සමස්ත ලංකා දේශීය කර්මාන්තකරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය පවසා ඇත්තේ, පසුගිය සැප්තැම්බර් මස පළමු වනදා සිට පොලිතීන් තහනම් කිරීමට බලධාරීන් කටයුතු කළද හඳුන්වා දුන් විකල්ප අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙතෙක් බදු සහන ලබා දී නොමැති බවයි. එහි ජාතික සංවිධායක නිරුක්ෂ නන්දකුමාර සඳහන් කර ඇත්තේ, විකල්ප අමුද්‍රව්‍ය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි.