topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ලේ සුනඛ මධ්‍යස්ථානයක් නිසා දෙපිරිසක් අතර උණුසුම්කාරි තත්වයක්.

vlcsnap-2017-02-25-13h25m08s162

ගාල්ල උනවුටන ප්‍රදේශයේ පවත්වාගෙන යන සුනඛ සුරැකුම් මධඨස්ථානයකට  පක්ෂව හා විපක්ෂව විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද 24 දින උනවටුන හා යටගල ප්‍රදේශයේ දී පක්ෂ හා විපක්ෂ පිරිස් දෙකක් විරෝධතා පාගමනක් දියත් කළහ. සුනඛ මධ්‍යස්ථානය සදහා පක්ෂව අඩු පිරිසක් එක්වු අතර මෙම මධ්‍යස්ථානයට විරුද්ධව විරෝධය දක්වමින් විශාල පිරිසක් මහා සංඝයා වහන්සේලා පෙරටුව දැවැන්ත පා ගමනක් හා උද්ඝෝෂනයක් ගාල්ල උනවටුනේ යටගල පුරාණ රජමහා විහාරස්ථානය අසලින් ආරම්භ කළහ.

ඔවුහු මේ ආකාරයේ  සටන් පාඨ කියමින් පාගමනේ නිරත වුහ.

බොදු ජනයනි මේ අහන්න. අපිත් එක්ක එකතුවන්න,ඩෝක්කෙයා ඩෝන්ට් කෙයා. බලුසුරකුම් අපට එපා ඩෝක් කෙයා අපිට එපා. බුදුරුවකට නිගා දෙන්න තොපිට කව්ද වරම් දුන්නේ.තොපේ බල්ලෝ තොපි අරගෙන තොපේ රටට තොපි පලයව්.බුදුසිරුරට නිගා කරමු මුන්ව එපා තියා ගන්න .ජනපතිදුනි මේ අහන්න අගමැතිදුනි මේ බලන්න ආණ්ඩුකා තුමනි ඔන්න මේ ගැන පියවරක් ගන්න. අද ආවේ පළමු වරට තොපිට මේක කියලා දෙන්න. දෙවැනි පාර  අපි එන්නේ මුළුදකුනම හොල්ලාගෙන ,එන්න කලින් බල්ලෝ අරන් තොපේ රටට තොපි පලයව් ,ආදිවශයෙන් සිංහළ භාෂාවෙන් ඉංග්‍රිසි භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කරමින් ගිහි පැවිදි පිරිස විරෝධතා පාගමනේ නිරතවුහ.

විරෝධතාවයට,හේතුව වුයේ, හබරාදුව පොලිස් වසමේ උණවටුන මැටරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයක තිබී බුදුන් වහන්සේ ගේ සිරිස පිළිඹිඹු කරන මාල සහ අත්පලඳනා කිහිපයක් පසුගිය 14 දින හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමත් සමගය.

මෙම සුනඛ සුරැකුම් මධ්‍යස්ථානය ජර්මානු ජාතික කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන අතර මෙහි තිබු අත් පලඳනා සහ මාල බුදුන් වහන්සේගේ සිරසට සමාන අයුරින් සකස් කර තිබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අත් පලඳනා හා මාල පොලිසිය භාරයට ගෙන ඇත. හබරාදුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පසුගිය 24 වන දින මහා සංඝයා වහන්සේ ඇතුළුව, නිතිවේදින් පළාත් සභා මන්ත්‍රීවරු මෙන්ම විශාල පිරිසක් මෙම සුනඛ මධ්‍යස්ථානය හෙවත් උනවටුන ඩෝක් කෙයා ආයතනයට විරෝධය දක්වමින් පාගමනක නිරත වුහ.

පසුව අදාළ ස්ථානය වට කළ විරුද්ද වු  කණ්ඩායම හා පක්ෂ වු කණ්ඩායම් අතර ඇතිවුයේ උනුසුම්කාරි තත්වයකි.ඒ සුනඛ මධ්‍යස්ථානයේ ගෙට්ටුවලට හා දොර ජනෙල්වලට පහර දෙමින් මාර්ගය අසල තබා තිබූ මල් පෝච්චී විරෝධතාකරුවන් විසින් විනාශ කරමින් කලහකාරි ලෙස හැසිරීමත් සමගය.

