topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිතී විරෝධි මද්‍යසාර මැඩ පැවැත්විය යුත්තේ සුදුසු නිති රීති කි‍්‍රයාත්මක කිරීම තුලිනුයි.

beerr

අයවැයෙන් බියර් මිල අඩු කිරීම – මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අදහස් දක්වයි.

 

මුදල් ඇමතිවරයා විසින්  ඉදිරිපත් කරනු ලැබු  2018 අයවැය යෝජනාවන් හි බියර් මිල අඩු කිරීම සහ ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන්  මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්, 

අප අය වැයට පෙර සිටම සදහන් කල බියර් බදු 40%කින් අඩු කිරීමට සහ සංචාරක නාවාතැන් පොලවල්වල බලපත‍්‍රයක් නොමැතිව බියර් අලෙවි කිරීමට 2017 අය වැය මගින් මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.

මෙම යෝජනා සාධාරණීකරණය කිරීමට එතුමන් ගෙනහර පෑ කරුණු පහත පරිදි වේ.

  1. ශී‍්‍ර ලංකාවේ මද්‍යසාර භාවිතා කරන්නන්ගෙන් 49% කසිප්පු භාවිතා කරයි.
  1. අනෙක් රටවල බහුතරයක් මද්‍යසාර භාවිතා කරන්නන් බියර් භාවිතා කරන්නන් වන නමුත්

ලංකාවේ බහුතරයක් භාවිතා කරන්නේ සැර මද්‍යසාර බැවින් බියර් මිල අඩු කල යුතුය.

  1. දියුණු රටක් බවට පත් වීමට නම් මද්‍යසාර පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය. අප තවදුරටත් ගල් යුගයේ රටක් නොවේ.
  1. මද්‍යසාර බදු පාදක විය යුත්තේ මද්‍යසාර ප‍්‍රමාණය මත විය යුතු අතර එබැවින් බියර් මත පනවා ඇති බදු අඩු විය යුතුය.
  1. 1. ශී‍්‍ර ලංකාවේ මද්‍යසාර භාවිතා කරන්නන්ගෙන් 49% කසිප්පු භාවිතා කරයි.
  • මෙම ප‍්‍රකාශය සත්‍ය නම් මද්‍යසාර භාවිතා කරන දෙදෙනෙකුගෙන් එක් අයෙක් කසිප්පු භාවිතා කලයුතුය. පසුගිය වසර කිහිපයක සිට විශේෂයෙන් අයවැයට පෙර පිළිගත හැකි  සාක්ෂියක් නොමැතිව නිතී විරෝධි මද්‍යසාර නැතිනම් කසිප්පු සම්බන්ධ තොරතුරු ඇතැම් දේශපාලඥයන්ගෙන් සහ මාධ්‍ය තුළින්  ප‍්‍රචාරය වීම සිදුවිය. 1995 දී බියර් බදු අඩු කිරීමට මේ හා සමාන කරුණු දැක්වීමක් යොදා ගත්බව අප දනිමු. එහි ප‍්‍රතිඵලයක් ලෙස බියර් භාවිතය වේගයෙන් වැඩිවිය. සිදු වුයේ  වෙළදපොළ මිල අඩු වීම හේතුවෙන් නවකයින් අලූතින් භාවිතයට යොමුවීම හා බියර් භාවිතාකරන්නන් අතර භාවිත කරන ප‍්‍රමාණය සීග‍්‍රයෙන් ඉහළ යාමයි. මෙමගින් රටේ සමස්ත මද්‍යසාර පාරිභෝජනය ඉහළ ගිය අතර ඒනිසාම ඇතිවු හානි ද විශාල වශයෙන් වැඩි විය. 1995 බියර් බදු අඩු කිරීමෙන් මේ ආකාරයට කසිප්පු භාවිතය අඩු වු බව ඔප්පු කිරීම 2017 දී  නැවතත් මෙම ක‍්‍රමය අනුගමනය කරන්නන් විසින් කළ යුතු මුලිකම කාර්යභාරයයි.
  • නිතී විරෝධි මද්‍යසාර ජාවාරම මැඩ පැවැත්වීම අනිවාර්යය වන අතර, එය කල හැක්කේ සුදුසු නිති රීති කි‍්‍රයාත්මක කරවීමෙන් මිසක නිත්‍යානුකූල මද්‍යසාර වල මිල අඩු කිරීමෙන් නොවේ. නිත්‍යානුකූල මද්‍යසාර වල මිල අඩු කිරීමෙන් කසිප්පු හෝ වෙනත් නිතී විරෝධි මද්‍යසාර භාවිතය අඩු වු බවට කිසිම පිළිගත හැකි පර්යේෂණ වාර්තාවක් නැත.
  • නිතී විරෝධි කසිප්පු භාවිතය වැඩි වී ඇති බවට පුන පුනා සදහන් කළත් පොලිසියෙන්, සුරාබදු නිලධාරින්ගෙන් සහ ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගේන් සිදු කල විමසිම් මෙන්ම විවිධ ස්ථානවල සිදු කල අධ්‍යයනයන්ට අනුව පෙනෙන්ට ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ නිතී විරෝධි මද්‍යසාර නිෂ්පාදනය සහ අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි. නීති විරෝධි මද්‍යසාර සම්බන්ධයෙන් ජාතික මට්ටමේ අධ්‍යයනයක් නොමැති වුවත් ප‍්‍රාදේශිය මටට්මේ පිළිගත හැකි අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ නිතී විරෝධි මද්‍යසාර භාවිතා කරන ප‍්‍රතිශතය 10% වඩා අඩු බවයි.
  • බියර් භාවිතා කරන්නන්ගේ සහ කසිප්පු භාවිතා කරන්නන්ගේ සමාජ පන්තීන් හා ජීවන රටාව බෙහෙවින් වෙනස් බැවින් බියර් අඩු මිලට සැපයීම හා වර්තමානයේදී හෝ අනාගතයේදී  රටේ කසිප්පු භාවිතය අඩුවීම අතර කිසිදු පිළිගත හැකි  සමාජ විද්‍යාත්මක සම්බන්ධතාවයක් පර්යේෂණාත්මකව සනාථ කර නැත.
  1. අනෙක් රටවල බහුතරයක් මද්‍යසාර භාවිතා කරන්නන් බියර් භාවිතා කරන්නන් වන නමුත්

