topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශුක්‍රාණු ප්‍රමාණාත්මකව අඩුවෙයි.

ශුක්‍රාණු දැනට පවතින වේගයෙන් අඩුවුවහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවට වෛද්‍ය විශේෂඥයකු අනතුරු අඟවයි.

පුරුෂයින්ගේ ජන්මාණු හෙවත් ශුක්‍රාණු දැනට පවතින වේගයෙන් අඩුවුවහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවට වෛද්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි.

අධ්‍යයන 200ක් ඇසුරින් ලද ප්‍රතිඵල ඇගැයූ පර්යේෂකයින්ට අනුව පෙනී ගොස් තිබෙන්නේ වසර 40 ට අඩු කාලයකදී උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩකින් අඩුවී ඇති බවය.

මානව ප්‍රජනනය සම්බන්ධයෙන් සොයාගන්නා ලද නවතම තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥයෝ සැක සංකා පළකරති.

නමුත් ප්‍රධාන පර්යේෂක ආචාර්ය හැගායි ලෙවීන් පවසන්නේ අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තමන්ට ඇත්තේ “මහත් කණස්සල්ලක්” බවය.

මෙය අදාළ කරුණ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විශාලතම පර්යේෂණ ඇගයුම් වන අතර ඒ සඳහා 1973 සහ 2011 යන වර්ෂ අතරදී කරන ලද අධ්‍යයන 185 ක ප්‍රතිඵල එක්කරගෙන තිබිණි.

වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලෙවීන් බීබීසී සමග පැවසුවේ මේ ප්‍රවණතාව ඉදිරියට ගියහොත් මෙලොවින් මානවයා තුරන් විය හැකි බවය.

අඩුවීමේ වේගය ‘ඉහළ නගී’

“අපේ ජීවන රටාව, පරිසරය වගේම අප රසායනිකවලට නිරාවරණය වීම වෙනස් නොකළොත්, අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න ගැන මට තියෙන්නේ බලවත් කණස්සල්ලක්” ආචාර්ය ලෙවීන් පවසයි.

“අපට ගැටලුවලට මුහුණ දෙන්න වේවි, පොදුවේ ගත්තොත් ප්‍රජනනය සම්බන්ධයෙන්. එය මානව වර්ගයාගේ අවසානය වේවි” ඔහු තවදුරටත් කීය.

මෙම අධ්‍යයනයට එක් නොවූ විද්‍යාඥයෝ එම පර්යේෂණයේ ගුණාත්මක බව ඇගයීමට ලක් කළ ද එවැනි නිගමනයකට එමට තරම් කල් වැඩි බව පෙන්වා දෙති.

ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලෙවීන්ට අනුව ශුක්‍රාණු ප්‍රමාණයේ 52.4% ක පහළ යාමක් සොයාගෙන ඇති අතර උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ සමස්ත ශුක්‍රාණු ගණනයේ 59.3% ක අඩුවීමක් ඇති බව හෙළිවී තිබේ.

අදාළ රටවල පිලිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

පෙර පර්යේෂණයේ ‘සාවද්‍යබව’

දකුණු ඇමෙරිකාව, ආසියාව හා අප්‍රිකාවේ සැළකිය යුතු පහළ යාමක් නොපෙන්වුවත් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ අදාළ මහාද්වීපවල මෙවැනි පර්යේෂණ ක්‍රියාත්මක වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවය.

සංවර්ධිත රටවල ශුක්‍රාණු ප්‍රමාණාත්මක බවේ මෙවැනිම සීඝ්‍ර පහළ යාමක් පෙර අධ්‍යයන ගණනාවකදී පෙන්නුම් කළ ද එම පර්යේෂණවලින් බොහොමයක් සාවද්‍ය බව ඒ දෙස සැකයෙන් යුතුව අදහස් පළකරන්නෝ පවසති.