මෙම සුනඛ මධ්‍යස්ථානයට විරෝධය්ධය දැක්වු වු පිරිස එම සුනඛ මධ්‍යස්ථනයේ ගේට්ටුවලට පහර දෙමින්, මල් පෝච්චී ආදිය කුඩු කරමින් හු කියමින් කෑ කෝ ගැසීම නිසා දැඩි නොසන් සුන්තාවයක් ඇතිවුහ.මෙයට සමගාමිව මෙම සුනඛ මධ්‍යස්ථානයට  පක්ෂව කටයුතු කළ පිරිසක් ද නිසා පොලිසිය එක්ව පිරිස සමනයට පත් කළහ.

මින් අනතුරුව මහා සංඝයා වහන්සේලා හා  නිතිඥ තාරක නානායක්කාර ප්‍රමුඛ නිතිඥයින් පිරිස පාලනය කරමින්, කරුනු දක්වා මේ සුනඛ මධ්‍යස්ථානය පුරා පෝයක් ගත වන්නට පෙර  ඉවත් කරන්නට පියවර ගන්නා බව ජනතාවට පෙන්වා දුන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.

vlcsnap-2017-02-25-13h24m03s28    vlcsnap-2017-02-25-13h24m09s89   vlcsnap-2017-02-25-13h25m17s2

 බල්ලන්ට පොලු, මුගුරු අරන් කොල්ලන් වීථි බැස්ස ගාල්ල උනවටුන සුනඛ සුරකුම් මධ්‍යස්ථානයේ ගවේශනාත්මක කතාන්දරය පැත්තක් නොගෙන අපි මෙසේ සටහන් කළේ පැය ගණනාවක් මේ ප්‍ර දේශයේ රැදි සිටිමිණි. එය මෙසේය. මෙය අප විසින් සිදු කළේ මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකට අසාධාරණයක් සිදු නොවන ආකාරයටය.

අයාලයේ යන සුනඛයන්ට සත්කාර සිදු කරන  සුදු අම්මාගේ උතුරාගිය සත්ව අහිංසාවේ කතාන්දරයේ ඇත්ත කාන්දරය මෙසේය.

අයාලයේ යන සුනඛයන්ට සත්කාර සිදු කරනු අපේ කාලයේ සුනඛයන්ට හිතවාදි දෙස් විදෙස් තරුණ පිරිසක් සොයා ගිය සුන්දර ගමක සුනඛ පියසේ කතාන්දරය සත්තකින්ම තවත්, එක් කතාන්දරයක් නම් නොවේ. අයාලයේ යන සුනඛයන්ට සත්කාර සිදු කරන  සුදු අම්මාගේ උතුරාගිය සත්ව අහිංසාවේ සුදු  අම්මා වන  53දෙහැවිරිදි ජ්ර්මන් ජාතික මරිනා සහ  තරුණ කාන්තා හා පිරිමි තරුණයන්  35  වු සේවක මණ්ඩලයක් සුනඛයන් ආරක්ෂා කරමින් ඔවුනගේ පහසුකම් සකස් කරමින්, ප්‍රතිකාර කරණුයේ සත්ව අහිංසාවාදයේ තවත් පාඩමක් අපට කියා දෙමිණි.

සතුන්ට අනතුරක් හිරහැරයක් වු වී ට ආරක්ෂා කර  ප්‍රතිකාර කරන්නට, වැයවන මුදල ඉතාම ඉහළය. ලංකාවේද ලෝකයේද එසේම මිල ඉහළය . නමුත් , අපේ කතාන්දරයේ මේ සුදු අම්මා  ලොව ඇති සත්ව රෝහල් අතරේ කිසිදු මුදලක් අය නොකරමින් නොමිලයේම සිදු කරන මෙහෙවර අගය කළ යුතුව තිබේ. මෙය සේවයකි .යහපත් ක්‍රියාවකි. ඇය සිදු කරන මෙහෙවර ඇගේ වම් රටු වු ජර්මනිය නැමති රටටද ඇය ගෙන එන්නේ ගරුත්වයකි.