ලංකාවේ බහුතරයක් භාවිතා කරන්නේ සැර මද්‍යසාර බැවින් බියර් මිල අඩු කල යුතුය.

  • බොහෝ බටහිර රටවල ජනගහනයෙන් බහුතරය මද්‍යසාර භාවිතා කරන බැවින්  බහුතරයක් දෙනා භාවිතා නොකරන ශී‍්‍ර ලංකාව වැනි රටක ජීවන රටාව බටහිර රටවලට වඩා බෙහෙවින්ම වෙනස්ය.
  • 2015  වසරේ සිදුකරනු ලැබු ලෝක සෞඛ්‍ය සංවිධානයේ STEPS SURVEY නැමැති පර්යේෂණයෙන් අනාවරණය වු කරුණු අනුව ලෝක සෞඛ්‍ය  සංවිධානය හා   ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය  පෙන්වා දෙන්නේ, දැනට මත්පැන් භාවිතා කරන්නේ  අවුරුදු 15 වැඩි පිරිමි ජනගහනයෙන්  35% ක් වන බවත් අවුරුදු  15 ට වැඩි  කාන්තා ජනගහනයෙන් 1% ක් පමණ සුළු පිරිසක් වන බවත්ය.  එසේ ගත්කල අවුරුදු  15 ට වැඩි මුළු ජනගහනයෙන් 80% ක් කිසිඳු මද්‍යසාර වර්ගයක් භාවිතා නෙකරන්නන් බව මෙයින් සනාථ වේ.  බහුතරයක් මද්‍යසාර භාවිතා කරන බටහිර රටවල්  සමග ලංකාවේ මද්‍යසාර පිළිබද ප‍්‍රතිපත්ති සසදා බැලීම නිවැරදි නොවන බව අප නැවත නැවතත් සදහන් කරන්නේ එබැවිනි.
  1. දියුණු රටක් බවට පත් වීමට නම් මද්‍යසාර පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය. අප තවදුරටත් ගල් යුගයේ රටක් නොවේ.

