topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අටවාගත් මේ ආණ්ඩුවටත් ගමනක් නැහැ.

jvp_2019_01_02
මේ වසර මැතිවරණ වසරක් වීම නොවැළැක්විය හැකි කරුණක්. පළාත් සභා නමයේ මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිතයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිතයි. ඒ වගේම පසුගියදා සිදුවුණු කුමන්ත‍්‍රණයෙන් පසුව අටවා ගත් වත්මන් ආණ්ඩුවට දිගු කාලයක් මේ රට පාලනය කිරීමට හැකියාවක් නොමැති නිසා අනිවාර්යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමට  කටයුතු කරනවා යයි  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  අනුර කුමාර  දිසානායක  පවසයි . අනුර කුමාර දිසානායකයන්  මෙසේ  සදහන් කර සිටියේ   බත්තරමුල්ල ,පැලවත්ත  ප්‍රධාන  ප්‍රධාන කාර්යාලයේ  අද පැවති මාධ්‍ය හමුවක්   අමතමිණි. එහෙදි වැඩිදුරටත්  අදහස් දැක්වූ අනුර දිසානායකයන් ”  මේ වනවිට උතුරේත් දකුණේත් ජාතිවාදී ගැටුමක් ඇතිකිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයක් විසින් ජාතිවාදී බොරු මත වපුරුවමින් ඉන්නවා. උතුරේ බලය අත්පත් කරගන්න උතුරේ ජාතිවාදී කණ්ඩායම්, දකුණේ බලය අත්පත් කරගන්න දකුණේ ජාතිවාදී කණ්ඩායම්, ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගෙන ජාතිවාදය වපුරුවමින් ඉන්නවා. දකුණේ ජාතිවාදී කඳවුර වන මහින්ද රාජපක්‍ෂ කඳවුර රට බෙදීම, රට ෆෙඩරල් කිරීම පැත්තෙන් ජාතිවාදී මතයක් වපුරුවමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් විසින් ජනතා විමුක්ති පෙරමුණ රට බෙදන්න සහාය වන බවට චෝදනාවකුත් එල්ල කරමින් තිබෙනවා. අපි ඉතාම පැහැදිලිව කියනවා, ජනතා විමුක්ති පෙරමුණේ අතීත භාවිතය පදනම් වූයේ අපේ රටේ මාතෘභූමියේ ජනතාවගේ අයිතිවාසිකම් වුවමනාවන් පෙරට තබා සිදු කරන ලද දේශපාලන භාවිතයක්. රට බෙදීමේ අනතුරක් පැවති හැම අවස්ථාවකදීම ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කැපවීමෙන් වැඩ කළා. සමහරු ඇඳන් යට හැංගිලා ඉද්දී ජවිපෙ එම කාර්යභාරය මැනවින් ඉටු කළා.
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් බවට පත්කළා. පසුව වසරක් ඇතුළත් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුව තිබුණා. නමුත් එම ජනමත විචාරණය මේ වෙනකම් පැවැත්වුයේ නැහැ. හිටපු ජනාධිපතිවරු ගැසට් නිවේදන මගින් එය දීර්ඝ කරමින් හිටියා. මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීමෙන් පසුවත් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය විසින් අත්සන් කර තිබූ ගැසට් නිවේදනය කි‍්‍රයාත්මක කළා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි 2006 අධිකරණයට යාමෙන් පසුව තමයි උතුරු නැගෙනහිර පළාත් දෙක වෙන් කිරීමට කටයුතු කළේ. ඒ, උතුරේත් නැගෙනහිරත් පළාත්වල ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහායි.

