topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2015 පසු රටේ ස්ථාපිතව තිබූ ලයිසන් රාජ්‍ය බිඳ වැටුණා.

Champika_Ranawaka_06_12

2015 පසු රටේ ස්ථාපිතව තිබූ ලයිසන් රාජ්‍ය බිඳ වැටුණු බව, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  කියා සිටී.  අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ, දෙස්විදෙස් සංචාරක ප‍්‍රජාවගේ සුවපහසුව සහ දැනුවත්භාවය, ප‍්‍රවර්ධනය උදෙසා ඉදිකරන ලද වාණිජ සංකිර්ණය, සංචාරක තොරතුරු මධ්‍යස්ථානය, සංචාරක පොලීසිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘2015 ජනවාරි 08 වෙනිදා සිදු වු වෙනස මේ රටේ නාගරික සංවර්ධනය ඇතුළු සංවර්ධනය නතර වුණු බවට සමහර පිරිස් චෝදනා කරනු ලැබුවා. නමුත් එම වෙනසින් පසු සංවර්ධනයේ ගුණාත්මක වෙනසක් ඇතිවී තිබෙනවා. එනම්, ඵලදායි ස්ථාන වල පමණයි වත්මන් රජය ආයෝජනය සිදු කරනු ලබන්නේ. එසේ නොමැතිව දේශපාලන හිතවත්කම්, කොමිස් හරහා ධනය උත්පාදනය කරගැනීමට නොව, ප‍්‍රමුඛතා හඳුනාගෙන ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන පරිදි සංවර්ධනය සැළසුම් කර ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.

පොළොන්නරුවේ ඉදිවූ මෙම නව වාණිජ සංකීර්ණය, සංස්කෘතික මධ්‍යස්ථානය, ජනතා පොළ සහ අනාගතයේ ඉදිවන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඒ සෑමදෙයින්ම ජනතාවට පහසුකම් සැළසෙනවා පමණක් නොව ධනය උත්පාදනය වන ආකාරයට සැළසුම් කොට ක‍්‍රියාත්මක කරනු ලැබ තිබේ.

2015 ජනවාරි 08 මේ රටේ ස්ථාපිතව තිබූ ලයිසන් රාජ්‍යය බිඳ වැටුණා. ටෙන්ඩරයක් ගන්න, සංවර්ධනයක් කරන්න, විදේශ ආධාරයක් ලබාගන්න, මේ රටේ මහ පවුලේ සාමාජිකයෙකුගෙන් ලයිසන් එක අවශ්‍ය වුණා. එම ලයිසන් එක නොමැතිව, මාවතක්, ජලාශයක්, මහාමාර්ගයක් හදන්න කිසිසේත් නොහැකියි. අපගේ ජනාපතිතුමන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ගන්න සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වුණා. ඒ රාජපක්‍ෂ පවුලේ ලයිසන් එක එම ව්‍යාපෘතියට නොලැබීම හේතුවෙන්. අන්න ඒ ලයිසන් රාජ්‍ය බිඳ වැටිලා ජලය අවශ්‍ය මිනිසාට ජලයත්,පාරවල් අවශ්‍ය ජනතාවට පාරවල්, ප‍්‍රවාහනය අවශ්‍ය ජනතාවට ප‍්‍රවාහනයත් අතුළු පොදු පහසුකම් ලබාදෙන නිදහස් රජයක් රටට දැන් දායද වී තිබෙනවා.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමමින් සිදු කළ වෙනසට වඩා බරපතල වෙනසක් 2015 ජනවාරි 08 සිදුවුණා. එනම්, පවුල් පාලනයක ලයිසන් රාජ්‍යයෙන් අප ගැලවිම වුණා. නැවතත් එම රාජ්‍ය ගොඩනගන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටිනවා. නමුත්, ජනතාව ඒ සඳහා ඉඩ නොදෙන බව අපට විශ්වාසයි. එසේම, විධිමත් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන්න රටේ දැන උගත් ජනතාව පෙළ ගැසී සිටිනවා.

