ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට හා සිඩ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවල හරස් ප්‍රශ්ණ ඇසීම කොළඹ මහාධිකරණයේදී සිදුවිය. නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ අගතියට පත් විදෙස් ව්‍යාපාරිකයා විසින් 2015 අගොස්තු මස 02 දින පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව අදාල පොලීස් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවය.
ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස එවකට සේවය කළ බ්‍රයන් රොස් ෂැඩ්ඩික් හා ජැනට් එලිසබෙත් ෂැඩික් අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව, ව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා හට සත්‍ය ලේඛණයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එක් නඩුවක් පවරා තිබූ අතර, වර්ෂ 2000 ජූලි මස 27 දින හෝ ඊට ආසන්න දිනයකදී, ඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි ද තවත් නඩුවක් නීතිපතිවරයා විසින් පවරා තිබිණ.
එසේම මෙම නඩුව සනාථ කිරීමට සාක්ෂිකරුවන් 20ක් සහ ලේඛණයන් 14ක් ඉදිරිපත් කරන බව ද නීතිපති විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මීට අමතරව, වර්ෂ 1996 සැප්තැම්බර් මස 26 වැනිදා හා වර්ෂ 1997 සැප්තැම්බර් 21 වැනිදාත් අතර කාලය තුල රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම මෙන්ම අදාල මුදල සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳව ද අධි චෝදනා 04ක් යටතේ නීතිපති වරයා විසින් තවත් නඩුවක් පවරා ඇත.
අද දින පැවැති නඩුවාරය අවසන් වීමෙන් අනතුරුව බ්‍රයන් ෂැඩ්ඩික්ගේ ශ්‍රී ලංකාවේ ඇටෝර්නි බලකරු වන ලසිත පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ බ්‍රයන් ෂැඩ්ඩික්ගෙන් හරස් ප්‍රශ්ණ විමසීම එදිනට අවසන් වූ බවයි.
ගම්මන්පිලගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කිරීමට උත්සහ කිරීමේදී ඔහු ඊට පිළිතුරු නොදී උසාවි සංකීර්ණයෙන් බැහැරව ගොස් ඇත. නඩුව මේ මස 26 වනදාට කල් තැබීම සිදුවිය.