යුද්ධයෙන් පසුව දැන් තත්වය වෙනස් වෙලා තිබෙනවා. එවැනි වෙනස්කම්වලට අනුව දේශපාලනය තෝරා ගැනීමට නොහැකි නම් එවැනි දේශපාලන ව්‍යාපාරයකින් ජනතාවට පලක් නැහැ. එම නිසා යුද්ධයෙන් පසු නව තත්වයන්ට අනුරූපී වන පරිදි සියලූ ජනතාවගේ අයිතිවාසිකම්, ගෞරවය ආරක්‍ෂා වීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට අපි පෙනී ඉන්නවා; හඬ නගනවා. අපේ සෑම මැතිවරණ ප‍්‍රකාශයකදීම අපි නිශ්චිතව සඳහන් කරනවා, 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියලා. නමුත් දැන් විවිධ ජාතිවාදී කණ්ඩායම් කියනවා, පෙබරවාරි 04ට කලින් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. රනිල්ගේ, සුමන්තිරන්ගේ, මහින්දගේ ඔලූවේ ඇතිවන හිතළුවලට අනුව නව ව්‍යවස්ථාවක් ගේන්න බැරි බව අපි ප‍්‍රකාශ කරනවා. 78 ව්‍යවස්ථාවේම තිබෙනවා, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ කොහොමද කියලා. ඒ වගේම වත්මන් පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මවක වන ආකාරයට අනුව නව ව්‍යවස්ථාවක් ගේන්න බැරි බව අපි හොඳින්ම දන්නවා. එම නිසා විවිධ කණ්ඩායම් තැන තැන වේදිකාවල කියන කතා වගකීමක් නැතිව වාර්තා කරන්න එපා කියලා අපේ රටේ මාධ්‍යවලින් ඉල්ලනවා. එවැනි හුදු ප‍්‍රකාශ ප‍්‍රචාරය කිරීම රටට කරන ව්‍යසනයක් බව අපි මාධ්‍ය ආයතනවලට අවධාරණය කරනවා.
2016 ජනවාරි 09වැනිදා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙනාවා, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව. එයින් පැහැදිලි කරන්නේ නව ව්‍යවස්ථාව සකස් කරන්නේ කුමන ආකාරයටද යන්නත් එම ව්‍යවස්ථාව සම්මත කරගන්නේ කොහොමද කියන කි‍්‍රයාවලියත්. අපේ රටේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා, නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලියත් එය සම්මත කර ගැනීමේ කි‍්‍රයාවලියත් නිවැරදිව වාර්තා කරන්න කියලා. පාර්ලිමේන්තුවේදී යෝජනා කරගත් කි‍්‍රයාවලියට කරුණු 33ක් පමණ ඇතුළත් වෙනවා. ඉන් පළවැනි එක තමයි, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීම. එහි සභාපතිවරයා වන්නේ කතානායකවරයායි. මන්තී‍්‍රවරුන් 225කගෙන් යුත් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැුස් වෙනවා. ඊට අමතරව සියලූම පක්‍ෂවල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් නියෝජනය වන පරිදි ස්ථාවර මෙහෙයුම් කමිටුවක් පත්කළා. ඊට අමතරව විවිධ විෂයයන් සඳහා අනු කමිටු ගණනාවක් පත්කොට තිබෙනවා. එම විෂයයන්වලින් ඡුන්ද ක‍්‍රමය, බලය බෙදීම සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යන නිශ්චිත කරුණු 3 මෙහෙයුම් කමිටුව යටතේ වාර්තාවක් සකස් වෙනවා. ඊට අමතරව මහජන අදහස් ලබාගැනීමේ කමිටුවක්ද කි‍්‍රයාත්මක වෙනවා.
මේ වනවිට අවස්ථා ගණනාවකදී මෙහෙයුම් කමිටුව රැුස්වී තිබෙනවා. අනු කමිටු මගින්ද අදාළ විෂයන් පිළිබඳව වාර්තාවක් සකස් කෙරෙනවා. මහජනතාවගෙන් ලබාගත් අදහස් පදනම් කරගෙන තවත් වාර්තාවක් සකස් කෙරෙනවා. මෙම වාර්තා සියල්ල පදනම් කරගෙන තමයි කෙටුම්පත සකස් කළ යුතු වන්නේ. එය පාර්ලිමේන්තුවේ විවාද කොට නව යෝජනා අදහස් ලබා ගැනීමෙන් පසුව නව ව්‍යවස්ථාව සකස් කළ යුතු වෙනවා. පසුව එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී ඡුන්දය විමසනවා. 2/3ක බහුතරයක් නොලැබුණහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හැරෙනවා. නමුත් එය 2/3න් සම්මත වුවහොත් කි‍්‍රයාවලිය ඉදිරියට යනවා. අනතුරුව අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය සඳහා යොමුකර අග‍්‍රාමාත්‍යවරයාගේ වාර්තාව සහිත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. පසුව ගැසට් නිවේදනයක් නිකුත් කරන අතර පළාත් සභා නමයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ නැවත විවාද කොට 2/3න් සම්මත කොට ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ජනමත විචාරණයකට ලක් කෙරෙනවා. ජනමත විචාරණයෙන් සම්මත වුවහොත් නැවත ජනාධිපතිවරයාගේ සහතිකය මත තමයි නව ව්‍යවස්ථාව සම්පූර්ණ වන්නේ. මෙවැනි දීර්ඝ කි‍්‍රයාවලියකින් තමයි නව ව්‍යවස්ථාව සකස් වීමට නියමිතව තිබෙන්නේ. දැන් මේ ජාතිවාදී කණ්ඩායම් මොන තරම් බොරු බිල්ලෙක්ද හදන්නේ? පට්ටපල් බොරු වවනවා.
