topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුහුරු පන්ති කාමරය අපේ දරුවන් අලුත් ලෝකයට රැගෙන යනවා.

Ranil 2

 සුහුරු පන්ති කාමරය අපේ දරුවන් අලුත් ලෝකයට රැගෙන යනවා යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.  2017.09.29 වන දින කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ සුහුරු පන්ති කාමර නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“සුහුරු පන්ති කාමරය නිරීක්‍ෂණය කිරීම සඳහා අද මම කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට පැමිණියා. නව තාක්‍ෂණය යොදා ගනිමින් ඉදිරියේ දී දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අපි සූදානම්.

අප පාසල් යන අවදියේ අධ්‍යාපනය ලබා දීම සඳහා සිටියේ එක් ගුරුවරයෙක් පමණයි. නමුත් අද වන විට අන්තර්ජාල තාක්‍ෂණය, පණිවුඩ හුවමාරු තාක්‍ෂණය, වීඩියෝ තාක්‍ෂණය හා ක්ලවුඩ් තාක්‍ෂණය ආදිය හරහා ලෝකයේ දැනුම පන්ති කාමරයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. එම තාක්‍ෂණය පන්ති කාමරයට ගෙන ඒමේ පළමු අත්හදා බැලීම අප සිදු කරන්නේ කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේදීයි.

එසේ නම් මෙම නව පන්ති කාමරයේ අධ්‍යාපනය හදාරන්නට සූදානම් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලංකාවේ වෙනත් කිසිඳු පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොලැබෙන ආකාරයේ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ නව තාක්‍ෂණය සමග දැනුම ලබාගැනීම හරහා අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට ඔවුන්ට හැකි වීමයි.

මෙම පාසලට මෙලෙස නවීන තාක්‍ෂණය සහිත පන්ති කාමරයක් ලැබීම පුදුමයට කාරණයක් නොවෙයි. මෙම කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය බ්‍රිතාන්‍ය පාලන සමයේ, 1820 – 22 වර්ෂවල ,ක්‍රිස්තියානි ආයතනය  නමින් ආරම්භ කළ අධ්‍යාපන ආයතනයක්. එහි මූලික පරමාර්ථය වූයේ ක්‍රිස්තියානි සභාවේ පූජකවරුන් පුහුණු කරන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමයි. නමුත් ගිහි ශිෂ්‍යයන් ද අධ්‍යාපනය ලබාදීම සඳහා මෙම ආයතනයට බඳවා ගනු ලැබුවා. මෙම ආයතනය ආරම්භයේ ඉදි කළ ගොඩනැගිල්ලට අමතරව පසුකාලීනව ඉදිකළ ලැම්බ්‍රික් ශාලාව ද තවමත් දැකගන්නට පුලූවන්.

එකල, මෙම අධ්‍යාපන ආයතනය හරහා ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක, යුරෝපයේ ඉතිහාසය, ගෝලය, ගණිතය, විද්‍යාව ආදී විෂයන් හැදෑරූ පුද්ගලයන් අතළොස්සකට රටේ ප්‍රධාන තනතුරුවලට පැමිණීමේ හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මෙම ආයතනය හරහා පූජක පක්‍ෂයට ඒ අවශ්‍ය දැනුම ඉතා හොදින් ලබාගැනීමට අවස්ථාව උදා වුණා. ඇතැම් අය විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබාගත්තා. ඉන් බොහෝ දෙනෙක් ආසියාවේ පැරණිතම විශ්ව විද්‍යාලය වන  ඉන්දියාවේ, කල්කටා නුවර විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබාගත්තා. මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඔබේසේකර පරම්පරාවේ දෙදෙනෙක් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන සඳහා යොමු කළා. ඒ අනුව මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබූ පුද්ගලයන්ට අතීතයේ දී හිමිවුණු අවස්ථා ඉතා හොදින් පැහැදිලි වෙනවා. එදා වගේම අදටත් මෙම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ අවස්ථා තවමත් තිබෙන නිසා ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පන්ති කාමරය මෙම විද්‍යාලයේ දී ආරම්භ වුණා.

අතීතයේ දී වසරකට වතාවක් රටේ ආණ්ඩුකාරතුමා ශිෂ්‍යයන්ගේ ප්‍රගතිය පිරික්සීම සඳහා මෙම අධ්‍යාපන ආයතනයට පැමිණියා. 1834 වසරේ රොබට් විලියම් හෝර්ටන් ආණ්ඩුකාරවරයා මෙම පාසලේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් පසුව ,ඕනෑම රටක තරුණ පරපුරට ලබාදිය හැකි හොඳම ත්‍යාගය අධ්‍යාපනයයි යනුවෙන් පාසලේ සටහනක් තැබුවා. ඒ වගේම එකල මේ අධ්‍යාපන ආයතනය ක්‍රියාත්මක වූ ආකාරයටම ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් ද අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට එතුමා කටයුතු කළා.

