උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතිය හානි උග්‍රවේ,ජිවිත අවධානම්, වහාම අවදානම් කලාපයක් ලෙස නම් කරන්න.සමන්ත විද්‍යාරත්න ජනාධිපතිවරයාට ලියයි.
උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානි උග්‍රව ඇතිබවත් , හානියට ලක් වු කලාපය වහාම අවදානම් කලාපයක් ලෙස නම් කර ඉදිරි කටයුතු කරන ලෙස ඉල්ලමින් , උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ,ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත. එම පෙරමුණේ කැදවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ගේ අත්සනින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත . එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ .
උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම දැඩි හානියකට, විනාශයකට ලක්ව ඇත. මේ වන විට නිවාස 4625ක් පුපුරා විනාශයට ලක්ව ඇති අතර ළිං, උල්පත්, දියකඳුරු 2333ක් සහමුලින්ම සිදිගොස් බරපතල අර්බුදයකට ජනතාව පත් කර ඇත.
මකුල්ඇල්ල, එගොඩගම, බොරලන්ද, උඩපේරුව, මැදපේරුව, පල්ලේපේරුව, තංතිරිය, කිණිගම, දෝව, දික්අරාව, මැදහින්න, බිඳුණුවැව, වටගමුව, ගෙඩියරොද, ඇත්තලපිටිය, සාමචේතියගම, පනංගල, කුරුකුදේගම, බැද්දේඅරාව, ලියන්ගහවෙල, මිරහාවත්ත, දික්කපිටිය, පුහුල්පොල, ඉහළ කොටවෙර හා පහළ කොටවෙර ආදී ගම්මාන විශාල ගණනාවක් මේ ආපදාවට ලක්වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ඒ භූමියේ ජීවත්වන සතා සිවුපාවුන් බරපතල පීඩනයකට ලක්ව ඇති බව පෙන්වා දෙමි.
එගොඩගම විහාරස්ථානය ඇතුළු මකුල්ඇල්ල, හීල්ඔය, කුරුඳුගොල්ල විහාරස්ථානත්, පල්ලේපේරුව මුස්ලිම් දේවස්ථානයත්, දික්අරාව මෙහෙණිආරාමයත්, උඩපේරුවේ භාවනා මධ්‍යස්ථානය ඇතුළු ආගමික ස්ථාන ගණනාවක් පුපුරා ඉරිතලා මේ වන විට විනාශ වී ඇත.
මෙම ප්‍රදේශයේ බොහෝ වගාබිම් ජලය නොමැතිකමින් අත්හැර දමා කන්න ගණනාවක් වගාකිරීමට නොහැකිවී ඇත. ඒ තුළ ඉඩම්හිමියන්, ගොවීන්, අඳගොවින් බරපතල ගැටළුවකට මුහුණදී ඇත. කුඩා තේ වතු හිමියන්ද, ස්වයංරැකියාලාභීන්ද, ව්‍යාපාරිකයින්ද සැලකිය යුතු පිරිසක් උමාඔය විනාශයේ ගොදුරු බවට පත්ව ඇත. මේ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ තවත් මහා දිය කාන්දුවක් ආරම්භවි දැනට මාස 2 ක් ඉක්මවා ඇති අතර ඒ තුළ විනාශය වේගවත් වී ඇත. අද වන විට බණ්ඩාරවෙල නගරයද බරපතල විනාශයකට මුහුණු දී සිටි. දිනෙන් දින නිවාස හා මහා මාර්ග ගිලා බැසීම්, පුපුරායාම් වාර්තාවීම වේගවත්ව ඇත.

ළිං උල්පත් තවදුරටත් සිඳියාම වේගවත්ව සිදුවේ. බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය පුපුරා ගිලා බැසිම්වලට ලක්ව ඇත. බණ්ඩාරවෙල – හීල්ඔය ප්‍රධාන මාර්ගය ස්ථාන ගණනාවකින් පුපුරාගොස් ඇත. මකුල්ඇල්ල පාසල මුලින්ම පුපුරා විනාශයට ලක්වූ පාසලයි. අද වනවිට බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ අළුතින් ගොඩනැඟූ තාක්ෂණික විද්‍යාගාරය පිපිරිම්වලට ලක්ව ඇත. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වන අධිකාරම් විද්‍යාලයේ පිපිරිම් ආරම්භ වී ඇත. බණ්ඩාරවෙල නගරයේ තට්ටු 4,5,6 මහල් ගොඩනැගිලි අඩි 2,3 ගිලා බැසීම්වලටත්, ඇලවීම්වලටත් ලක්ව ඇත.
ඌව පළාතේ ප්‍රධාන අධ්‍යාපනික නගරයවූද, රජයේ ප්‍රධාන පාසල් පවතින්නාවූද, එම පාසල්වල දූ දරුවන් වැඩි පිරිසක් නවාතැන්ගෙන ඇත්තාවූද, පෞද්ගලික උපකාරක පංති විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යන්නාවූද, මෙම ජනාකීර්ණ ප්‍රදේශයේ මහා අනතුරක ලකුණු පහළවී ඇති බව පෙන්වා දෙමි.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ, භූමියේ ඒකාබද්ධතාවය මේ වනවිට බිදවැටී ඇත. අඩි සිය ගණනක් යට සිට පොලොව පුපුරා කැබලිව පවතී. ඉදිරියේ අතිවන මහ වැසි සමයේදී හෝ සුළු භූ කම්පනයකදී හෝ තවදුරටත් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී හෝ ඉතා බරපතල අවදානමක් ඇතිබව ඔබතුමා වෙත අවධාරණය කරමි. එබැවින් මෙම කලාපය අවදානම් කලාපයක් ලෙස නොපමාව නම්කර එහි වාශය කරන හා එම ප්‍රදේශයන්හි ගැවසෙන ජනතාවගේ ජීවිත හා දේපල සුරක්ෂිත කිරීමට අදාල පියවර නොපමාව ගතයුතු බවටත්, ආපදාවන්වලට පූර්ව සූදානම් කිරීම සිදුකිරීම සුදුසු බවටත් කාරුණිකව පෙන්වා දෙමි. මෙම විනාශය පිළිබඳ විදිමත් විද්‍යාත්මක ගැඹුරු පරීක්ෂණයක් සිදුකර ඒ මත ඉදිරි විනාශය වැලැක්වීමටත්, සිදුවූ විනාශය සඳහා පිළියම් යෙදීමටත් ව්‍යාපෘතියක් ආරම්භ කළයුතු බව අප දැඩිව අවධාරණය කරමු.
මෙම ගැටළුව හා ජනතාවට ලබාදිය යුතු සහන පිළිබඳව පසු ගිය මාස ගණනවක සිට ඔබතුමාට ලියූ ලිපිවලින් කිසි ඵලක් නොවූ බවද කණගාටුවෙන් දන්වන අතර, මෙම ලිපියෙන් අවධාරණය කරන කරුණු නොසලකා නොහරින ලෙස ඉල්ලන අතර,වහා අපහට ඔබතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසනලෙස කාරුණිකව ඉල්ලා සිටිමි යනුවෙන් එම ලිපියේ සදහන්වේ.