අපේ රටේ මාධ්‍ය ආයතන තමයි මෙම ජාතිවාදී කණ්ඩායම්වල බොරුව සමාජගත කරන වාහකයෙන් බවට පත්වෙලා තිබෙන්නේ. අපි පැහැදිලිව කියනවා, වර්තමාන පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්න බැහැ කියලා. සිරිමාවෝ බණ්ඩාරනායකට 2/3ක බලයක් තිබුණා. 78 ජේ.ආර්. ජයවර්ධනට 5/6ක බලයක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායකට තිබුණේ යාන්තම් 113 බහුතරය පමණයි. අද තිබෙන පාර්ලිමේන්තුව කැඳ හැළියක්. එවැනි පාර්ලිමේන්තුවකට ව්‍යවස්ථාවක් සම්මත කරගන්න බැහැ. 2/3ක් ගන්න බැහැ. කුමන්ත‍්‍රණයක් කරලා එය පරාජයට පත්වෙලා, ඇඳිවත නැතිව පාරේ ඇවිදන රාජපක්‍ෂලා පරාජය වහගන්න ව්‍යවස්ථාව පදනම් කරගෙන ජාතිවාදය වපුරනවා. එනිසා අපි මේ රටේ ජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා, එම ජාතිවාදී සටන්පාඨවල ගොදුරක් බවට පත්වෙන්න එපා කියලා. උතුරේත් අද ජාතිවාදී කණ්ඩායම් දෙකක් ඉන්නවා. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයත් විග්නේෂ්වරන්ගේ සන්ධානයත් උතුරේ ජාතිවාදය වපුරනවා. එම කණ්ඩායම් දෙකම උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක් ඉටුකර නැහැ. අපේ රටේ දුර්වලම පළාත් සභාව උතුරු පළාත් සභාවයි. ජනතාවට වැඩක් නොකර දැන් බලය වෙනුවෙන් ජාතිවාදය වපුරනවා. මෙම ජාතිවාදී කණ්ඩායම්වල ප‍්‍රයත්නය පරාජය කරන්න කටයුතු කළ යුතුයි. මෙම බොරු බිල්ලන්ට ගොදුරු වෙන්න අපේ රටේ ජනතාවට ඉඩ තබන්නේ නැහැ.
අද අපේ රටේ ඇත්ත සමාජ ප‍්‍රශ්න ගැන සංවාදයක් නැහැ. ජනතාවගේ දේශපාලන ගතිකත්වය තීරණය කරන්නෙ මාධ්‍ය ආයතන මගින්. අපේ රටේ මාධ්‍ය ආයතනවලින් ඇතැම් අවස්ථාවල ඇත්ත ප‍්‍රශ්න යට ගහනවා. බොරු ප‍්‍රශ්න උඩට ගන්නවා. මාධ්‍ය ආයතන තමයි සංවාදයට ලක්කළ යුතු මාතෘකාව තීරණය කරන්නේ. ඇතැම් මාධ්‍ය ආයතන ප‍්‍රධාන දේශපාලන කඳවුරුවල ගොදුරු බවට පත්වෙලා. ඒ නිසාම ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගිහිල්ලා. පසුගිය දේශපාලන කුමන්ත‍්‍රණයේ දින 50 තුළ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගැහුවා. අපේ රටේ අඩුම වැටුප් ලබන්නේ මාධ්‍යවේදීන්. ඔවුන්ගේ ප‍්‍රශ්නයවත් අඩුම තරමේ මාධ්‍ය ආයතනවලින් සාකච්ඡුාවට ලක්කරන්නේ නැහැ. ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ කර්මාන්තකරුවන්ගේ රැුකියා විරහිත තරුණයාගේ, රාජ්‍ය ආයතනවල, පුද්ගලික ආයතනවල වැඩ කරන ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගිහින් තිබෙනවා. දේශපාලන කඳවුරු දෙකට අවශ්‍ය පරිදි ව්‍යාජ ප‍්‍රශ්න ගොඩනගමින් තිබෙනවා. ව්‍යාජ ප‍්‍රශ්න වෙනුවට ඇත්ත ප‍්‍රශ්න අභිමුඛ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මේ වසරේ කටයුතු කරනවා. එය තමයි නව වසරේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අරමුණ වන්නේ. අපේ රටේ ජනතාව මුහුණ දී සිටින දුක්ඛදායක, ඛේදජනක ඉරණම වෙනස් කළ යුතුයි. අපේ රටේ අශිෂ්ට දේශපාලනය වෙනුවට ශිෂ්ට දේශපාලනය ස්ථාපිත කළ යුතුයි. පහුගිය මාස කිහිපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දේශපාලන සදාචාරය ගැන ව්‍යාජ ලෙස