මද්‍යසාර නිදහස් වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීම මඟින්  රටේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ඉහළ යයි. ශී‍්‍ර ලංකාව නැවත ගල් යුගය දක්වා ගෙන යාමට දායක වන්නේ මෙසේ මද්‍යසාර සුලබ කිරීමේ යෝජනාවලිනි. රටේ මුළු මද්‍යසාර පාරිභෝජනය  ඉහළයාම මගින්  මද්‍යසාර භාවිතයට සම්බන්ධ සියලූ හානිකර ප‍්‍රතිඵලයන්ගේ  ඉහළයාම නොවැළැක්විය හැක. එමගින් රටේ සියදිවි නසාගැනීම්, අනතුරු, ගෘහස්ත පීඩන හා අනෙකුත් පීඩාකාරී  කි‍්‍රයාවන්ගේ ඉහළ යාමත්  පිළිකා, හෘදයාබාධ, ආඝාතය, සිරෝසීස්  වැනි බෝ නොවන රෝගයන්ගේ සීග‍්‍ර වැඩිවීමටත් හේතු වේ. ශී‍්‍ර ලංකාවේ බෝ නොවන රෝග ඍජයට විශාල බරක් වෙමින් පවතින අතර, එයට බලපාන ප‍්‍රධානතම කරුණු හතරෙන් එකක් වන්නේ මද්‍යසාර භාවිතයයි.

එමෙන්ම පිළිගත් සරළ ආර්ථික විද්‍යා න්‍යාය  වනුයේ, භාණ්ඩයක මිල අඩු කිරීම මගින් රටක එම භාණ්ඩයේ මුළු පරිභෝජනය හා ඒක පුද්ගල පරිභෝජනය ඉහළ යයි.

එමනිසා බියර්  මිල අඩු කිරීමත්  එය අලෙවිකරන අලෙවිසැල් ප‍්‍රමාණය වැඩිකිරීමත් මගින් සිදුවනුයේ රටේ ජනතාවගේ පොදු මද්‍යසාර භාවිතය ඉහළ යාමෙන් රටේ ආර්ථිකයට ඉතා ඍණාත්මක බලපෑම් ඇතිවීමයි. මෑතකදී  දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් හා මද්‍යසාර සහ  මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයත් සාමුහිකව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වුණේ මද්‍යසාර මගින් සිදුකරන ඇස්තමේන්තුගත දළ සමාජ හා ආර්ථික හානිය  2015 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 120 ක් වන බවයි.  මෙය මද්‍යසාර බදු මගින් රජයට වාර්ෂිකව ලැබෙන  බදු මුදලට වඩා ඉහළ අගයකි. දියුණු රටවල් තීරණ ගන්නේ මෙවැනි සමස්ත බලපෑම සලකා බැලීමෙනි. එබැවින් මද්‍යසාර පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කිරීම කිසිසේත්  දියුණු රටක ලක්ෂණයක් නොවේ. මද්‍යසාර නිපදවා අන් රටවලට පවා බෙදාහරින  බටහිර ලෝකයේ බොහෝ රටවල්  තම රටේ  ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය හැකි තරම් අවම කිරීමට ප‍්‍රතිපත්තිමය තීරණ කි‍්‍රයාවට නංවන බව අප රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් නොදැනීම රටේ අභාග්‍යයකි.

  1. මද්‍යසාර බදු පාදක විය යුත්තේ මද්‍යසාර ප‍්‍රමාණය මත විය යුතු අතර එබැවින් බියර් මත පනවා ඇති බදු අඩු විය යුතුය.

අඩංගු මද්‍යසාර ප‍්‍රමාණය මත බදු අයකිරීම පිළිගත් සාධාරණ ක‍්‍රමවේදය වුවත්  මෙම ක‍්‍රමය මුවාවෙන්  රටක පවතින  මද්‍යසාරවල මිල අඩුකිරීමක් කිසිසේත් සිදු නොකල යුතුය. එසේ කිරීමෙන්  මෙම ක‍්‍රමවේදය මගින් අත්කරගත හැකි  කිසිදු ඵලදායක ප‍්‍රතිඵලයක් නෙළාගැනීමට නොහැකිවනවා පමණක් නොව රටේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය සීග‍්‍ර ලෙස වැඩිවීමෙන් රජයට ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු රාශියක්  නිර්මාණය වීම සිදුවේ.

සැර මද්‍යාසාර භාවිතා කරන්නන්  බියර් භාවිතයට පොළඹවා ගැනීම මගින් සැර මද්‍යාසාර භාවිතා කරන්නන්ට සිදුවන හානිය අවම  කිරීමට අවශ්‍ය නම් රජය විසින් කළ යුත්තේ මෙම මද්‍යසාර වර්ග දෙකෙහි  මිල අතර වෙනස වැඩි කිරීමයි. ඒ උදෙසා ශී‍්‍ර ලංකාව වැනි බහුතර ජනගහනයක් කිසියම්  හෝ  මද්‍යසාර වර්ගයක් භාවිතා නොකරන රටක කල යුත්තේ සැර මද්‍යාසාරවල මිල ගණන් ඉහළ දැමීම මිස බියර් මිල පහළ දැමීම නොවේ.

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.