Maithripala-Sirisena-1200x955

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා ඇත්තේ බෝඩ් ලෑලි වලට සීමා වූ ආයතන හතරක් බවට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත.

මෙය තමාගෙන් පලිගැනීමක් බවට කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයකට ද ජනාධිපතිවරයා එහිදී පිළිතුරු දී ඇත.

තමාට කිසිවකුගෙන් පලිගැනීමේ අවශ්‍යතාවයක් නැති බව පවසා ඇති ජනාධිපතිවරයා අගමැති කාර්යාලයේ අමාත්‍යංශ ලැයිස්තුව එවීමේද ප්‍රමාදයක් සිදු වූ බවත් නව වසරේ අමාත්‍යංශවලට කටයුතු ආරම්භ කළ යුතු නිසා ගැසට් නිවේදනය හදිසියේම නිකුත් කළ බවත් සඳහන් කර තිබේ.

කිරිඇල්ලගේ අමාත්‍යංශයට ආයතන බෙදන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ  වෙත ලිපියක් එවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව සාකච්ඡා කර නිවැරදි කිරීමක් කරන්නේ යැයි ද පවසා ඇත.