53 දෙහැවිරිදි ජ්ර්මන් ජාතික මරිනා  ගාල්ල උනවුටනේ සුනඛ රැදවුම් මධ්‍යස්ථානය තුළ සිදු කරන මෙහෙවර අගය කළ යුතුව තිබේ. කවර නමකින් කවර ආකාරයට නම් කලද බල්ලා නොහොත් සුනඛයා ට උපකාර කරන්නට ප්‍රතිකාර කරන්නට මේ සුදු අම්මා ප්‍රමුඛ පිරිස සුදානම්ය.

ගාල්ල උනවුටනේ සුනඛ රැදවුම් මධ්‍යස්ථානය තුළ විවිධ වර්ගයේ බල්ලන් ඇති කරති. මේ අය ඇති පහසුකම් දෙස මෙහි සිටින බල්ලෝ දනිති. මෙහි බල්ලන් විදින සැප අනෙක් බල්ලන් දකින්නේද ඇත්තටම ඊරිසියාවක් ඇතිවන බව නම් කිව යුතුය.

මෙහි දේශිය විදේශිය තරුණ පිරිස බලූ පැටියෙක් හදනව කියන්නෙ දරු පැටියෙක් හදනවා වාගේ ඇති දැඩි කරති සුනඛ පැටවුන්ට ඇති වෙනමම ප්‍රදේශයකි. දරුණු ඝණයේ අයට වෙනමම ස්ථානයකි.ආබාධිත සුනඛයන්ට ඇත්තේ තවත් ස්ථානයකි.සැත්කම් කරන්ට ඇති ස්ථානය තුළ ඒ අයගේ විවිධ සැත්කම් කරනුයේ දේශිය පශු වෛද්‍යවරුන් දෙදෙනෙක් එක්වයි. ඉන්දුනි, හා සුභාෂිත රත්නායක වෛද්‍යවරු එය නිරතුරුවම සිදු කරති.ඒ අය කියනුයේ පුදුම කැපවීමක් තියෙන්න උවමනා බවයි.

කකුල් කොරවෙලා සිටින අය, කකුල් කැඩිලා තියෙන අයද මෙහි දි සැත්කම්ද සිදු කරති. වැඩිපුරම වෙන්න  ඕන වෙදකමට වඩා හෙදකම. මම එහෙම හොඳ කරපු පැටව් ලංකාව පුරාම ඇති.  සුනඛයන්ගේ  ජීවිතය ජීවිතයක් බේරන එක මහා පිංකමකි. මෙහි තරුණ පිරිස එය අකුරටම සිදු කරති.පුරා සති  අටක් අබාධිත සුනඛයෝ ආරක්ෂකර ඒ අයට ප්‍රතිකර කරන අතර රැකබලා ගන්නට මේ තරුණ පිරිස වෙහෙසෙති.

බල්ලන්ගේ බිරුම් හඬ ඉවරයක් නැත. දැල් ගසා වෙන් කෙරුණු කොටසේ දිගට තැනූ ශාලා කිහිපයකි. එහි සිය ගණනක් බල්ලෝ නිදැල්ලේ හැසිරෙති. ඇතැමකුට ඉවසුමක් නැත. උන් දැල් අස්සෙන් හොම්බ දමා ඉව අල්ලයි.බුරන බල්ලෝ අප දැක තව තවත් අපට බුරන්නට වුහ. ඇයි බල්ලෝ බුරන්නේ නැතුව, තප්පුලන්නද අප මාධ්‍ය රැහැණේ සගයකු කීවේ අප සමදෙනාම සිනා ගන්වමිණි.

සුනඛයන්ට, කෑමට යමක් දීමට සැරැසෙන අයුරු දැල් අස්සෙන් පෙනේ. බල්ලන් රොත්තක් පැමිණ ඔහු වටකර ගනිති. එතැන එකම ගාලගෝට්ටියකි.මස් අස්සේ බෙහෙත් කරල් පෙති සඟවා සුනඛයන්ට දෙන්නේ. බුල්ලන්ට හොරෙන්ය. දැල් කූඩුවල දමා මහත් උජිරුවෙන් සිටිනා සුනඛයෝද දැකිය හැකිය. සියලෝම සැපට මෙම පියසේ ජීවත් වේ.

