topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පරණ කොල්ල කල්ලිය වෙනුවට අලූත් කොල්ල කල්ලියක් රට පාලනය කරනවා.

Tilwin Silwa_ Jvp News

මේ ආණ්ඩුවට අවුරුදු 2යි. මේ වසර දෙක ඇතුළත ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් ජනතාවට වුණු පොරොන්දු කිසිවක් ඉටු කරන්න අසමත් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව ගිය පාරේම යමින් තිබෙනවා. අපේ රටේ සම්පත් කොල්ලකමින් වංචා දු ෂණය කරමින් ආර්ථිකය කොල්ලකමින් තිබෙනවා. එම නිසා මේ ආණ්ඩුවේ වංචාවට-දු ෂණයට, ආර්ථික කොල්ලට එරෙහිව අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරනවා.  යයි  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මෙම අදහස්  ප්‍රකාශ කලේ  අද දින (20) බත්තරමුල්ල,පැලවත්ත  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානකාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා

“රට සංවර්ධනය  කරනවා  කිව්වා. වංචා-දුෂණය නතර කරනවා කියලා. ජාතිවාදය පරාජයට පත්කරනවා කියලා. නමුත් වසර දෙකක් ගත වුණාට පස්සේ ශේෂ පත‍්‍රය මොකක්ද? ආණ්ඩුව ඒ සියල්ලට අසමත් බව ඔප්පු කරලා තිබෙනවා. ආර්ථික සංවර්ධනය වෙනුවට ආර්ථික කොල්ලයක් සිදුකරමින් ඉන්නවා. වංචාව-දුෂණය තතර කරනවා වෙනුවට හොරු බිහිවෙලා තිබෙනවා. හොරුන්ට තනතුරු වරප‍්‍රසාද දෙමින් තිබෙනවා. ජාතිවාදය පරාජයට පත්කරනවා වෙනුවට ජාතිවාදයට ඉඩ දී තිබෙනවා. අසාර්ථක අසමත් ආණ්ඩුවක් බවට පත්වෙලා. අපේ රට විශාල ආර්ථික අර්බුදයක හිරවෙලා. ඒවට උත්තර නැහැ. රටේ නිෂ්පාදනය වැඩි කරනවා වෙනුවට රටේ ඉඩම් සම්පත් විදේශ සමාගම්වලට පවරමින් තිබෙනවා. මිනිරන් පතල්, ඛනිජ වැලි නිධි, ති‍්‍රමලේ තෙල් ටැංකි පමණක් නෙවෙයි, හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට පවරන්න යනවා. හම්බන්තොට ඉඩම් කියන්නේ විශාල අලි ගහනයක් සිටින විශාල පරිසර සම්පතක් වන ප‍්‍රදේශයක් ඉතාම පරිසරයට සංවේදී කලාපයක්. ඒ වගේම ඌව, වෙල්ලස්ස ඉඩම් අක්කර 60,000ක් උක් වගා කරන්න සිංගප්පූරු සමාගමකට දෙන්න හදනවා.

