topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දගේ උදයංගට එමීර් රාජ්‍යයෙනුත් නඩු.

Udayanga_Weerathunga

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයද නඩු පවරා ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ උදාර කරුණාතිලක පෙරේදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ. ඔහු එලෙස දන්වා ඇත්තේ 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුව යළි කඳවූ අවස්ථාවේදීය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න හමුවේ නඩුව කැඳවා තිබේ.

උදර්පනය (සැකකරුවකු එක් රටක සිට තවත් රටකට ගෙන ඒම) යටතේ ශ්‍රී ලංකා රජය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් උදයංග වීරතුංග යන අයට එරෙහිව නඩු පවරා ඇති බවද එම නඩුව වෙනම නඩුකරයක් යටතේ පවරා ඇති බවද රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. අදාළ නඩුව සැප්තැම්බර් 10 වැනිදා කැඳවීමට නියමිත බවත් අදාළ නඩුව සම්බන්ධව හිටපු තානාපතිවරයා ඉදිරිපත් වීමට නියමිතව බවද අධිනීතිඥවරයා අධිකරණයට දන්වා තිබේ.

මිග් යානා ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගෙවන ලද මුදල් මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වී ඇති වෙලවිසා හෝල්ඩින්ග්ස් නමැති සමාගමේ ගිණුම් පවතින යුනිකේ‍රඩිට් නම් සිංගප්පූරුවේ පිහිටි බැංකුවක බැංකු ගිණුමකට බැරවී ඇති බවද එම ගිණුම හරහා ලැට්වියාව, පැනමාව, ලිතුවේනියාව, යුක්රේනය යන රටවල පිහිටි බැංකු ගිණුම්වලට සම්ප්‍රේෂණය වී ඇති බවද එලෙස සම්ප්‍රේෂණය වූ මුදල් හිටපු තානාපතිවරයාගේ මෙරට බැංකු ගිණුමක ප්‍රේෂණය වී ඇති බවද රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා ඇති අතර ලැට්වියා, පැනමාව, ලිතුවේනියාව හා යුක්රේනය යන රටවලට ප්‍රේෂණය වී ඇති මුදල් තිබෙන බැංකු ගිණුම් අංක පවා අනාවරණය කරගෙන තිබෙන බවද අධිනීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව හිටපු තානාපතිවරයාගේ, ඔහුගේ බිරිය වන ඔමා ඉන්දුමතී වීරතුංග, හිටපු තානාපතිවරයාගේ ඥාතීන් වන චයනි නිරෝෂා වීරතුංග, කමනි වීරතුංග, ලතා ඉන්ද්‍රානි මනම්පෙරුම, ලෙලුම් දුමින්ද මනම්පෙරුම යන අයගේ බැංකු ගිණුම් 14 සහ මූල්‍ය ආයතන 46කට අදාළ තොරතුරු ඇතුළත් බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක  අධිකරණයෙන් නියෝග ඉල්ලා ඇති අතර කොටුව මහෙස්ත්‍රාත්වරිය අදාළ වාර්තා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙසට අදාළ බැංකුවල කළමනාකරුවන්ට නියෝග නිකුත් කර තිබේ. සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළ බවත් ඔක්තෝබර් 26 වැනිදා නඩුව කැඳවීමට නියමිතය බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.