topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔළුව නැති ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා.

No saitam_Jvp news_srilanka
 ඔළුව නැති ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා යයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි.ඔහු එසේ කියා සඳහන් කළේ  බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වු ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයා
“මේ වනවිට සයිටම් අර්බුදය බරපතළ වෙමින් තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ප‍්‍රමිතියෙන් තොර, නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට හානිකර මෙම සයිටම් ආයතනය වහන්න කියලා සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය අරගල රැුසක් සිදුකරමින් ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරයට අමතරව ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්, වෛද්‍යවරු, වෘත්තීය සමිති, ජවිපෙ ඇතුළු දේශපාලන පක්‍ෂ, ආණ්ඩුව ඇතුළේ ඇතැම් ඇමතිවරු, මෙම ආයතනය වසා දමන්න කියලා බලපෑම් කරද්දී මේ ආණ්ඩුව හිතුවක්කාරී ලෙස නීති විරෝධී ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ නිසා ශිෂ්‍යයන්ට සිදුවෙලා තිබෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ඇතුළේ අරගල කරලා ආණ්ඩුවට බලපෑම් කරන්න. ඒ අනුව තමයි පහුගිය 21වැනිදා ශිෂ්‍යයන් පෙළපාලි යන්නේ. ඒක සාමකාමී උද්ඝෝෂණ පෙළපාලියක්. ඒකට ආණ්ඩුව ඉතාම අමානුෂික විදිහට පහර දුන්නා. පොළුවලින් ශිෂ්‍යන්ගෙ ඔළුවලට ගැහුවා. මේ උද්ඝෝෂණයේ ආවේ අයි.ආර්.සී. කාරයෝ නෙවෙයි. පෙළපාලියේ ආව ශිෂ්‍යාවන්ට, භික්‍ෂූන් වහන්සේලාට පවා පහර දුන්නා. මේ පහර දීමට විරෝධය පළ කරලා ගාල්ලේ පවත්වපු උද්ඝෝෂණයටත් ආණ්ඩුව මැර කණ්ඩායම් යොදලා පහර දුන්නා. ඒ පහර දීමෙන් එක් ළමයෙකුගේ හිස් කබලට බරපතළ හානි සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මේ ප‍්‍රහාරය ඉතාම පිළිකුල් සහගත අමානුෂික එකක්. ජනතා විමුක්ති පෙරමුණ මෙම පහර දීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා මෙම ප‍්‍රහාර නතර කරලා නීති විරෝධී සයිටම් ආයතනය වහාම වසා දමන්න කියලා.
ඔළුව නැති ආණ්ඩුව ඔළුව තියෙන ශිෂ්‍යයන්ට කැමති නැහැ. ඒ නිසා ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා. ඔළුව තිබුණට මද නැති සෞඛ්‍ය ඇමති, අධ්‍යාපන ඇමති, රටේ අනාගතය භාර ගන්න ඉන්න සිසු දරුවන්ට පහර දෙනවා. අපි ආණ්ඩුවට කියනවා, මේ සටන තවත් දිග් ගැස්සිලා ආණ්ඩුවේ අවසානය සටහන් කරන සටනක් කරගන්න එපා කියලා. මොකද, මේ ශිෂ්‍යයින් ඉල්ලන්නේ ආණ්ඩුවට දෙන්න බැරි දෙයක් නෙවෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ අපි සයිටම් ආයතනයට විරුද්ධයි. මෙම සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනයට මාරාන්තික අනතුරක්. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය, අධ්‍යාපනයට දක්වන දායකත්වයෙන් ඉවත් වීමයි. එම ප‍්‍රතිපත්තියට අනුව පෞද්ගලික අධ්‍යාපනයට අවස්ථාව හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ වගේම ආණ්ඩුව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් හැටියට විදේශ අධ්‍යාපන ආයතනවල ආයෝජන ලංකාවට ගෙන්වා ගන්න ඉඩ හදාගන්න උත්සාහ කරනවා. ආණ්ඩුව අධ්‍යාපනයට දරන බර පෞද්ගලික ආයතනයකට පවරලා නිදහස් වෙන්න හදනවා. ඒකෙන් සිදුවෙන්නේ දුප්පත් දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙන එකයි. දෙවැනි කාරණය තමයි මෙම සයිටම් ආයතනය මගින් අධ්‍යාපනයේ ප‍්‍රමිතිය බාල්දුවටත් හෑල්ලූවටත් ලක් කරනවා. මේ ආයතනයේ ප‍්‍රමිතියේ බරපතල ගැටලූ තිබෙනවා. ඒක කියන්නේ සයිටම් එකට විරුද්ධ අය විතරක් නෙවෙයි. සයිටම් එකේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියන් පවා ඒක කියනවා. එම දෙමාපියන් සයිටම් ආයතනයට ලිපියක් ලියලා තිබුණා. විභාග පවත්වන්න එපා, ළමුන් පුහුණුව සම්පූර්ණ කරලා නැහැ කියලා. මේක හොර ගුහාවක්. ඉගෙන ගන්න ළමයින්ටත් බොරු කරනවා. අනෙක් කාරණය තමයි, මෙය සෞඛ්‍යය සේවයට බලපානවා. ලක්‍ෂ 100-125ක් වියදම් කරලා බිහිවෙන වෛද්‍යවරු නොමිලේ සෞඛ්‍ය ලබාදෙන්න එන්නේ නැහැ. එයින් නිදහස් සෞඛ්‍ය විනාශ වෙනවා. අඩු ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍යවරු බිහිවෙන එක ඉතාම භයානකයි. මොකද, ඔවුන්ගෙන් සිදුවන වැරදි නිවැරදි කරන්න පුළුවන්කමක් නැහැ. මේ කරුණු මත තමයි අපි සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි කියලා කියන්නේ.
ආණ්ඩුව කළ යුත්තේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි. ආණ්ඩුවට නාස්ති කරන්න  ඕනෑතරම් මුදල් තිබෙනවා. සබරගමුවේ වෛද්‍ය පීඨයක් හදන්න මීට පෙර තීරණයක් ගත්තා. නමුත් හැදුවේ නැහැ. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා මෙම සයිටම් අර්බුදය විසඳුවේ නැත්නම් සියලූ බලවේග ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහෙන එක නවත්වන්න බැහැ කියලා. පහර දුන්නා කියලා සටන් දුබල වෙන්නේ නැහැ. සයිටම් නිසා ආණ්ඩුව නැති කරගන්නවාද, ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරගන්නවාද කියලා ආණ්ඩුව තීරණය කළ යුතුයි. ප‍්‍රංශ අධිරාජ්‍යයෙක් හිටියා නැපෝලියන් කියලා. ඔහු යුරෝපයේ සියලූ රටවල් අල්ලා ගත්තා. අධිරාජ්‍යයක් ගොඩනැගුවා. නමුත් එංගලන්තයේ වෝටලූ සටනේදී නැපෝලියන්ගේ පරාජය ආරම්භ වුණා. මේ ආණ්ඩුවෙත් වෝටලූ සටන සයිටම් වෙන්න පුළුවන්. අපි ආණ්ඩුවට කියනවා, මේක ශිෂ්‍යයන්ගේ සටනක් කියලා හෝ වෛද්‍යවරුන්ගේ සටනක් කියලා සලකන්න එපා කියලා. මේක රටේ බහුතර ජනතාවගේ සටනක්. ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග බැලූවාම අපිට පේන්නේ මර්දනය කරලා විසඳන්න හදන එකක්. නමුත් මර්දනය නිසා අලූත් බලවේග එකතු වෙන එකයි වෙන්නේ. ත‍්‍රස්තවාදය මර්දනය කරනවා වගේ පොලීසිය හමුදාව දාලා මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. සාකච්ඡුා කරලා එකඟතාවයකට ඇවිත් විසඳන්න තවත් අවස්ථාව තිබෙනවා. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ නිල සන්නද්ධ හමුදාව දාලා, මැර හමුදාව දාලා ප‍්‍රශ්නය විසඳන්න.
මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වැරදි එකක්. මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප‍්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප‍්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප‍්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක්  ඕන නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරනවා. සයිටම් වැහුවොත් ඒකට බාධා වෙන නිසා ආණ්ඩුව මාරාන්තිකව මේ ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ බහුතරක් දෙනා මේ  ආයතනයට විරුද්ධ වෙනකොට ආණ්ඩුව එක ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැතිනම් අපිට සිදුවෙනවා ආණ්ඩුව ගෙදර යවන තැනකට සටන වර්ධනය කරන්න. ඒක මර්දනයෙන් වළක්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා.
මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
වෛද්‍යවරුන් ආණ්ඩුවට බලපෑම් කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. වෛද්‍යවරුන්ගේ සටන සාධාරණයි. ඔවුන් වගකීම් විරහිත නැහැ. මේ වෛද්‍ය වර්ජනයක්. කලින් සැලසුම් කරල තිබුණ එකක් නෙවෙයි. ශිෂ්‍යයන්ට පහර දුන් එකට විරෝධය පළ කරලා තමයි වර්ජනය ආරම්භ වුණේ. මේකෙන් රෝගීන්ට පාඩුවක් වෙනවා. නමුත් වෛද්‍යවරුන් කියලා තිබෙනවා ඩෙංගු රෝගීන්ට සහ අත්‍යාවශ්‍ය සේවාවලින් වළකින්නේ නැහැ කියලා. මෙහි වගකීම බාර ගත යුත්තේ ආණ්ඩුවයි. මොකද, වර්ජනය කැඳවා ගත්තේ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග නිසා. ඒ වගේම වර්ජන කි‍්‍රයාමාර්ග වැඩි කරගන්නෙත් ආණ්ඩුවයි. වෛද්‍ය වර්ජනය අසාර්ථකයි කියලා එම කි‍්‍රයාමාර්ගය විහිළුවකට ගන්න ආණ්ඩුව හදනවා නම්, අසාර්ථකයි කියනවා නම් වෛද්‍යවරුන්ට සිදුවෙනවා, කි‍්‍රයාමාර්ග වැඩි කරන්න. වර්ජනයක් ඇතුළේ වුවත් අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන එක ගැන අපි වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡු ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්. අගමැතිට, සෞඛ්‍ය ඇමතිට, අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න සිංගප්පූරුවේ, ඇමරිකාවේ රෝහල් තිබෙනවා. ජනාධිපති අරමුදලේ සල්ලි තියෙනවා. අහිංසක දුප්පත් ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර නැතිවෙන එක ඔවුන්ට ගාණක් නැහැ. ඒ නිසා මේ පොඩි වර්ජනය  ලොකු වර්ජනයක් කර ගන්න ආණ්ඩුව හදනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන් මේකට වගකිව යුතුයි.
සිසුන් පැය 3ක් විතර අමාත්‍යාංශ භූමියේ හිටියා කිසිදු අලාභයක් සිදුවුණ බවට ඒවෙලාවේ රූප රාමු නැහැ. නමුත් පොලීසියයි, විශේෂ කාර්ය බලකායයි යොදවලා ශිෂ්‍යයන්ට පහර දෙන්න ගනිද්දී තමයි දේපළවලට අලාභහානි සිදුවුණේ. ඒ නිසා මේ භෞතික අලාභය සිදුකරගත්තේ ආණ්ඩුව විසින්. දැන් ඒකට අත්අඩංගුවට ගන්නේ ළමයි. ඔළු පලපු, අතපය කඩපු අය එළියේ ඉද්දී ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවකට වටින්නේ මිනිස්සුද, භෞතික දේවල්ද? ශිෂ්‍යයන්ගේ ඔළුවද, වාහනයේ වීදුරුවද කියලා අපි අහනවා?
උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නෙවෙයි. සාකච්ඡුා දෙන්නේ නැතිනම් ආයතන වටළනවා. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක. පොළුවලින් ගහලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. ශිෂ්‍යයන්ට සාකච්ඡුාවක් ලබා දුන්නා නම් මේ තත්වය ඇතිවෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ට ගහන්න ගත්තොත් මේ අරගල තවත් වැඩි වෙයි. මේ සටන එවැනි තත්වයකට යන එක වළක්වාගත යුත්තේ ආණ්ඩුවයි. මේ සටන ඉතාම සාධාරණ සටනක්. ඒ සටනින් ඉදිරියෙන්ම අපි ඉන්නවා. අපි ඒක හංගන්නේ නැහැ.