ගංවතුර, නාය යෑම්, නියඟය ඇති වුණාම පරිසර ප‍්‍රශ්න මහ ලොකුවට කතා කරන ආණ්ඩුව, පරිසරය විනාශ කර උක් වගා ව්‍යාපෘති ගේන්න හදනවා. ඌව ජනතාවගේ පාරම්පරික, වටිනා, පරිසර සංවේදී ඉඩම්වල උක් වගා කරන්න හදනවා. ආණ්ඩුවට සීනි නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ නම් කලින් උක් වගා කරපු කන්තලේ ප‍්‍රදේශය තියෙනවා. පාවිචිචි නොකර වහලා දාලා තිබෙන සීනි කර්මාන්ත ශාලාව තිබෙනවා. ඒවා දියුණු කරන්න පුළුවන්කම තිබියදී අලූතින් ගස් කපලා උක් වගා කරන්න හදනවා. මේ නිසා ඇතිවන පරිසර හානිය බරපතළයි. ඒවා ගැන නොහිතා කීයක් හරි හම්බ කරගන්න රටේ ඉඩම් ටික විකුණන්න හදනවා. එක පැත්තකින් ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණනවා. ආණ්ඩුවේ සම්පත් ටික විකුණනවා. අනෙක් පැත්තෙන් ජනතාවගේ බදු මුදල් නාස්ති කරනවා. බඩු මිල වැඩි වෙද්දී බස් ගාස්තු වැඩිකරන්න කතා කරද්දී හාල්, පොල් සීයට නගිද්දී ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව අමාරුවෙන් ගෙවන බදු මුදල් කෝටි ගණන් නාස්ති කරන වාහන, අමාත්‍යාංශ ගොඩනැගිලි, මිලදී ගනිමින් තිබෙනවා. ආණ්ඩුව අමාත්‍යාංශ ගොඩනැගිලි සඳහා පමණක් මාසෙකට රුපියල් මිලියන 150ක් වියදම් කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලට පමණක් රු. ලක්‍ෂ 245ක්. රාජ්‍ය සේවකයින්ගේ පෙන්ෂන් එක පවා කප්පාදු කරන ආණ්ඩුව මේ විදිහට ජනතා මුදල් නාස්ති කරනවා. ඇමතිවරුන්ගේ, හිතවතුන්ගේ සුඛ විහරණයට මුදල් වියදම් කරමින් තිබෙනවා.
දැන් හැම ඇමතිවරයෙකුටම හම්බ කරගන්න ආයතනයක් දීලා. අමාත්‍යාංශවලට විෂයයන් බෙදා තිබෙන්නේ කිිසිම විද්‍යානුකූල පදනමකින් නෙවෙයි. ජනාධිපතිවරයා ලොකු පම්පෝරියක් ගහලා කැබිනට් සංශෝධනයක් කළා. රවී කරුණානායක මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා විදෙස් ඇමතිකම දුන්නා. ඊට පස්සේ විෂයයන් බෙදනකොට මුදල් අමාත්‍යාංශ්‍ය යටතේ තිබුණු ලොතරැුයි මණ්ඩල දෙකත් රවීට දුන්නා. රවී ලොකු ආසාවකින් හිටියා, ලොතරැුයි මණ්ඩල දෙක ගැන. මේ අමාත්‍යාංශ විෂයන් බෙදලා තිබෙන්නේ රට හැදීමේ සැලසුමකට නෙවෙයි. ඇමතිවරුන්ට මහජන මුදල් කොල්ලකා ගන්නයි. රටේ සංවර්ධනය වෙනුවෙන් සංවර්ධන ඇමතිවරු කොයි තරම්ද? පළාත් සභා නමයට සංවර්ධන ඇමතිවරු 9යි. ඊට අමතරව ආණ්ඩුවේ පළාත්වලට වෙනම සංවර්ධන ඇමතිවරු. මේ තරම් ඇමතිවරු ඉඳලත් රට සංවර්ධනය වෙන්නේ නැහැ. ඇමතිවරු ප‍්‍රමාණය වැඩිවෙලා ඇමතිවරු සංවර්ධනය වෙලා. පහුගිය ආණ්ඩුවේ කොල්ල කල්ලිය වෙනුවට අද තවත් කොල්ල කල්ලියක් රට පාලනය කරනවා.
මේ කොල්ල කල්ලියට කොල්ලකන්න මුදල් නැති නිසා අලූත් වැඩකට අත ගහන්න යනවා. මුදල් රාජ්‍ය ඇමති එරාන් කියනවා, අලූත් බදු ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න පනතක් ගේනවා කියලා. ඔහු කියන්නේ දැන් තිබෙන බදු ප‍්‍රතිපත්තිය සංකීර්ණයි කියලා. මෙහෙම කියලා ජනතාවට ගහන බදු අඩු කරන්න නෙවෙයි මේ පනත් ගේන්නේ. තව තවත් ජනතාවට ගහන බදු වැඩි කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඇමතිවරුන්ට ඔවුන්ගේ යාළුවන්ට අගමැති යාළුවන්ට, කොල්ලකන්න මුදල් හොයන්නයි මේ හදන්නේ. මේ කොල්ලකෑමට එරෙහිව දැවැන්ත ජනතා බලයක් ගොඩනගන්න ඕනෑ.