ඒ ඇතැම් පර්යේෂණවලට ලක්වුයේ සාපේක්ෂ වශයෙන් පිරිමින් සුලු පිරිසක් හෝ සඵලතාව පිළිබඳ සායනවලට පැමිණි පිරිමින් පමණක් වූ අතර ඔවුන් බොහෝ විට ශුක්‍රාණු ප්‍රමාණයේ අඩුවක් පෙන්වුවන් ය.

එසේම පෙර පැවති ශුක්‍රාණු ගණනය කිරීමේ විධි ක්‍රමවලදී සැබෑ තත්ත්වය ඉක්මවූ ඇස්තමේන්තුවක් පෙන්වීම ද තවත් දුෂ්කරතාවක් වූ බව කියැවේ.

අදාළ රටවල පිලිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ කරුණු සියල්ල සැළකීමේදී ශුක්‍රාණු ප්‍රමාණාත්මක බවේ පහළ යාම පිළිබඳ වැරදි මතයක් නිර්මාණය වීමට හේතුවිණි.

එහෙත්, මෙම ඌණතාවලින් ඇතැම් ඒවා මගහැරවාගත්තේ යැයි පවසන අදාළ පර්යේෂකයින් පිරිස, ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් පේසි වැනි සැක පළකළ තැනැත්තන්ගේ සැකය අඩු කිරීමට සමත් වුහ.

“මෑත අතීතයේ සිට මානව ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමක් සොයාගත් බවට ප්‍රකාශයට පත් බොහෝ අධ්‍යයන මා තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සමත්වුනේ නැහැ.” යැයි පැවසු මහාචාර්ය පේසි, “නමුත්, ආචාර්ය ලෙවීන් ප්‍රමුඛ ඔහුගේ සගයින් පෙර අධ්‍යයනවල දකින්නට ලැබුණු ඌණතා රැසක්ම අභිබවා ගොස් තිබෙනවා” යැයි සඳහන් කළේය.

දුම්පානය හා ස්ථුලතාව

කෙසේවෙතත්, වැරදීම්වලට ඇති ඉඩකඩ නවමත අධ්‍යයනයේදී අඩුකරනු ලැබ තිබුනද ඒවා සහමුලින්ම ඉවත්ව නැති බව මහාචාර්ය පේසි පවසයි.

“පවතින වාදය සමථයකට පත්වී නැති අතර තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව පැහැදිලිව පෙනෙනවා.”

“කෙසේවෙතත්, මෙම ගැටලුව පරීක්ෂා කිරීම සඳහා වඩා හොඳ අධ්‍යයන සකස් කරගැනීමට අපට ඉවහල්වන දත්තවල සුපැහැදිලි බව සම්බන්ධයෙන් මෙහිදී පියවරක් ඉදිරියට තබා තිබෙනවා.” යැයි ඔහු පවසනවා.

මෙසේ ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නොපෙනුනද කෘමිනාෂකවලට සහ ප්ලාස්ටික්වලට යොදන රසායනිකවලට නිරාවරණයවීම, ස්ථුලතාව, දුම්පානය, ආතතිය, ආහාර රටාව මෙන්ම පමණට වඩා රුපවාහිනිය නැරඹීම ද මීට සම්බන්ධයක් ඇතැයි කියැවේ.

ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යන්නේ ඇයිද යන්න හා එම ප්‍රවණතාව ආපසු හැරවීමේ මං පිළිබඳව වහා සොයා බැලීමේ අවශ්‍යතාව මතුව ඇති බව මේ අතර ආචාර්ය ලෙවීන් පවසයි.

“අප මීට ක්‍රියාමාර්ග ගත යුතුයි – උදාහරණයක් ලෙස මිනිසා විසින් නිපදවනු ලබන රසායනික සම්බන්ධයෙන් යහපත් නියාමනයක් ඇති කළ යුතු අතර දුම්පානය හා ස්ථුලතාව පාලනයට ගන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුයි”, ආචාර්ය ලෙවීන් පෙන්වාදෙයි.

(BBC ඇසුරෙණි)

Leave A Reply

Your email address will not be published.