවට පාසල්වල උත්සවලට ඇවිත් අපේ අය කියන කරන දේවල් දැක්කම මේ පුතා කියපු දේ හරි කියාලා තේරුණා. තැනකට ගියොත් ඒ තැන ඉන්න ඕන විදිය, එතැන කතා කරන්න ඕන විදිය මහින්දය අපිට කියලා දීලා තියෙනවා. මහින්දයේ ජනමාධ්‍යෙව්දියෙක් විදියට එළියට ගිහින් තැන රැකගෙන ඉන්න පුලුවන් වුනේ මේ නිසයි.

මීට අවුරුදු විසි දෙකකට විසි තුනකට කලින් පාසලෙන් ඉවත් වන විට මාධ්‍ය දින කිහිපයක් පැවැත්වුවා. පාසල් මාධ්‍යකරණය තුළ මුල් වරට පුවත්පතක් බිහි කළේ මහින්ද විද්‍යාලයෙන්. මහින්දෝදය, පබළු කියන පුවත්පත් ආරම්භ කළේ මහින්ද විද්‍යාලයෙන්. අපි ජනමාධ්‍යකවය 1992 වසරේදී මෑත කාලීනව ආරම්භ කළා. අපි මාධ්‍ය දින සංවිධානය කරලා අද වන විට මාධ්‍ය උපහාර ලබාදෙන තැනකට ඇවිත් තිබෙනවා. මහින්ද විද්‍යාලයීයේ ඕල්කට් ශාලාවේදී මාධ්‍ය දින පැවැත්වුවා. වෙනත් දින පැවැත්වූවා. සංගීතය ඕන වුනාම ගිටාර් එකක් අරගෙන, තබ්ලා එකක් අරගෙන සංගීතය ලබාගත්තා. මේ පැත්තේ තියෙන ශබ්ද විකාශන දෙන අය ළගට ගිහින් අවශ්‍ය ශබ්ද විකාශන ලබාගත්තා. මේ අවුරුදු විස්ස දිහා බලන වට අද වෙනකොට මේ දරුවන් විශාල ලෙස ඩිජිටල්කරණයකට ලක්වෙලා තිබෙනවා. මාධ්‍යෙය් පරිවර්තනයත් මේ වගේ වෙනස් තිබෙනවා. මේ ඇතිවී තිබෙන වෙනස හොදද නරකද කියලා බලන්න වෙනවා. අලුත් පරම්පරාවේ කට්ටිය කරන දේ ගැන පරම්පරාවේ අයට එතරම් රුචි නෑ. හැබැයි අලුත් පරම්පරාවේ අය කරන දේවල් හරිම නූතනයි.

දරුවන් විදියට මාධ්‍ය සම්බන්ධයෙන් කිසියම් විවේචනයක් තිබෙන නිසා තමයි හොද මාධ්‍යවේදීන් බිහි කරන්න ඕන කියලා කියන්නේ. එදා අපි ගුවන්විදුලියෙන් අහපු එච්.එම්. ගුණසේකර මහතාගේ වැනි හඩවල් අද ඔබ අහන්නේ නෑ. ඒත් ඔබලාට දැන් තිබෙන තත්වයන් ගැන කිසියම් විවේචනයන් තිබෙනවා. අපි මාධ්‍ය දිනවලට ගියාම වේදිකාවේ කරන යම් යම් උපහාසාත්මක නාට්‍යවලින් පෙන්වන්නේ අපේ එෆ්.එම්. නාලිකාවල සිටින තරුණ තරුණියන්ගේ කතා තමයි. රූපවාහිනියේ ඉස්සහර දකින දේ උපහාසාත්මකව ඉදිරිපත් කරන්නේ මේ සම්බන්ධයෙන් යම් විවේචනයක් පාසල් මාධ්‍යකරණයේ යෙදෙන දරුවන්ට තිබෙන නිසයි. අපේ මේ දරු පරපුර බුද්ධිමත් නිසා තමයි ඒ දෙස විවේචනාත්මකව බලන්නේ.  අද මාධ්‍යයේ අපි දකින අපිට නොගැලපෙන දේ වෙනස් කිරීම තමයි මේ දරුවන්ගේ අරමුණ විය යුත්තේ.