පොළොන්නරුව ගැන සඳහන් කිරීමේදී අපට සිහිපත් වෙන්නේ පරාක‍්‍රම සමුද්‍රය, ගල් විහාරය, ඇතුළු ප්‍රෞඩ ඉතිහාසය, ඒ සමගම අපට සිහියට නැගෙන්නේ පුලතිසි රාජ්‍යධානියේ කෘෂිකර්මාන්තයේ ඇතිවී තිබූ සශ‍්‍රීකත්වයයි. මහා පරාක‍්‍රමබාහු රජතුමා අතුළු අපේ මුතුන්මිත්තන්ගේ හුදු ගොවිබිමක් පමණක් නොව විශාල වාණිජ මධ්‍යස්ථානයක්. පරාක‍්‍රම සමුද්‍රයෙන්, මහවැලි ගඟෙන් ආසියාවට දොරටු විවර වී තිබුණා. මැලේසියාවේ මලක්කා ප‍්‍රදේශ, බුරුමය, බංගලිදේශය, උතුරු චීනය ආදී ප‍්‍රදේශ කැටි කරගනිමින් විශාල වාණිජ මධ්‍යස්ථානයක් පැවති බවට ඓතිහාසික සාධක හමුවී තිබෙනවා. එම වාණිජ මධ්‍යස්ථානය නැවත අප ගොඩනැගිය යුතුය. පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශ සීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. බංගලිදේශය, බුරුමය,වියට්නාමය ආදී රටවල් අළුගසා නැගිටිමින් සිටින මොහොතක මෙම කලාපය කේන්ද්‍ර කොට ගනිමින් චීනය, කුංමින් නැමැති විශාල නගරයක් මේ වන විට ස්ථාපිත කොට ඇත. එම වාණිජ්‍ය මධ්‍යස්ථානයන් යාවෙන පරිදි පොළොන්නරුව ද කේන්ද්‍ර කොට ගනිමින් නව වාණිජ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකියාව හා සුදුසුකම් ඇති බව සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැළසුම නිර්මාණය කිරීමේදී මින් පෙර අවධාරණය නොකළ ක්‍ෂෙත‍්‍ර පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කොට ඇත. රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝව බවට කොළඹ,ගම්පහ, කුරුණෑගල, දඹුල්ල, හබරණ සිට ත‍්‍රිකුණාමලයටත්, ඒ දෙපසින් පොළොන්නනරුව ආනුරාධපුරය දක්වා තිීරය ද ඇතුලත් කොට තිබෙනවා.

මධ්‍යම කඳුකරය ආශ‍්‍රිත ප‍්‍රදේශ නාය යෑම් ඇතුලූ ආපදා සහිත ප‍්‍රදේශ බවටත්, මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශ මුහුදු ගොඩ ගැලීම්, මුහුදු ඛාදනය ඇතුලූ ආපදාවන්ට නිරන්තරයෙන් ලක්වෙනවා. ඒ හේතුවෙන් මේ ප‍්‍රදේශ ආශ‍්‍රිත නගර නිර්මාණය අසීරු කරුණක් වී තිබෙනවා. ඒ අනුව 2030 පමණ වන විට ජනතාව පදිංචිය සඳහා තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති මෙම තීරුවයි. ඒ සඳහා විධිමත් සැළැස්මක් මහා නගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය පිළියෙළ කොට ඇත.

කොළඹ, ගම්පහ, කුරුණෑගල සේම ත‍්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව ඒකාබද්ධ කරන මෙම ත‍්‍රිකෝණය තවදුරටත් සංස්කෘතික ත‍්‍රිකෝණයක් නොව නැගෙනහිර ආසියානු රටවල් දෙසට ඉලක්ක වන බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පරිවර්තනය කිරීමට මේ වන විටත් කටයුතු සැළසුම් කරමින් සිටිනවා.

අපේ දරුවන්ට අනාගතය, විශ්වය ජයග‍්‍රහණ දොරටුවක් මෙම ආර්ථික කලාපයෙන් විවෘතවීමට නියමිතයි. එයට සඳහා දොරටු විවර වූයේ රජරටින් සැබෑ ගොවි පුත‍්‍රයෙක් ජනපති ධූරයට ඔබ ඔසවා තැබූ නිසයි. මහා ආර්ථික කලාපයත් රජරට සෑම ගමක්ම අළු ගසා නැගිටින අවස්ථාවක ආසියානු කලාපයේ දිදුලන බබලන රටක් බවට පත් කරන වාසනාවන්ත කාලෙඡ්දයක සාක්‍ෂිකරුවන්,කොටස්කරුවන් ලෙස ඔබ සෑම පත්වේවායි ප‍්‍රාර්ථනා කරමි යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.