බත්,මස් මාලූ එළවලූ සුප් ආදිය ද මේ අයට ලබා දෙති. ඒ කාල සටහනක් අනුවයි. අප එහි යෑමට මොහොතකට පෙර උන් සියලූ දෙනාටම උදේ ආහාර වේල ලබාදී තිබිණි. උන්ට දිවා ආහාරය ලබා දෙන්නේ 12ට  පමණය. ආහාර ලබාදීම, රැකවරණය ලබාදීම පමණක් නොව උන්ගේ සෞඛ්‍ය පිළිබඳවද මොවුහු විශේෂයෙන් සොයා බලති. පිර වූ වතුර බැරල්වලට බෙහෙත් කලවම් කර උන් එකා එකා එහි ගිල්වා ගැනීමෙන් සමේ රෝගවලට, මැක්කන්ට ආදියට ද ප්‍රතිකාර කැරේ.මේ ප්‍රතිකාර වලින් පසුව, නකුටු තුරු බල්ලෝ තරුණ බල්ලන් මෙන් කූඩුවල අභිමානයෙන් උඩු බුරති. මේ මිනිසුන් හා බල්ලන් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි. ආහාර, හා සෙවණ ලබාදීම පමණක්ම නොව සෞඛ්‍ය පිළිබඳව ද සොයා බලමින් මේ සතුන් සුරක්ෂිත කිරීමට අප මේ තරුණ පිරිස ගන්නේ අපමන වෙහසකි.මෙය විටක දේශිය ආයුර්වේද රෝහලක් දැයි සිතේ.

ප්‍රදේශවාසීන් ගෙන් අපට ප්‍රශ්නයක් නොමැති බව මෙම පියසේ තරුණ පිරිස පවසති.අපේ මෙම මධ්‍යස්ථානවල පිස්සු බලූ රෝගය වැළැක්වීම සඳහා සියලූම සේවකයන්ට එන්නත් ලබා දී තිබේ. ඒ වගේම කලින් කලට වද සැත්කම් සිදු කරති. කැමැති අයට අපේ මෙම මධ්‍යස්ථානවලින් ඇති කිරීමට බල්ලෝ ගන්නත් පුළුවන්. ඒත් එහිදී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙළක් තියෙනවා. අපි ආවාට ගියාට සත්තු බාර දෙන්නේ නෑ.බල්ලෙක් අපි ගෙදරකට දෙනවා නම් අපි ඒ බල්ලා ට රුපියල් පන් දහසක දීමනාවක් දෙනවා. ඒ සුරතලයට හදන බල්ලාට අවශ්‍ය දේවල් ගන්න කන්න දෙන්න.

එහෙම ගෙවල්වල ඇති කරන සුනඛයන් පිරිස දෙදහසකට ආසන්න වේ.අපේ නියෝජිතයෝ ඉන්නවා. ඒ අය වරින්වර අපෙන් බල්ලෝ අරන් ගිය අයගේ ගෙවල්වලට ගිහිල්ලා සොයා බැලීමක්ද සිදු කරති.ඇත්තෙන්ම සත්තුන්ට ආදරය කරන අයට බල්ලෝ ඇති කරන්න දෙන්න අපි කැමැතියි.

සුනඛයන්ගේ මාසික ආහාර වියදම ලක්ෂ ගණකි.මෙහි සේවය කරන පිරිස 34 කට ආසන්නවේ. විදේශිය තරුණ තරුණියෝද මේ අතර සිටිති. සතුන්ට ආදරේ අයගෙන් හා ජර්මනිය රටෙන්,ලැබෙන ආධාර යටතේ සුනඛයන් නඩත්තු කිරීම සිදුකැරේ.