මේ ආණ්ඩුව තුළ වංචාව-දුෂණය ඉහවහා ගිහිල්ලා. මහ බැංකු වංචාවට එරෙහිව ගත්ත පියවර මොකක්ද? මහ බැංකු හොරකම මුලින්ම හෙළි කළේ අපි. ඉන් පස්සේ ඒ පිළිබඳව කෝප් වාර්තාවක් ඉදිරිපත්කළා. කෝප් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන්නේ නැතිව ජනාධිපති කොමිසමක් දැම්මා. කොමිසමට ආපු බැංකු නිලධාරීන්, විගණකාධිපතිතුමා පැහැදිලිව කියලා තිබෙනවා අර්ජුන මහේන්ද්‍රන් මේ කොල්ල කෑමට සම්බන්ධයි කියලා. ඒත් ඔහුට එරෙහිව කි‍්‍රයාමාර්ගයක් නැහැ. දැන් ජනතාවට වෙලා තිබෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන එකයි. අවුරුදු දෙකක් ගත වෙලත් ගත්ත නීතිමය පියවරක් නැහැ. ඒ විතරක් නෙවෙයි. කලින් ආණ්ඩුවේ එක හොරෙකුටවත් මේ ආණ්ඩුව දඬුවම් දීලා තිබෙනවාද? නඩු විභාගයක් පටන් අරගෙන තිබෙනවද? නැහැ. බී රිපෝට් හදනවා විතරයි. නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් ගොඩගහගෙන බලාගෙන ඉන්නවා. හොරු වැජඹෙනවා. පරණ ආණ්ඩුවේ හොරු ෂේප් කරගෙන අලූත් ආණ්ඩුවේ හොරු හොරකම් කරනවා. මොකද, පරණ හොරුන්ට දඬුවම් දුන්නොත් අලූත් ආණ්ඩුවේ හොරුන්ට හොරකම් කරන්න බැරි වෙනවා.
මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා මීට අවුරුද්දකට පමණ ඉහතදී ගාල්ලේදී කිව්වා, මහින්ද රාජපක්‍ෂගේ ෆයිල් එකක් තමන් සතුව තිබෙන බවත් ඒක එළියට දැම්මොත් මහින්දට පාරට බහින්න වෙන බවත්. අපි මෛතී‍්‍රගෙන් අහනවා ඒ ෆයිල් එක කෝ කියලා. ඒ ෆයිල් එකේ තිබුණු දේවල් රටේ ජනතාවට කිව්වද කියලා? මේක ඒ දෙන්නගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නෙවෙයි. මේක ජනතාවගේ ප‍්‍රශ්නයක්. අපිට කියන්න තියෙන්නේ එක්කෝ මේ කතාව මෛතී‍්‍රගේ බොරුවක්. නැත්නම් දොගොල්ල එකතු වෙලා දෙගොල්ලන්ගේ පිට කසා ගැනීමක්. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරයා විශේෂ හෙළිදරව්වක් කළා. ඔහු කිව්වා, නිල්වලා ව්‍යාපෘතියට රුපියල් කෝටි 400ක් වෙන් කළා, නමුත් ඒක කොල්ලකෑවා කියලා. ඒ මුදලින් හරි අඩක් වෙන්කරගත්තේ 2015 ජනවාරි 08වැනිදා කියලා ඔහු කිව්වා. ජනාධිපතිවරණය දවසේ මේ විදිහට මුදල් වෙන් කරන්න බැහැ. කෝ ඒවාට එරෙහිව පරීක්‍ෂණ, නීතිය කෝ? එයට එරහිව නීතිමය කි‍්‍රයාමාර්ග පටන් ගත්තොත් මුලින්ම අහුවෙන්නේ නිමල් සිරිපාල. ඒ නිසා පරීක්‍ෂණවලට අත ගහන්නේ නැහැ. මේ වංචා-දුෂණවලට එරෙහිව දඬුවම් දෙනතුරු ආණ්ඩුවට එරෙහිව සටනක් ආරම්භ කළ යුතුව තිබෙනවා.