ඒ අනුව ආරම්භ කළ පළමු පාසල ලෙස 1835 දී පිටකොටුවේ කොළඹ ඇකඩමිය හෙවත් රාජකීය විද්‍යාලය ආරම්භ වුණා. අනතුරුව තවත් පාසල් ගණනාවක් රට පුරා ආරම්භ කළා. කළාපයේ අනෙක් රටවල්වලට පෙර ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි අධ්‍යාපනය පැමිණියේ ඒ ආකාරයටයි. එය අපේ රටට විශාල වාසියක් වුණා. නමුත් අවාසනාවකට ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම ආරක්‍ෂා කර ගැනීමට අපට හැකි වුණේ නැහැ. එහෙත් ඉන්දියාව වැනි රටවල් ඉංග්‍රීසි අධ්‍යාපනය සමග හින්දි භාෂාවත් එකතු කර ගනිමින් එහි වටිනාකම් ආරක්‍ෂා කර ගෙන ඉදිරියට ගියා.

කෙසේ හෝ 21 වැනි සියවසට ගැලපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අපි දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙම සුහුරු පන්ති කාමරයත් එම අධ්‍යාපන ක්‍රමයේ එක් අත්හදා බැලීමක් බව කිව යුතුයි. එහි තවත් පියවරක් ලෙස එළැඹෙන වසරේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ්ලට් පරිගණක ලබාදීමට කටයුතු කරනවා. එම ටැබ්ලට් පරිගණක හරහා අන්තර්ජාලයට එකතු වීමට හා එමගින් තොරතුරු තාක්‍ෂණය පිළිබඳ දැනුම ලබා ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකියාව ලැබෙනවා.

ඒ වගේම ඉදිරියේ දී දිවයින පුරා ජාතික පාසල්වල මෙවැනි පන්ති කාමර ආරම්භ කිරීමට අපි යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කරමින් දැනුම ලබාදිය යුතු වෙනවා. එමෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරන අතර ද්විතීය මට්ටමේ දී පාසල් විෂය මාලාව සඳහා වෘත්තීය විෂයයන් ඇතුළත් කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරියේ දී වෘත්තීය පුහුණු ආයතන හරහා මෙම සුහුරු පන්ති කාමර සංකල්පය අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තවත් දශකයක පමණ කාලයක් ගත වන විට මෙම නව ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කරවීම අපේ බලාපොරොත්තුවයි.

අමෙරිකාව, එංගලන්තය ආදි දියුණු රටවල්වල දරු දැරියන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ මෙම නව ක්‍රමවේදය ඔස්සේයි. මා දන්නා සාමාන්‍ය දරු දැරියන් බොහෝ පිරිසක් එම රටවල මෙම ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබා ගන්නවා. අපේ රටවල දරු දැරියන් සහ එම රටවල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දැනුමේ වෙනස අපට දැකිය හැකියි. වර්තමානයේ තිබෙන්නේ දැනුම පදනම් කරගත් සමාජයක්. අපට තිබෙන වැදගත්ම සම්පත වන්නේ මානව සම්පතයි. මානව සම්පත දියුණු කිරීමට නම් නවීන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපනය දියුණු කළ යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අංශ වෙත එම කාර්ය භාරය අපි බාර දී තිබෙනවා. ඊට අවශ්‍ය මුදල් අප සතුව දැන් තිබෙන නිසා ඒ කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙම නවීන ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලබාදීම මීට වසර 10 කට පමණ පෙර දී ක්‍රියාවට නැංවිය යුතුව තිබූ කටයුත්තක්. මම අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි 1981-82 වර්ෂවල මේ රටේ පරිගණක අධ්‍යාපනය ආරම්භ කළා. අප එය ආරම්භ කළේ කලාපයේ බොහෝ රටවල් පරිගණක අධ්‍යාපනය ලබාදීම ආරම්භ කිරීමටත් පෙරයි. නමුත් අවාසනාවකට තවමත් අපේ රටේ බොහෝ පාසල්වලට අවශ්‍ය තරම් පරිගණක ඇත්තේ නැහැ. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ රජය යටතේ ටැබ්ලට් පරිගණක ලබාදීම ආරම්භ කළේ එම නිසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. රටේ ප්‍රධාන පක්‍ෂ දෙකට එකතු වීමට හැකි නම් ප්‍රධාන වශයෙන් අප සිදු කළ යුතු කාරණා තුනක් තිබෙනවා. ඒවා නම් ණය බරින් නිදහස් වීම, තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා බිහි කිරීම සහ රටේ අධ්‍යාපනය දියුණු කිරීමයි. අධ්‍යාපනයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පියවර ගත් විට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක සෑම විටම තම තමන්ට වාසි වන ආකාරයට එම තීන්දු තීරණ දෙපැත්තට ඇදීමට කටයුතු කළා. නමුත් දැන් ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු වී සිටින නිසා ආරම්භ කරන වැඩපිළිවෙළ වෙනස් කිරීමට හෝ දෙපැත්තකට ඇදීමට ඉදිරියේ දී කිසිවෙකුටත් හැකියාව ලැබෙන්නේ නැහැ.

රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකට එකතු වීම සම්බන්ධයෙන් බොහෝ දෙමව්පියන් කැමැත්ත පළ කරන්නේ එම නිසයි. අපි කෙතරම් වාද විවාද කළත් මෙම වැඩ කටයුතු ක්‍රියාවට නංවනවා දැකීමට ඔවුන් කැමතියි.

නමුත් 2015 වසර වන විට මේ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ වන විට රටේ ණය බර වැඩි වී, ණය හා පොලී ගෙවීමට ජාතික ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වී තිබුණා. ණය බර පාලනය කරමින් රටේ ආදායම වැඩි කර ගැනීමට අප කටයුතු කළා. අප ගත් එම ක්‍රියාමාර්ග නිසා අද වන විට ණය බරට වඩා අපේ ආදායම වැඩි වී තිබෙනවා.

තවත් සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේ දී ණය ලබා ගැනීමට අපට සිදුවෙනවා. පසුගිය කාලයේ පැවැති ණය බර අඩු කිරීමට හැකි වූ නිසා මෙවැනි නව ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට අපට හැකියාව ලැබුණා.

හම්බන්තොට වරායේ ණය ගෙවීම සම්බන්ධයෙන් අපට විශාල ප්‍රශ්නයකට මුහුණදීමට සිදුව තිබුණා. නමුත් අප ගත් ක්‍රියාමාර්ග නිසා අද එම ණය බරින් ගැලවීමට අපට හැකි වී තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර තුන අප යොදවන්නේ රටේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන ලබා ගැනීම සඳහායි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ දී රටට අවශ්‍ය ආයෝජන ලබා ගනිමින් ඒ හරහා රටේ ආර්ථිකය දියුණු වූ විට 2020 – 25 පමණ වනවිට ණය බරින් නිදහස් වීම විශාල ගැටලූවක් වන්නේ නැහැ.

අපට අපහසුම වර්ෂ වන්නේ 2017, 2018 සහ 2019 වර්ෂයි. නමුත් එම ගැටලූ විසදා ගනිමින් අප රටක් ලෙස ඉදිරියට යනවා. ඒ අතර ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ලක්‍ෂ 4 ක් පමණ බිහි කිරීමට අපට හැකි වුණා. නිවාස ලක්‍ෂ 2 ක් ඉදිකිරීම සඳහා ආධාර උපකාර ලබා දුන්නා. ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමට හැකි වුණා. ඒවගේම දරුණු ගණයේ අපරාධ 30% කින් අඩු කර ගැනීමට අපට හැකි වී තිබෙනවා.

මේවා ආණ්ඩුවක් විසින් කළ යුතු කාර්යභාරයන්. කුමන පක්‍ෂයක් ආණ්ඩු බලය ලබාගත්තත් රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. අධ්‍යාපනය වෙනුවෙන් වැඩි වශයෙන් මුදල් වෙන් කර තිබෙන අතර වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් එය අත්හදා බැලීම දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම පාසල් පරීක්‍ෂක තනතුර නැවත ඇති කර තිබෙනවා. විදුහල්පතිවරුන්ට ශ්‍රේණිගත කිරීම නීත්‍යානුකඣලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දුෂ්කර පාසල් සඳහා ගුරුවරුන් ලබාදීම ආදී අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනයේ වැදගත්කම අපි හොදින් අවබෝධ කර ගෙන තිබෙන නිසයි.

ආණ්ඩුවක් ලෙස අප බාර ගෙන තිබෙන ප්‍රධාන කාර්යයක් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීමයි. එම වැඩකටයුත්ත සිදු කළ යුත්තේ 21 වැනි ශතවර්ෂයට ගැලපෙන ආකාරයටයි. මෙම සුහුරු පන්ති කාමර වැඩපිළිවෙළ ආරම්භ කළේ හර්ෂ ද සිල්වා ඇමැතිතුමාගේ සංකල්පයක් අනුවයි.

ශ්‍රී ලංකාවේ පළමු සුහුරු පන්ති කාරමය තමන්ගේ ආසනයේ පාසලක පිහිටුවීමට එතුමා විශාල උත්සාහයක් ගත්තා. එම කර්තව්‍යය සඳහා පළාත් අධ්‍යාපන ඇමැතිතුමාගේ ආධාර උපකාර ද හිමි වුණා. සුහුරු පන්ති කාමර පිළිබඳ මෙම පළමු අත්හදා බැලීම සාර්ථක කර ගනිමින් එය රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරමු. මෙම පළමු අත්හදා බැලීමට සහයෝගය ලබාදුන් මෙම පාසලේ විදුහල්පතිතුමා ඇතුලූ ආචාර්ය මණ්ඩලයටත්, උදව් උපකාර සියලූ දෙනාට ස්තුති වන්ත වෙනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.