මේ වන විට මෙම මධ්‍යස්ථානයේ සුනඛයෝ 200 ක් සිටිති. උන් වෙනුවෙන් දෛනිකව හාල් , කුකුළුමස් , හාල්මැස්සන්, පරිප්පු ,කිරිපිටි සුප් , ආදිය අත්‍යවශ්‍ය ආහාර අතර වේ.සුනඛයන් සඳහා සෑහෙන වියදමක් දරනවා. අපි දැනට මේ අයට ආහාර වේල් ලබා දෙනවා. සුප් වේලක් ලබා දෙනවා. සමහරු බල්ලන් මේ සිටින ස්ථානයට ගෙනත් දමලා යනවා.අයිතිකාරයෝ නැති බල්ලෝ ඉතිරි වෙනවා. ඒ සියල්ලන්ටම අප මෙහි රැකවරණය දෙනවා.තුවාල සිදු වු සතුන් සැත්කම් කරනවා.

ගාල්ල උනවටුන ඩෝක් කෙයා මධ්‍යස්ථානයට මුදල් ලැබෙන්නේ මෙම අහිංසක සතුන් බලන්නට එන දෙස් විදෙස් පිරිසගෙනි. ඒ අය පිනට දහමට කැමැති පිරිස් මේ ආයතනය පවත්වාගෙන යන්නට මුදල් අධාර ලබා දෙනු ලැබේ. ඉන් මේ ආයතනය නඩුතු ව සිදු කරන යන බවයි මෙම ආයතනයේ ජර්මන් ජාතික මරියානා  කියා සිටියාය.

මම උනවටුන වෙරලේ නොයෙක් විසිතුරු භාණ්ඩ අළෙවිකරන පිරිස් ගෙන් තමයි මේ මාල අත් පළදනා කරාඹු ආදිය ගත්තේ. මේවා බල්ලන්ට දමන්නේ නෑ. ඒක මහ බොරුවක්.මේවා අතර යම් ආකාරයට බුදු රුවට සමාන ලාංචන කිහිපයක් දෙකක් තුනක් තිබෙන්නට ඇති. මම මේ සම්බන්ධයෙන් දැනගෙන හිටියේ නෑ.මම මේවා මිල දී ගත්තේ උනවටුන ජංගම සංචාරක වෙළෙන්දන්ගෙන්. ඒ පිරිසගෙන්, මේ භාණ්ඩ තොගයම මම ලබා ගත්තේ.මේ අය අහිංසක විදියට මේ බඩු විකුණන එක සිදු කරනවා. මම සහයෝගයක් වශයෙන් තමයි ගත්තේ. මේ පිරිස අතර යම් වංචාකාරයෙක් හෝ ඉදලා මේ ආකාරයට මේ පලදනා වලට බුදු රුව සහිත පංචායුධ කිහිපයක් සංවිධානාත්මකව, මට දී තිබෙනවා. මේ ආයනය වසා දමන්නට පිරිසක් කටයුතු සිදු කරනවා.අප ආයතනයේ අපි විසින් මිල දී ගත් මේ ඉඩම් ලබා ගන්න. මේ සම්බන්ධයෙන් මේ ගමේ ජනතාව මෙය හොදින් දන්නවා. කව්ද මේ පිටු පස්සේ සිටින්නේ කියා යැයි ඇය කීවාය.

මෙම ආයතනය සතු ඉඩම් ලබා දී ඇත්තේ ගමේම පිරිසකි. ඒ මුදල් වලටය. මෙම ඉඩම් හිමිකරුවෝ දේශපාලන වශයෙන් හා උගතුන් මෙන්ම මහා ධන කුවේරයෝය.ඒ අය දේශපාලන වහයෙන්ද ඉහළ තනතරු දරමින් ජීවත්වන පිරිසකි. ඒ ඇත්තන්ගේ ඉඩම් ඉතාම වැඩිපිරිසකට මේ ආයතනයට ලබා දී ඇත්තේ මෙයට අවසර 12කට පෙරය.

නමුත් මේ පිරිස දැන් සිදුකරන්නේ තමන් මේ ආයතනයට ලබාදුන් ඉඩම් යළිත් ලබා ගන්නටය. ඒ මේ ආයතනය වසා දැමෙමෙන් බවයි ආයතනයේ සේවය කරන තරුණ තණියන් 34 දෙනා හා ගමේ පිරිස් අප සමග පැවසුහ.

