topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

UNP යත් එක්ක මහින්දගේ ඩිල් ගැන ඇමති කියයි.

 

Minister of _Social Welfare Services_SB _Disanayak“එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මනාප ඡන්ද ක්‍රමය ගෙනාපු වෙලාවේ පාර්ලිමේන්තුවේ දී නැගී සිටිය සිරිමා බණ්ඩාරනායක මැතිනිය කිවුවේ, අපේ ආණ්ඩුවක් යටතේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා. එදා 1994 අපේ ආණ්ඩුවක් චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ වෙලාවේ එතුමියත් අවුරුදු 11ක් රට පාලනය කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10ක් පාලනය කළා. අපේ ආණ්ඩුව තිබුණත් අපිට අවශ්‍යව තිබුණත් ඒක කරන්න බැරි වුණා.  අපේ පක්ෂයෙන් එළියට බැහැපු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පක්ෂය මහින්ද රාජපජක්ෂ මැතිතුමා භාර දුන්නු අවස්ථාවේ පොළොන්නරුවේ පක්ෂ සම්මේලනයක් කැඳවලා මහින්ද රාජපක්ෂ මැතිතුමයි චන්ද්‍රිකා මැතිනියයි දෙපැත්තේ තියාගෙන පක්ෂය භාර ගෙන එතුමා කිවුවේ 2020 දී අපි අපේ ම රජයක් හදන්න ඕනෑ කියලා. මම මේ පක්ෂය ශක්තිමත් කරනවා කියලා. එතුමා එක්ක අපි මේ කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දෙන්න යනකොට අගමැත රනිල් වික්‍රමසිංහ මැතිතුමා විරුද්ධ වුණා.මුස්ලිම් කොන්ග්‍රසය විරුද්ධ වුණා. මනෝ ගනේෂන්ලා විරුද්ධ වුණා. මුලදී ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙලා පසුව පක්ෂ වුණා. කොහොම හරි අවුරුදු 48කට පස්සේ අපේ ආණ්ඩුවක් යටතේ අපේ ජනාධිපතිතුමා යටතේ මැතිනියගේ ඒ සිහිනය ඉටු කළා. යනුවෙන් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක ප්‍රකාශ කළේ ය. ඔහුමේ බැව් පැවසූයේ හන්තාන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි දැනට සමත් වෙලා තිබෙනවා පළාත් සභා මැතිවරණයත් ආසන ක්‍රමයට තියන්න. අපි දැඩි උත්සාහයක් ගන්නවා පාර්ලිමේන්තු මැතිවරණයත් ආසන ක්‍රමයට පවත්වන්න. නමුත් තවම එක්සත් ජාතික පක්ෂය මේකට එකඟ නැහැ. නමුත් අපි උපරිම සටනක් දෙනවා ඒ ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණයටත් ගෙන්න.

