මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු මස 20 වෙනි දින පැවත්වෙන අතර මෙම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493 යටතේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3014 කදී පැවැත්වීමට නියමිතය.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන 20 දින පෙරවරු 9.30 ආරම්භ වී එදින මධ්‍යහ්න 12.00 ට අවන්න වීමට නියමිතය. විභාගය පැවැත්වෙන එම කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් තුළට එම පාසලේ ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළුව අවසර නොලත් කිසිඳු පුද්ගලයෙකුට ඇතුළු වීම තහනම් බවත් එම කාලය තුළ විදුහල්පති කාර්යාලය වසා තැබිය යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.