මෙම ආයතනයේ සේවය කරන ගමේ පවුල් වල  සේවක සේවිකාවන් 34 දෙනෙක් හා මේ ආයතනයට සේවය ලබාදෙන පිරිස් ද විශාලය.ඉන් රැකියා කිහිපයක්ම ලබා දෙන්නට මේ ආයතනයේ සුදු අම්මා යැයි කියන මරියානා මහත්මිය විසින් පියවර ගෙන ඇත.දිනපතා තිරෝද රථ තුනකින් ජංගම ආහාර රැගත් වාහන තුනක් ප්‍රදේශයේ කිලෝමීටර් ගණනාවක් ගමන් කරන්නේ පාරක් පාරක් ගානේ සිටින සුනඛයන්ට ආහාර ලබා දෙන්නටය.

අපිට මේ ආයතනයෙන් මහා සේවාක් වෙනවා. ගමේ පොදු දේවල්වලට ගමේ අහිංසකයන්ට පවුල්වලට  මේ සුදු අම්මා නම් වු විදේශය නාමයෙන් ආදරයට හදුන්වන සුදු කාන්තාව සහයෝගය ලබාදෙන්නේ කිසිදු යටි අරමුණක් ඇතිව නොවේ යැයි මේ ආයනයේ සේවය කරන ඒ නිලාන්, 34 දිළුම් ප්‍රියන්ත 47  අප සමග පැවසුහ.

අපේ ගමේ පවුල් විශාල පිරිසක් මේ ආයතනයට සේවා සපයා ජිවත් වෙනවා රැස්වාල්ද ලබා දී තිබෙනවා ගමේ පොදු දේවල් වලට ගමේ දුප්ත් ජනතාවට මේ සුදු අම්මා සලකනවා ඒ කිසිදු යටි අරමුනක් ඇතිව නොවෙයි.

නමුත් සේවකයන් පවසන්නේ මේ සියල්ලම නතර කරන්නට පියවර ගෙන ඇත්තේ මේ ආයතනය සතු ඉඩම් යළිත් ලබා ගන්නට කටයුතු කරන පිරිසකගේ උවමනාව මත බවයි. මෙහි කිසිදු පරිසර හානියක් සිදු නොවන බවත්, මුදල් දී සේවය කරන පශු සම්පත් වෛද්‍යවරුන්ගේ අධික්ෂණයෙන් ආයතනයේ  සියල්ලම සිදුවනවා.අපද්‍රව්‍යද බැහැර කරන්නේ නියමිත ප්‍රමිතියට වන අතර ඒ සදහා වළවල් සකස් කර ඒවා  ආවරණය කර නියමිත ආකාරයට සෞඛ්‍ය ආරක්ෂක විදියට සිදු කරනවා.

මේ ආයතනය මගින් සිදු කරන සේවාව අගය කරන බව, ප්‍ර දේශයේ දේශපාලඥයකු වු ඛණිජ තෙල් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මම මේ ආයතනය හොදින් දන්නවා. මේ ආයතනය සිදුකරන සේවය ඉතාම වැදගත්.මේ ආයතනය සිදුකරන සේවය සම්බන්ධයෙන් ජර්මන් ආණ්ඩුවටත් ලංකාවේ පිහිටි ජර්මන් තනාපති කාර්යාලයටත් සිදුකරන සේවය අගයමින් ලිපි යවන්නට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මා දැනටමත් පියවර ගෙන  තිබෙනවා.හබරාදුව ප්‍රා දේශිය ලේකම්වරයට මම දැන්වුවා මේ ලිපි ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර අදාළ ආයතනවලට යොමු කරන්න කියලා.

නමුත්, මෙම ආයතනයට විරුද්ධත්වය ප්‍රකාශ කරන පාර්ශවයේ පිරිස් පෝෂ්ටර්,බැනර්,කටවුට් වලින් ප්‍රදර්ශනය කර කියා සිටියේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් බල්ලන්ගෙන් කප්පන් ගන්නා බවත් ආධාර ගන්නා බවයි. මාසයකට රුපියල් ලක්ෂ පහක් මොහු ගන්නා බව ඹවුන් දිගින් දිගටම කියා සිටියහ. හෙතෙම ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. නමුත් ඔහු කවිද යන්න මේ පිරිස් කියන්නට මැලි වුහ.