මේ වෙනකොට ජාතිවාදයත් නැවත ඉස්මතු වෙමින් තිබෙනවා. ජාතිවාදය නිසා අපි ඕනෑ තරම් බැට කාලා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කළු ජූලිය ඇති කරලා දෙමළ ජනතාව මරලා, කඩ ගිනි තියලා, ප‍්‍රභාකරන්ට අවස්ථාව හදලා දුන්නා. අවුරුදු 30ක් ඒ යුද්ධයෙන් අපි බැට කෑවා. ඒ යුද්ධය ඉවර කරලා සමගිය හදන්න ඕන වෙලාවක නැවත ජාතිවාදී ගැටුම් හදන්න උත්සාහ කරනවා. එක පැත්තකින් සිංහල, දෙමල ජාතිවාදය. තවත් පැත්තකින් සිංහල-මුස්ලිම් ජාතිවාදයත් ඇති කරන්න හදනවා. කවුරු ජාතිවාදය ඇති කළත් වැරදියි. මේ ජාතිවාදී කි‍්‍රයාවලට එරෙහිව ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග මොනවද? පහුගිය ආණ්ඩුව ජාතිවාදී කණ්ඩායම් පිටුපස හිටියා. මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය ජාතිවාදී කල්ලි හැදුවා. වර්තමාන ආණ්ඩුව ජාතිවාදය ඉස්මතු කරන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්නවා. ඒ නිසා ජාතිවාදී කල්ලිවලට ඉඩ හැදිලා තිබෙනවා. විල්පත්තුවේ කැලෑ කැපීම කරන්නේ ජාතිවාදී පදනමෙන්. එය වැලැක්වීමට මැදිහත් වෙන්නෙත් ජාතිවාදී පදනමෙන්. ආණ්ඩුව මේ ප‍්‍රශ්නයට නීතිමය මැදිහත් වීමක් කරන්න ඕනෑ. නැගෙනහිර ප‍්‍රදේශය පුරා විද්‍යාත්මක ස්ථාන, සිද්ධස්ථාන විනාශ කරලා පල්ලි හදනවා කියලා චෝදනාවක් තිබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ පොලීසිය, පුරාවිද්‍යාඥයින් යොදවලා මේ චෝදනාව විමර්ශනය කරන එකයි. එය සත්‍යයද අසත්‍යයද දියලා හෙළිදරව් කරන එකයි. නමුත් ආණ්ඩුව නිහඬයි. ජාතිවාදීන්ට ජාතිවාදය අවුස්සන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන ඇතැමුන් මුස්ලිම් ජනතාවට පහර දෙනවා. සිද්ධස්ථානවලට පහර දෙනවා. ඒවට එරෙහිව නීතිමය පියවර නැහැ. මේ ජාතිවාදී ගැටුම් තවදුරටත් වර්ධනය වුණොත් එය අධිරාජ්‍යවාදීන්ට වාසියි. බංකොලොත් දේශපාලනඥයින් තමයි ජාතිවාදය වපුරන්නේ. ආණ්ඩුව ජාතිවාදය ඇතිකිරීමට තිබෙන ඉඩ අහෝසි කළ යුතුව තිබෙනවා.
