Breaking News

උණුසුම් පුවත්

පසුගිය කාලයේ රජපවුලේ පුත්‍රයෙක් චන්ද්‍රිකාවක් අහසට ඇරියා. ඒකට මුදල් ගත්තේ විදුලි බල මණ්ඩලයෙන්…

Champika_Ranavaka

පසුගිය කාලයේ රජපවුලේ පුත්‍රයෙක් චන්ද්‍රිකාවක් අහසට ඇරියා.ඒකට මුදල් ගත්තේ විදුලි බල මණ්ඩලයෙන්…’’යයි- ඇමති චම්පික රණවක පවසයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  මෙම අදහස් පළ කලේ, ලංකා විදුලි බල මණ්ඩලයීය විශ්‍රාම වැටුප් ලාභීන්ගේ යහසාධක සංගමයේ 21 වන සංවත්සරයට එක් වෙමිනි. පසුගිය කාලේ රජ පවුලේ පුත්‍රයෙක් සුප්‍රීම් සැට් කියලා චන්ද්‍රිකාවක් අහසට ඇරියා කියලා කිව්වා. ඒකට වැය වූ රුපියල් මිලියන 460 ක මුදල් ගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන්. ඒ ගැන මම පැමිණිලි කරලා තිබෙනවා. එය දැන් විභාග වෙමින් පවතිනවා. නමුත් ඒකට විමුක්තිය කවදා ඉටු වෙයිද කියා දන්නේ නැහැ. ගල් අඟුරු ගේන මුවාවෙන් තමයි ඒ වංචාව සිදු කළේ. ඒ වංචාවේ සමහර කොටස් කාරයෝ අපට පුළුවන් උනා අත්අඩංගුවට ගන්න. හැබැයි ඉතින් වැඩියෙන් සල්ලි හොරකං කරලා තිබෙන නිසා දවස් දෙකෙන් ඇප හම්බ උනා. මේ රට පුදුම රටක්. හොරණ ප්‍රදේශයේ පාසල් දැරියක් පොල්ගෙඩි 08ක් හොරකම් කලා කියලා ඇයව ඇරියා මාසයකට රිමාන්ඩ් බන්ධනාගාරයට. ඒ වගේම මේ මෑතදී පාසල් විදුහල්පතිතුමියක් රුපියල් 25,000 ක පගාවක් ගත්තයි කියලා අවුරුදු අටකට හිරේ ඇරියා. හැබැයි රුපියල් මිලියන 12,000 ක් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයින් 18,000 කගේ EPF වලින් වංචා කරපු තක්කඩියා දවස් දෙකෙන් එළියට ආවා. දවස් දෙකයි හිටියේ. මේ ගැන අපි සඳහන් කළ යුතුයි, විශ්වාසයක් ඇතිවෙන්නේ නැත්නම් දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා මිනිස්සු නීතිය ගැන ඊට පස්සේ විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ උසාවි ස්වාධින කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපක්‍ෂපාතී විය යුතුයි, කාර්යක්ෂම විය යුතුයි, යුක්තිය ඉටු වෙනවා කියා හැමෝටම පෙනිය යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල් වංචා කරපු අය අද නිදැල්ලේ ඉන්නවා. අස්සයෝ අරගෙන තිබෙනවා කෝටි ගණන් වටින. ඒ වගේම හෙළිකොප්ටර් අරං තිබෙනවා, නමුත් අපේ ජනතාවට ඒ යුක්තිය ඉටු උනේ නැහැ. ඒ ගැන මම ඉතාම කණගාටු වෙනවා. මේකෙන් දෙන පණිවිඩය මොකක්ද හොරකං කරනවා නම්, පගා ගන්නවා නම් රුපියල් 25,000, 40,000 අරං හරියන්නේ නැහැ, මිලියන තුන් හාරදාහක් හොරකං කරන්න කියන එකයි. දැන් මේ මෑතදී මුළු රටම හොල්ලපු බැඳුම්කර නඩුව, ප්‍රධාන අපරාධකාරයා, ගෝලෆේස් පිට්ටනියට ගෙනල්ල නඩු අහන්න  ඕනේ තක්කඩියා අද සාක්ෂි දීම පවා අවශ්‍ය නැහැ කියලා තීරණය කළා. මේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් 9% තිබූ පොලී අනුපාතය අද 14% උනේ බැඳුම්කර වංචාව නිසයි. ඒ වගකිව යුත්තෝ, ඒ ගොල්ලෝ හොරකං කළ ධනයට අමතරව රජයට කළ පාඩුව වර්ෂයකට බිලියන 95 ක්. රටේ ආර්ථිකයට කළ බලපෑම කාටවත් හිතාගන්න බැරි තරම් ට්‍රිලියන ගානක අපරාධයක්. හැබැයි ඒ අයට එහෙන් මෙහෙන් නීති තර්ක මතුකර ප්‍රකෝටි ගණන් ධනය අරගෙන නීතීඥයින්ගේ පොඩි නීති තර්කවලින් අපරාධකාරයෝ නිදහස් වෙලා එළියට යනවා යයි පැවසීය.

Read More »

බස් රථය හා ත්‍රීරෝද රථය ගැටී එක් අයෙකුට බරපතලයි.

accident (1)

හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා හැටන් දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කල බව වාර්ථාවී ඇත. අද (17) පස්වරු 4 ට පමණ බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවී ඇති අතර ත්‍රීරෝද රථයේ අධික …

Read More »

උතුරු මැද ශ්‍රීලනිපයේ වෙනසක්.

SLFP-Logo1

උතුරු මැද පළාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකධූර කිහිපයක වෙනසක් සිදුකරමින්, හොරොව්පතාන ආසනයේ ශ්‍රීලනිප  සම සංවිධායක හේරත් බණ්ඩා  එම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙසද, කැකිරාව ආසනයේ ශ්‍රීලනිප  සම සංවිධායක  රෝහණ ජයකොඩි එම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද, මින්නේරිය ආසනයේ – හිඟුරක්ගොඩ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස චමින්ද ප්‍රදීප් රත්නායකද පත්කර …

Read More »

ගාලු පාර වැසේ.

Road_Closed

කොල්ලු පිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර අතර ගාලු පාරේ කොටස තාවකාලිකව වසා දමා ඇති බව සදහන්වේ. විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙසේ වසාදමා ඇති බව සදහන්ය.  

Read More »

විනීත රියදුරන්ට පොලීසියේන් තෑගි.

Good_Drivers

ඉදිරියේදී මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් විනීතව රිය පදවන රියදුරන් අයඹු ලෙස තෝරාගෙන ඔවුන් සඳහා නොමිලේ වෛද්‍ය සේවාවන් හා ත්‍යාග මුදල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සදහන්ය. පොලිස් මාධ්‍ය ඒකකය පවසනේ , මෙහි පළමු පියවර මහනුවර නගරයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී විනීතව රිය පදවන රියදුරන් 300 දෙනෙකුට …

Read More »