නිතිඥ තරක නානායක්කාර 

ආගමට හානිවන ආකාරයෙන් බල්ලන්ගේ කරපටිවලට බුදු රූපය සහිත කරපටි දමන්නට කටයුතු සිදුකරන මේ ආයතනය ආගමට දහමට නිගා කරන තිබෙනවා. බුද්ධාගම බල්ලට දමන්නට මේ අය කටයුත සිදු කර තිබෙනවා.

මෙහි දැවැන්ත පරිසර හානියක් සිදුවනවා. යා බද පිහිටි එළුවිල අභය භූමියට මේ නිසා මහා විනාශයක් සිදුවනවා.රුපියල් ශතවලට මුවා වී සුනඛයාට මුවා වී ආගම දහම විකුණාගෙන කන මහා ජාවරමක් මෙහි තියෙන්නේ මෙය වහාම නර කරන්නට අප පියවර ගන්නා බවයි හෙතම අප කළ විමසුමක දි කියා සිටියේ.

මෙම සුනඛ මධ්‍යස්ථානයේ සේවය කරන දෙස් විදෙස් තරුණ තරුණියෝ ,දින පතා අයාලේ යන සුනඛයෝ අල්ලා ගෙවිත් ඒ අයට කෑම දීම ද, පහසුකම් දීමටද සිදු කෙරේ.දිනපතා දරුවෝ වාගේ සුනඛයන් නාවන අතර. ඒ අයට හිමි පිස්නාද, ඒ අයගේ වතගොත ඇති වාර්ථාවක්ද දිනපතා සකස් වේ.

සුනඛයන් සඳහා ගම්මානවලට ගොස් ජංගම සේවයක්ද, සිදු කරන්නට මේ දෙස් විදෙස් තරුණ පිරිස අමතක නොකරති. ආහාර නොමැතිව නිවෙස් හා නගරවල හා මහ පාරේ සිටින සුනඛයන්ටද දිනපතා ආහාර තොගයක් සහිත වාහනයක් මාවත් දිගේ ඇදෙති.අසරණ වු බල්ලන් අල්ලන්නට යොදාගන්නේ දැළකි. පරිසරය, පිරිසිදු කම මෙන්ම,අපවිත්‍ර දෑද ඉවත්, කරනුයේ කිසිදු පරිසරයට හානියක් සිදු නොකරමිණි. ඒ සම්බන්ධයෙන් මෙම සත්ව නිවහන තුළ ඇත්තේ අසීමිත කාර්යයකි.

මේ ආදි කරුණු සලකා බැලීමේ දී අයාලයේ යන සුනඛයන්ට සත්කාර සිදු කරන  සුදු අම්මාගේ උතුරාගිය සත්ව අහිංසාවේ සුදු  අම්මා වන 53 දෙහැවිරිදි ජ්ර්මන් ජාතික මරිනා මහත්මිය 34 පමණ වු සේවක මණ්ඩලයක් සුනඛයන් ආරක්ෂා කරමින් ඔවුනගේ පහසුකම් සකස් කරමින්, ප්‍රතිකාර කරණුයේ සත්ව අහිංසාවාදයේ තවත් පාඩමක් අපට කියා දෙමිණි.මෙයයි පැත්තක් නොගෙන අප සිදුකළ නිරික්ෂණ චාරිකාවේ දී දැකිය හැකි වුහ.බ

මේ සත්ව රෝහලක් බදු වු මේ සුනඛ සුරකුම් මධ්‍යස්ථානය තවදුරටත්  පවත්වාගෙ යනවාද නැන්ද යන්න මේ සම්බන්ධයෙන් වගකිවයුත පිරිස තිරණය කළ යුතුය.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ ගාල්ල, ඉමදුව ඩී.කේ.ඩබ්ලිව්.එදිරිසිංහ ගෙනි

 

 

Leave A Reply

Your email address will not be published.