මාධ්‍ය වෙනස් කිරීමට හිතාගෙන මාධ්‍ය ඇතුළට ගියාම ඒ ඒ ආයතනවල තිබෙන ව්‍යාපාරික, දේශපාලනික අරමුණු එක්ක ඒ දේවල් බලාපොරොත්තු වෙන තරමින්ම වෙනස් කිරීමට නොහැකි වෙන්න පුලුවන්. සමහර නිවේදකයින් අද කොට කලිසමක් ඇදගෙන ඇවිත් නිවේදනය කරනවා. මේක වෙනසක් තමයි. හැබැයි ඒ වෙනස හොද වෙනසක්ද? නළුවෙක්ට ඒ විදියට රගපාන්න පුලුවන්. හැබැයි නිවේදකයෙක් මේ විදියට හැසිරෙන්න ඕනද කියන ප්‍රශ්ණය අපි හමුවේ තිබෙනවා. කාලයෙන් කාලයට වෙනස් වෙන්න ඕන තමයි. හැබැයි හොද විදියට තමයි අපි වෙනස් වෙන්න ඕන. රොස්මන්ඩ් සේනාරත්න මහත්තයා වගේ අය ඒ කාලේ එක එල්ලේ සිටිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරමින් අපි සාමාන්‍ය කතන භාෂා ව්‍යවහාරයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. හැබැයි අපි කවදාවත් අනවශ්‍ය දේවල් රූපවාහිනිය ඉදිරියේ කියන්න ගියේ නෑ. අපිට එහිදී සංයමයක් තිබුණා. අපි මීළග පරම්පරාවට ආදර්ශමත් විදියට තමයි ඒ වෙනස කළේ.

ජනමාධ්‍ය ජනතාවට ඉදිරියෙන් සිටිය යුතුයි. එසේ නැතිව ජනතාව ඉල්ලන සෑම දේම දෙන්නේ මාධ්‍ය ආයතන නෙමෙයි. ව්‍යාපාරිකයෝ තමයි ජනතාව ඉල්ලන හැම දේම දෙන්නේ. මාධ්‍යයෙන් විහිළු තහළු ඉල්ලන විට ඒවා සෑම විටම ලබාදීම නෙමෙයි මාධ්‍යය කළ යුතු වන්නේ. කුණු රසය අවුස්සන දේවල් ලබාදීම නොවෙයි මාධ්‍යයේ වගකීම වෙන්නේ. මාධ්‍ය කියන්නේ මේ සමාජයේ පෙරගමන්කරුවෙක්. මාධ්‍යවේදියා සමාජයේ ඉදිරියෙන් සිටින අයෙක් විය යුතුයි.

අද රටේ තත්වය ගත්තාම බොහෝම නිදහස් මාධ්‍යයක් තිබෙනවා. මාධ්‍යවේදියා ආරක්ෂා කිරීමට, මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාගැනීම සදහා ආසියාවේ හොදම තොරතුරු දැනැගැනීමේ පනත ඉදිරිපත් කරලා තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර ආරක්ෂා කිරීම සදහා ප්‍රතිපාදන සකස් කර තිබෙනවා. මේ කලාපයේ මාධ්‍ය නිදහස හොදින්ම ආරක්ෂා වෙන රටක් තමයි ලංකාව කියන්නේ. රට හරි දිශාවකට ගෙනයන්න ඕන කියලා හිතන්නේ නැති අය මේ නිදහස වල්බූරු නිදහසක් බවට පත් කරගත්ත අවස්ථා තිබෙනවා. ඇතැම් අවස්ථාවල තමන්ගේ දරුවන් එක්ක එකට ඉදගෙන රූපවාහිනිය බැලීමට නොහැකි තත්වයන් ඇතිවී තිබෙනවා.  දරුවෝ එක්ක එකට වාහනයක ගමන් කරන විට ගුවන්විදුලියකට ඇහුම්කන්දීමට අපහසු අවස්ථා තිබෙනවා.  දේශපාලඥයින්ට, කලාකරුවන්ට, රාජ්‍ය නිලධාරීන්ට කිසිම පදනමක් නැතිව බනිනවා. මේකේ වැරැද්ද නිදහස ලබාදීම නොවෙයි, නිදහස බුක්ති විදීමට නොදන්නාකමයි වැරැද්ද. එයට හේතුව තමයි විධිමත් ආකාරයට මාධ්‍ය මෙහෙයවීමට ඔවුන් නොදන්නා කම. මහින්දය අද මේ කරන්නේ විධිමත් ආකාරයට මාධ්‍ය මෙහෙයවීමට හැකි අංකුර මාධ්‍ය පරපුරක් බිහිකරගැනීමට අවස්ථාව ලබාදීමයි. ඒ කාර්යභාරය සුවිශේෂී කාර්යභාරයක්.

අපි හෙට දවසේදී මාධ්‍ය රටට හොද ආකාරයට මෙහෙයවමු. මාධ්‍යයේ කටයුතු කරපු අය හැටියට අපි හැමෝම ඒ සදහා ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙනවා. රටේ ප්‍රගමනය, ඉදිරි ගමන වෙනුවෙන් මාධ්‍ය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරමු. ජනමාධ්‍යයේ ගුණාත්මක තත්වය ආරක්ෂා කරගැනීමට අපි කටයුතු කරමු යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.