මෛත්‍රිපාල සිරිසේන මැතිතිමා පක්ෂයෙන් එළියට ගිහින් අපේ අපේක්ෂකයාට විරුද්ධව තරඟ වැදුණේ දූෂණය, වංචාව, හොරකම, භීෂණය නැති කරනවා කියලා. මේ සියල්ල අපේ ආණ්ඩුව ඇතුළේ එදා තිබුණා. විශේෂයෙන් ම 2010න් පස්සේ මේවා පක්ෂය තුළ වර්ධනය වුණා. හැබැයි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එකතු වෙලා 30 අවරුදු යුද්ධය අවසන් කළා. එහෙම කරලා උතුරට අවුරුදු 30කට පස්සේ විදුලිය දෙන්න පටන් ගත්තා. අවුරුදු 30කට පස්සේ ඉස්පිරිතාල, පාසල් හැදුවා. මම ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ, තාක්ෂණ පීඨ හැදුවා. නැගෙනහිර විශ්වවිද්‍යාලය, මඩකලපුව විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය සියල්ල අපි නැගිට්ටුවා. මේ සේරම කරලත් අපි මුස්ලිම් ජනතාව තරහා කර ගත්තා. දමිළ ජනතාව තරහ කර ගත්තා. කතෝලික ජනතාවත් තරහ කර ගත්තා. එහෙම තිබෙද්දී මැතිවරණයකට යන්න හදනකොට මම අපේ හිටපු ජනාධිපතිතුමාට කතාකරලා කිවුවා දැන්ම ඡන්දෙට යන්න එපා කියලා. ඔබතුමාට සිංහල බෞද්ධ ඡන්දවලින් 65%ක් ගත්තොත් හරි 64%ක් ගත්තොත් යාන්තමට හරි දිනන්න පුළුවන්. නමුත් එහෙම ගන්න මේ වෙලාවේ බැහැ කියලා. නමුත් එතුමා කිවුවේ ‘නැහැ මේ කට්ටිය කියනවා මට දිනන්න පුළුවන් කියලා’ ආදී වශයෙන්. නමුත් එතුමාට ලැබුණේ සිංහල බෞද්ධ ඡන්ද 59%ක් විතරයි. අපිට වෙනදාට ලැබෙන මුස්ලිම් ඡන්ද සාමාන්‍ය 12-15% ප්‍රමාණයෙන් ලැබුණේ 2%ක් පමණයි. අපිට වෙනදට ලැබෙන දෙමළ ඡන්ද 30-35%න් අපට ලැබුණේ 15%ක් පමණයි. කතෝලික ඡන්දවලින් අපට වෙනදට ලැබෙන්නේ 45%ක් විතර වුණත් ලැබුණේ සියයට 25%ක් විතර. ඒ කියන්නේ අපේ පක්ෂය මේ වෙනකොට අන්ත ජාතිවාදයට, අන්ත ආගම්වාදයට වගේ ම අන්ත කුලවාදයටත් තල්ලු වුණා.

එතුමාට ඒ තත්ත්වය තේරුණේ නැහැ. ඒක හරියට අපි ඉන්න ලෝකය අංශක ගණනක් ඇලවෙලා තියෙන බව අපිට නොතේරෙනවා වගේ. අපේ පෘථිවිය පැයට කිලෝ මීටර් 1450ක වේගයෙන් කැරෙකද්දී නොතේරෙනවා වගේ. අපිට ඕනේ කළා පක්ෂය තුළින් කුලවාදය, ජාතිවාදය පැත්තකට දාලා රාජපක්ෂ පවුලට තියෙන ආදරය රැකගෙන අපේ ආණ්ඩුවක් හදන්න. නමුත් අපි පරාජයට පත්වුණා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කළා.

එතුමා හොරකම, නාස්තිය ගැන කතා කරලා නාස්තිය නැති කළා. අපි ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක අහස් යාත්‍රාවක් අරගෙන තමයි කොහේහරි රටකට ගියේ. ඉන්දියාවට අහස් යාත්‍රාවක් අරගෙන ගිහින් දවස් දෙකක් තුනක් හිටියොත් කෝටි 12ක් 14ක් විතර වියදමක් යනවා. එංගලන්තයට වගේ රටකට ගියොත් කෝටි 30ක 40ක වියදමක් යනවා. මේක එහෙමම නවත්තලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා සාමාන්‍ය විදියට යන ගුවන් යානයක ටිකට් පතක් අරගෙන යන්න පටන් ගත්තා. ඒ නිසා අවුරුද්දකට රුපියල් කෝටි 800ක් විතර ඉතුරු වුණා. ඒ මුදල්වලින් තමයි වනරෝපා වැඩ සටහන, වස-විස නැති ආහාර වැඩසටහන, ග්‍රාම ශක්ති වැඩසටහන වගේ වැඩසටහන් පටන් ගත්තේ. එතුමා රජගෙවල් ටික අතෑරියා. ඒකෙන් මාසෙකට ලක්ෂ 80ක විතර ඉතිරියක් එතුමා කරනවා.