මේ පිළිබඳව පොලීසිය බොරු ප‍්‍රකාශ කරමින් ඉන්නවා. පොලීසිය ඕ.අයි.සී. ලාට ජාතිවාදී ගැටුම් මැඩ පවත්වන්න බලය පවරලා තියෙනවා කියලා පොලීසිය කියනවා. නමුත් ඕ.අයි.සී.ලාට ඒක කරන්න පුළුවන්කමක් නැහැ. ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගන්න නියම කළාට අත්අඩංගුවට ගන්නේ නැහැ. අත්අඩංගුවට ගතයුතු පුද්ගලයින් ඇතැම් ඇමතිවරු හංගාගෙන ඉන්නවා කියලා චෝදනාවක් තිබෙනවා. මෙම ජාතිවාදීන්ට එරෙහිව පියවරක් ගන්න ආණ්ඩුව බයෙන් ඉන්නවා. ඊළඟ ඡුන්දෙදී ඡුන්දේ නැති වෙයි කියලා ආණ්ඩුවට බයක් තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව කිසිදු ප‍්‍රශ්නයක් ගැන සංවේදී නැහැ. ආණ්ඩුවට සංවේදී නැතිවීමේ රෝගය වැළඳිලා. ඒ නිසාම මේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනතා බලයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරලා තිබෙනවා ආණ්ඩුවේ ආර්ථික කොල්ලයට, වංචාවට හා දුෂණයට, ජාතිවාදයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වන්න. එහි ආරම්භයක් ලෙස ලබන 22දා කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී උද්ඝෝෂණ රැලියක් පවත්වනවා. ඉන් අනතුරුව රට පුරා උද්ඝෝෂණ මාලාවක් සහ රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.” යයි පැවසිය.
මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
රජයේ බදු ප‍්‍රතිපත්තිය විය යුත්තේ තියෙන අයගෙන් අරගෙන නැති අයට දෙන එකයි. නමුත් මේ ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ නැති අයගෙන් අරගෙන තියෙන අයට දෙන එක. රවී කරුණානායක මුල්ම අයවැය ඉදිරිපත් කරද්දී මන්දිර බද්දක් ගැන කතා කළා. මිලියන ගාණක බදු ආදායමක් ගන්නවා කියලා. නමුත් දැන් ඒ මන්දිර බදු නැහැ. වැට් බදු, ආරක්‍ෂක බදු, ජාතිය ගොඩනැගීමේ බදු කියලා ජනතාවට වක‍්‍ර බදු ගහනවා. බදු වලටත් බදු ගහනවා. ඒ නිසා තමයි දුරකතන බදු 49%ක් වෙලා තිබෙන්නේ. බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරනවා කියලා තව තවත් බදු වැඩි කරන්න හදනවා. මේ ආණ්ඩුවට තිබෙන එකම ආදායම බදු ආදායමයි. මේ ආණ්ඩුවේ සෘජු බදු අඩුයි. වක‍්‍ර බදු වැඩියි. වක‍්‍ර බදු කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඒ කියන්නේ පොදු ජනතාවගෙන් අය කරනා බදු. ජනතාවට බදු ගහලා තමයි මේ ආණ්ඩුව ආදායම් හොයන්නේ. මේ ආණ්ඩුවලට තිබෙන්නේ අසාධාරණ බදු ප‍්‍රතිපත්තියක්. ආණ්ඩුව මන්දිර බදු ගහනවා කියලා කළේ බොරුවක්. එහෙම කරන්න කරුණු දෙකක් තිබුණා. ආණ්ඩුවට වුවමනාව තිබුණා, පොදු ජනතාවට බදු ගහද්දී ඉහළ පන්තියටත් බදු ගහනවා කියලා ප‍්‍රකාශයක් කරන්න. ඊට අමතරව විරුද්ධවාදීන් කිහිප දෙනෙක්ගෙන් පළිගන්න වුවමනාව ආණ්ඩුවට තිබුණා. ඒත් මන්දිර බද්ද අය කරද්දී ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් ඔවුන්ගේ යාළුවන්ටත් ඒක ගෙවන්න වෙන නිසා ඒක පැත්තකින් තිබ්බා.
