topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රයට ”මානුෂික හේතුවකුත්” එයි.

shashi weerawansha
හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංශ විසින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයේ සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන්දින හැටියට වර්ෂ දෙකක් ඇතුළත්ව තිබුණ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිළිගෙන ඇති බව වාර්තා වේ.

එහෙත් මනුෂ්‍යත්වය සැලකිල්ලට ගෙන තමා ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි නොකළ බව හිටපු ආගමන හා විගමන පාලකවරයා පවසයි.

හිටපු ආගමන හා විගමන පාලකවරයා එම ප්‍රකාශය කළේ, ශෂී වීරවංශට එරෙහිව විභාග කෙරෙන නඩු විභාගයේ දී අධිකරණය හමුවේ සාක්ෂි දෙමිනි.

ශෂී වීරවංශ විසින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයෙහි ඇයගේ උපන් වර්ෂය ලෙස 1971 වසර සඳහන් කර තිබුණ නමුත්, ඇයගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුණේ 1967 වසර බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ වූ ශෂී වීරවංශට එරෙහිව රහස් පොලිසිය මගින් ගොනු කර ඇති නඩුව ඊයේ විභාගයට ගැණින.

රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා “තම බිරිඳට රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාදෙන” මෙන් එවකට නිවාස හා ඉදිකිරීම් ඇමති පදවියේ කටයුතු කළ විමල් වීරවංශ දුරකථනයෙන් තමාගෙන් ඉල්ලීමක් කළ බව කියා සිටියේය.

“ඒ අනුව දිනක් විත්තිකාර ශෂී වීරවංශ මා හමුවට පැමිණියා. ඇයගේ සොහොයුරකු වන අජිත් කුමාර නමැත්තා පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමාගේ සහ තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන මතු වූ බව ඇය කියා සිටියා. ඒ නිසා 2004 වසරේ ලබා ගත් ඇයගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ නම සහ උපන් දිනය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඇතුළත් වන බවත් එය නිවැරදි කර රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා දෙන මෙන් ඇය මගෙන් ඉල්ලීමක් කළා,” හිටපු ආගමන සහ විගමන පාලකවරයා කියා සිටියේය.

එම අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කළ රජයේ නීතිඥවරයා, විත්තිකාරියගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් උපන්දිනය සහ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඇය විසින් ඉදිරිපත් කළ අයැදුම් පත්‍රයේ සඳහන් උපන්දින අතර පැහැදිලිව වසර හතරක වෙනස්කමක් දක්නට තිබුණත් “වගකිවයුතු රජයේ උසස් නිලධාරියකු ලෙස ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගත්තේ කුමක් නිසාදැයි” සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙසේ සඳහන් කළේය.

“ස්වාමීනි, මෙවැනි අඩුපාඩු සහ වෙනස්කම් සහිත අයදුම්පත් සිය ගණනක් දිනපතා අපේ දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒවා සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර නීතිමය පියවර ගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් මනුෂ්‍යත්වය සැලකිල්ලට ගෙන මම එහෙම කළේ නැහැ. මෙම විත්තිකාරියගේ අයැදුම් පත්‍රය සම්බන්ධයෙනුත් මා අනුගමනය කළේ එවැනි පිළිවෙතක්.”

විත්තිකාර ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටින ඇයගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කරමින්, සිය සේවාදායිකාවට විදේශගත වීම සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන මෙන් ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝග කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියත්, ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවය.

විත්තිකාරිය සඳහා විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් නොකරන මෙන් අධිකරණයෙන් කිසිදු තහනම් නියෝගයක් පනවා නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නීති හා රෙගුලාසි අනුව මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට එහි නිලධාරීන්ට හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේය.

Leave A Reply

Your email address will not be published.