ආණ්ඩුව උත්සාහ කරනවා මේක අධිකරණයට බාර දීලා ගැලවෙන්න. නමුත් ආණ්ඩුව අධිකරණය හසුරුවන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනව. මහින්ද අමරවීරලා විපක්‍ෂයේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විවිධ දේවල් කළා. පාරවල් වැහුවා. පොලීසිය සමඟ ගැටුණා. දැන් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හරි සදාචාරසම්පන්නයි, අහිංසකයි කියලා පෙන්වන්න හදනවා. මෙවැනි දෙබිඩි ප‍්‍රකාශ කරන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ආණ්ඩුවක් ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් සටන් ඇතිවෙනවා. ලෝකයේ කොයි රටෙත් එහෙමයි. ව්‍යවස්ථාවේ අයිතියක් තිබෙනවා, අදහස් ප‍්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ. ඒ අයිතිය නිසා තමයි ආණ්ඩුව උසාවියට යන්නේ වාරණ ගන්න. ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැත්නම් උසාවියට යන්න  ඕන නැහැ. ආණ්ඩුව මේ වගේ ප‍්‍රකාශ කරලා මේ ප‍්‍රශ්නය යට ගහන්න බැහැ. මොකද, මේ රටේ වෛද්‍ය සභාව පවා සයිටම් ආයතනය වහලා දාන්න කියලා වසර ගණනක් තිස්සේ කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා. ඒ නිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ වෙන වුවමනාවක්. ජනාධිපති මෛතී‍්‍රපාලට ඡුන්දය දුන්නේ සයිටම් මුදලාලි නෙවෙයි. මේ රටේ ලක්‍ෂ හැට දෙකක් ජනතාව. ඒ නිසා ඔහු තීරණය කළ යුතුයි ජනතා හඬට කන් දෙනවාද නැද්ද කියලා.
අපි මේ සටන කරන්නේ හැමෝම වෙනුවෙන්. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ටත් සාධාරණයක් විය යුතුයි. ඒ ශිෂ්‍යයන්ගෙන් ලක්‍ෂ 100ක් 125ක් අරගෙන ඔවුන් අනාථ කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සියලූ දෙනාගේ සටනක් කියලා. මේ රටේ සියලූම ළමයි අපිට එක වගේ. මේ රටේ දුවා දරුවන් කිසිදු වෙනසක් නැතිව අපේ දරුවන්. ඒ සියලූම දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙන්න  ඕන.
 මෙහිදී  සුනිල් හඳුන්නෙත්ති  අදහස් දක්වමින්…
සයිටම් ආයතනය කිිසිදු නීත්‍යානුකූලභාවයක් නැති ආයතනයක්. ආණ්ඩුව පුළුවන්නම් එය නීත්‍යානුකූලයි කියලා ඔප්පු කළ යුතුයි. 2011.08.30 වැනිදා 1721/19 ගැසට් නිවේදනයෙන් තමයි නීත්‍යානුකූලභාවයක් දෙන්න ආණ්ඩුව උත්සාහ කළේ. ඒ වෙනුවෙන් පත් කරපු ආයතනික කමිටුවක් සහ ඇගයීම් කමිටුවක් මගින්. එම කමිටුවල සාමාජිකයින් පැහැදිලිව කියනවා ගැසට් පත‍්‍රයේ තිබෙන්නේ ඔවුන්ගේ නිර්දේශ නෙවෙයි කියලා. ඒ වගේම ඒ ගැසට් නිවේදනයේ තියෙනවා මාස 06ක් ඇතුළත ආයතනය සම්පූර්ණ කළ යුතු කරුණු. එම කරුණු සම්පූර්ණ වෙන්න කලින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට තිබෙන බලය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අමාත්‍යංශ ලේකම් සුනිල් නවරත්න මහතා පවරගන්නවා. ආණ්ඩුව කියන්න  ඕන එහෙම බලයක් පවර ගත්තේ ඇයි කියලා. වෛද්‍ය පීඨයකට අදාළවත් විශ්වවිද්‍යාලයකට අදාළවත් කිසිදු කරුණක් මේ ආයතනය සම්පූර්ණ කරලා නැහැ. එසේ සම්පූර්ණ කර නොතිබියදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලියුමකට අනුව සියලූ කොන්දේසි සම්පූර්ණයි කියලා වාර්තාවක් හදනවා. කොන්දේසි සම්පූර්ණ කළා කිව්වට කවුරුවත් ඒ ගැන හොයලා බැලූවේ නැහැ. ඒනිසා මේක නීත්‍යානුකූල ආයතනයක් නෙවෙයි. ඒ නිසා මේ ආයතනයේ ඉගෙන ගන්න දරුවන්ට සිදුවෙන අසාධාරණයක් තිබෙනවා මේක නීත්‍යානුකූල උපාධියක් කියලා තහවුරු කරගන්න බැරිවෙන නිසා. මේක හොර උපාධියක් වෙනවා. අපි අදත් කියනවා ආණ්ඩුවට මේ ආයතනය නීත්‍යානුකූලයි කියලා පුළුවන්නම් ඔප්පු කරන්න කියලා.

Leave A Reply

Your email address will not be published.