අලූත් ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කමිටු පත්කළා. නමුත් දැන් ඒ කි‍්‍රයාවලිය මග නතර වෙලා. ආණ්ඩුවේ දෙපාර්ශ්වය අතර මේකට එකඟතාවයක් නැහැ. අලූත් ව්‍යවස්ථාවක් හදනවා නම් ප‍්‍රධාන කරුණු 3ක් සැලකිල්ලට ගන්න වෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීම සහ උතුරේ ජනතාවට විසඳුමක් ලබාදීම. මෙහි ඇතැම් කරුණු ආණ්ඩුවට සෘජුව බලපානවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න මෛතී‍්‍රපාලගේ කණ්ඩායම කැමැති නැහැ. එම වෙනස්කම් නැතිව අලූත් ව්‍යවස්ථාවක් එන්නේ නැහැ. ඒ නිසා තමයි ප‍්‍රමාද වෙන්නේ. අනෙක් පැත්තෙන් මේ කණ්ඩායම ජනමත විචාරණයක් ගේනවට කැමති නැහැ. ජනමත විචාරණයක් නැත්නම් අලූත් ව්‍යවස්ථාවක් නැහැ. දින 100 ආණ්ඩුව ඇතුළේ සිදුවුණේ විධායක ජනාධිපති ක‍්‍රමයේ ඉතාම සුළු වෙනස්කම් පමණයි. මොකද ඒ වෙලාවේ ජනාධිපතිවරණයකට නොගිය නිසා. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවකට ජනමත විචාරණයකට යන්න වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අලූත් ව්‍යවසථාවක් හැදිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. තවත් බොහෝ දේශපාලන පක්‍ෂ රැුසක් ඒ ස්ථාවරයේම ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ කල්පනා කරනවා අලූත් ව්‍යවස්ථාව ගේන එක පාවිච්චි කරලා රට බෙදන්න යනවා කියලා ආණ්ඩු විරෝධයක් හදන්න. අපි ආණ්ඩුවට කියනවා ඒවට බය වෙන්නේ නැතිව අලූත් ව්‍යවස්ථාවක් ගේන්න කියලා. මොකද මේ වෙලාව තමයි අලූත් ව්‍යවස්ථාවක් ගේන්න හොඳම අවස්ථාව. මේ ව්‍යවස්ථාව 19වැනි වතාවක් සංශෝධනය කරපු පැරණි එකක්. ජනතාවට කිසිවක් ලබා නොදෙන එකක්. නැවත ගේන්නේ ධනපතින්ට වාසි වන ව්‍යවස්ථාවක් වුවත් මීට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්, මානව හිමිකම් ලබාදෙන ව්‍යවස්ථාවක් රටට ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරනවා.
ආණ්ඩුවේ උපාය මාර්ගය තමයි ජනතාවගේ ප‍්‍රශ්න මගහැර යන එක. සයිටම් ප‍්‍රශ්නයේදී ආණ්ඩුව හැසිරෙන්නේ ඒ ලෙසයි. ගං වතුර වෙලාවේදී රටේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. රතු තරුව වැනි ස්වේච්ඡුා සංවිධාන, මාධ්‍ය ආයතන නොතිබුණා නම් ජනතාව මැරෙන්නේ බඩගින්නේ. ඒ නිසා ජනතාවගේ ප‍්‍රශ්නවලදී මේ රටේ ආණ්ඩුවක් නැහැ. තම තමන්ගේ ප‍්‍රශ්නවලදී විතරයි ආණ්ඩුව මැදිහත් වෙන්නේ. ඇමතිවරුන්ට වාහන ගේන්න, අමාත්‍යාංශවලට බිල්ඩින් ගන්න ආණ්ඩුව පෙනී ඉන්නවා. ජනතාවගේ ප‍්‍රශ්නවලට ආණ්ඩුවට උත්තරයක් නැහැ. මේකට තිබෙන එකම උත්තරය දැවැන්ත ජනතා බලයක් ගොඩනගලා ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් ආණ්ඩුවක් බිහි කරන එකයි.

 

Leave A Reply

Your email address will not be published.