පෙනී හිටපු රනිල් වික‍්‍රමසිංහලා අද තමන්ගේ ගොඩ බේරගන්න නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙලා ඉන්නවා ව්‍යවස්ථාව කඩලා, ඇමතිවරු 35ක් පත්කරගන්න කිසිදු ලැජ්ජාවක් නැතිව නාමලේඛන සකස් කළා. එනිසා මෙම ප‍්‍රධාන දේශපාලන කඳවුරු දෙකටම අපේ රටේ දේශපාලනය ශිෂ්ටත්වයට පත්කළ නොහැකියි. අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා. එනිසා ආර්ථිකය නව ම`ගකට ගැනීමේ සාකච්ඡුාව අපි ආරම්භ කරනවා. සේවා ක්‍ෂේත‍්‍රයේ ගැටළු, අද කතා කෙරෙන්නේ නැහැ. බොරු වළවල් වටේ කැරකෙන ජනතාවත් මාධ්‍යයත් ඉන් මුදාගෙන ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුාවක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ යම් දුරක් ගොස් තිබෙනවා. දැන් තිබෙන්නේ, අග‍්‍රාමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඉන් පසුව එය පාර්ලිමේන්තු විවාදයට ලක්කොට 2/3න් සම්මත කරගත යුතුව තිබෙනවා. ඉන් අනතුරුව ජනමත විචාරණයකට ලක්කළ යුතුයි. අපි මේ රටේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්නේ ඉල්ලනවා, 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සිර කරන්නේ නැතිව 2/3න් සම්මත කොට ජනමත විචාරණයකට ලක් කිරීමට ඉඩ ලබාදෙන්න කටයුතු කරන්න කියලා.
විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවල අපේ රටේ මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගත්තා. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවේ චෙක්පත් මුද්‍රණය කිරීම බාර දීලා නම්මා ගත්තා. කුමන හෝ ආකාරයෙන් තමන්ට හීලෑ කරගන්න බැරි මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. එනිසා අපේ රටේ හැම ආණ්ඩුවකින්ම මාධ්‍යයට තර්ජන තිබ්බා. දැන් නව ක‍්‍රමවේදය වෙලා තිබෙන්නේ තමන්ට හීලෑ නොවන මාධ්‍ය ආයතනවලට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබා නොදීමේ තර්ජනයයි. රාජ්‍ය ආයතනවල දැන්වීම් සඳහා වියදම් කරන්නේ ජනතාවගේ මුදල්. එම ජනතා මුදල් ආණ්ඩුවේ දේශපාලනය අනුව තමන්ට හිතකරද නැද්ද යන තීරණය මත යොදා ගැනීම අනුමත කළ නොහැකි කටයුත්තක්. එය හෙළා දැකිය යුතු කරුණක්.
රාජ්‍ය මාධ්‍ය හැම වෙලාවේම පවතින ආණ්ඩුවේ හොරණෑව බවට පත්වුණා. අයි.ටී.එන්. නාලිකාවට පවුලේ නාලිකාව නම පටබැඳුණේ එම දේශපාලන භාවිතය නිසයි. පසුගිය ආණ්ඩුව කාලයේ ටෙලි නාට්‍ය ප‍්‍රචාරය කර ගැනීමේදී අයථා ගනුදෙනු සිදුවුණා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල දේපළ දේශපාලඥයින්ගේ පුත්තුන්ගේ නාලිකාවලට භාවිත කළා. අනෙකුත් දේශපාලඥයන්ට මඩ ගහන්න රාජ්‍ය මාධ්‍ය යොදා ගත්තා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කොමිසම අනුව ස්වාධීන රූපවාහිනියෙන් මහින්ද රාජපක්‍ෂගේ දැන්වීම් විකාශනයේ පාඩුව සහ ජනාධීපතිවරණය සමයේ මෛතී‍්‍රපාල සිරිසේනගේ දැන්වීම් ප‍්‍රචාරය නොකිරීමේ පාඩුව පමණක් රුපියල් විසි දෙකෝටි පනස් අට ලක්‍ෂයක් පමණ වෙනවා. එහි වැරදිකරුවන් ලෙස කෙහෙලිය රඹුක්වැල්ල, මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් නම් කොට තිබෙනවා. එනිසා මෙවැනි මාධ්‍ය දේශපාලනීකරණයට එරෙහිව එම ආයතනවල සේවකයින් නැගී සිටීමේ වගකීමක් ඔවුන්ට තිබෙනවා. එම දේශපාලනයේ ගොදුරක් නොවී ඉන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. සත්‍ය වශයෙන් කළ යුතු වන්නේ මාධ්‍ය ආයතනවලින් හොරකම් කරපු, හොරු එම ආයතනවල තනතුරුවලට පත් කරපු පුද්ගලයින්ගේ වැඩ තහනම් කිරීමයි. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ සේවකයින්ගේ වැඩ තහනම් කිරීමයි. ස්වාධීන රූපවාහිනියේ අද සිදුවී තිබෙන්නේ එයයි. එම තත්වය වහාම වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව භාර දුන්නෙ 2017.12.30 වැනිදා. ඒ පිළිබඳව කෝප් පාර්තාව ඉදිරිපත් කොට මාස 18ක් ගතවෙනවා. ගනුදෙනුව සිදුවී වසර හතරකට ආසන්න කාලයක් ගතවෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් නඩුවක් ගොනුකර නැහැ. නඩුවක් නොමැතිව සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටියා. ඒ පරීක්‍ෂණ කටයුතු සිදුකරන නිසා. නමුත් පරීක්‍ෂණ කටයුතු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නිසාත්, ප‍්‍රධාන සැකකරුවෙක් වන අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගැනීම නිසාත් අධිකරණය අර්ජුන ඇලෝෂියස්ට සහ කසුන් පලිසේනට ඇප ලබාදෙන්න තීරණය කරනවා. වංචාව-දුෂණය ගැන මහා ලොකුවට කතා කරන ජනාධිපතිවරයාගේ කොමිෂන් වාර්තාව අනුවවත් නඩුවක් ගොනුකර නැහැ. ජනාධිපතිවරයා නිකම් බොරුවට තප්පුලන පුද්ගලයෙක් බවට පත්වෙලා. රනිල් වික‍්‍රමසිංහ සටකපට කුප‍්‍රකට පුද්ගලයෙක්. ඔහු දුෂිතයින් ආරක්‍ෂා කරනවා. අර්ජුන මහේන්ද්‍රන් රටින් පිටමං කළේ රනිල් වික‍්‍රමසිංහයි. ඔහු තමයි මහ බැංකු අධිපතිවරයා ලෙස ජනතාවට වගකිව යුත්තේ. එම දුෂිත ගනුදෙනුව වෙලාවේ බහ බැංකුව බාර ඇමතිවරයා වුණේ රනිල් වික‍්‍රමසිංහයි. දැන් තහවුරු වෙලා තිබෙන්නේ උන් ආවොත් උංගෙ හොරු රකින බවත් මුං ආවොත් මුංගේ හොරු රකින බවත් කියන කාරණයයි. මේ දෙගොල්ලන්ටම දඬුවම් දෙන්න හැකි වෙන්නේ හොරකම් නොකරන දේශපාලන පක්‍ෂයක් බලයට ආවොත් පමණක් බව මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි.
අපි ජනාධිපතිවරයාට කියන්නෙ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කියලයි. ඒක ජනතා මුදල් වැය කොට සකස් කරපු වාර්තාවක් නිසා එහි තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් තිබෙනවා. එම වාර්තාව පාරලිමේන්තුවට නොදැමීමෙන් තහවුරු වෙන්නේ ජනාධිපතිවරයාගේ හොරු රැකීමේ කැමැත්තයි. ජනාධිපතිවරයාම ප‍්‍රකාශ කළ පරිදි 2006 සිට මහ බැංකු බැඳුම්කරවලින් සිදුවූ පාඩුව බිලියන 1,000ක්. ඒවා සිදුවූයේ කොහොමද කියලා ජනාධිපතිවරයා රටට ප‍්‍රකාශයක් කළ යුතුයි. අද ජනාධිපතිවරයා අතුරේ ඉන්න පුද්ගලයෙක් වගෙයි. ඒ පැත්තට යනවාද මේ පැත්තට යනවද කියලා තීරණයක් නැහැ. ඒ නිසා දෙපැත්තේම හොරු රකිනවා. අගමැතිවරයාත් මේ හොරකමට සම්බන්ධ නිසා ඔහුගෙන් සාධාරණ පරීක්‍ෂණයක් බලාපොරොත්තු විය නොහැකියි. ජනාධිපතිවරයා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගි විය

 

Leave A Reply

Your email address will not be published.