වංචාවට, දූෂණයට එරෙහිව කතා කරපු මෛත්‍රිගේ ආණ්ඩුවේ රන් දෙවොලට හෙණ ගැහුවා වගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ හොරකමක් සිද්ධ වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ ඇත්තටම රන් දෙවොලක් තමයි. ඒක හරි පාරිශුද්ධ තැනක් ඒකෙ තමයි සල්ලි අච්චු ගහන්නේ. සල්ලි ටිකක් අච්චු ගහලා පිටට දුන්නොත්, යටින් බෙදා ගත්තොත්? වැඩක් නැහැ. ඒ නිසයි මේක ශුද්ධ තැනක් හැටියට තියාගෙන ඉන්නේ. ඒකට කාටවත් අත ගහන්න පුළුවන් තැනක් නොවෙයි. ලෝකේ සල්ලිවල වටිනාකම තක්සේරු කරන්නෙ මෙතන. මුළු ලෝකයම රට දිහා බලන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන්. එතන දැවැන්ත හොරකමක් සිදුවෙලා. ඒක ජනාධිපතිතුමා හොයන්නේ නැතුව කොහොමද? ඒක හොයන කොට යූඇන්පියට පොඩ්ඩක් එහාට මෙහාට රිදෙනවා. මොනවා කරන්නද? එහෙම රිදෙනවා කියලා ඒක වහන්නද? ඔය හොරකම වෙලා අහුවෙලා පරීක්ෂණය ආරම්භ කරනකොට ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නැහැ. අගමැතිතුමා නීතිඥයින්  තුන්දෙනෙක් දාලා පරීක්ෂණයක් කරලා සේරම හොඳයි කිවුවා. ඒවා වහන්න පුළුවන්ද එතුමාට? එතුමා රාජපක්ෂවරුන්ට හොරු කියලා කියපු කෙනා. ප්‍රශ්න තිබ්බා. එහෙම කියපු කෙනාට මේ හොරකම යට ගහන්න පුළුවන්ද? ජනාධිපති කොමිසමක් එතුමා පත් කළා. පෙරේදා ජනාධිපතිතුමා කිවුවා මම අගමැතිතුමාට කිවුවා රවී මුදල් ඇමතිකමෙන් අයින් කරන්න. ඒක ඔයා ගන්න කියලා. ඒක කළා නම් අදත් රවී මේ කැබිනට්ටුවේ ඉන්නවා. ඒ නිසා ඇත්තට ම එජාපයට කේන්ති ගිහින් අතන බණිනවා. මෙතන බණිනවා. තමුන්ට උදව් කරපු තමුන් උස්සගෙන ගිය පක්ෂය කියලා එක්සත් ජාතික පක්ෂය එතුමාගේ පක්ෂය නොවෙයි. මේ පක්ෂ දෙකක්. අපේ ලේවල, ඇටවල ඇටමිදුලුවල තියෙන්නේ අපේ පක්ෂය. ඒ නිසා අපට ගැලපෙන තැනක් නෙමෙයි මේක. අපි ගමේ හැදිච්ච අය. එතුමා ගොවියෙක්ගේ පුතෙක්. ජනපද ගොවියෙක්ගේ පුතෙක්. එතුමා මේ පක්ෂ දෙක එකතු කරලා ලෝකයෙන් එන්න තිබුණු විශාල ගැටලුවකින් රට බේරා ගත්තා.

මැතිවරණයෙන් පස්සේ අපේ මන්ත්‍රිවරු 11 දෙනෙක් ගන්න රනිල් උත්සාහ කළා. ඒ 11 දෙනා ම දැන් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ. ඒ වෙලාවේ ඒගොල්ලන්ට ඕනේ වෙලා තිබුණේ 07 දෙනෙක් විතරයි. අපි එදා 113කින් තමයි චන්ද්‍රිකා මැතිනියත් එක්ක ආණ්ඩුවක් හැදුවේ. නමුත් ජනාධිපතිතුමා මැදිහත්වෙලා ඒක නැවැත්තුවා.

එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉස්සෙල්ලම ආණ්ඩුවක් හැදුවේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නොවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි. යුද්ධය ආරම්භ කරන කොට ඒක හොඳ දෙයක්. යුද්ධය ආරම්භ කරන කොට රනිලුයි මහින්ද රාජපක්ෂයි ගිවිසුමක් ගහලා පක්ෂ දෙක එකතු කළා. හැබැයි ඒක මාස 06න් කැඩුණා. අපිමයි ඒක කැඩුවේ. කඩපු ගමන් හැබැයි යූඑන්පී නියෝජ්‍ය නායකයත් එක්ක මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවට ආවා. ඒ හයියෙන් තමයි යුද්ධය අරගෙන ගියේ. කරු ජයසූරිය 18ක් එක්ක ආවා. ඒ නිසා එජාපය එක්ක මුලින් ම ආණ්ඩුවක් හැදුවේ මහින්ද රාජපක්ෂ යයි පැවසී ය.

Leave A Reply

Your email address will not be published.