topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදීන්ගේ වත්කම් හෙළිදරව් කළ යුතුද?

 

මාධ්‍ය වෘත්තිකයන් ද සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කළ යුතු බව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් සැදුම් ලත් සංවිධාන පිළිගනිති.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ සියලු මාධ්‍යකරුවන්ගේ වත්කම් බැරකම් හෙළිදරව් කළයුතු බවට රවී කරුණානායක හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ කියා සිටියේ ජනමාධ්‍ය පිරිසිදු තත්වයක නොමැති නම් ජනතාවට නිවැරදි තොරතුරු ගලා නොයන බවය.

“අඩු වැඩි වශයෙන් ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම දූෂණයට ලක්වෙලා තියෙන්නේ. ඒකෙන් මිදෙන්න බැරිවෙලා තියෙනවා මම නියෝජනය කරන ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත්. අපිට අහන්න ලැබෙනවා ඔවුන්ට තම ආයතනවලින් ලැබෙන වැටුපට වඩා වෙනත් ආකාරයට ධනය උපයාගෙන ජීවත්වන ආකාරය ගැන.

“ජනමාධ්‍ය පිරිසිදු තත්වයක නැතිනම් ජනතාවට නිවැරදි තොරතුරු ගලා යන්නේ නැහැ. ඒ නිසා ජනමාධ්‍යකරුවා සුපරීක්ෂාවට ලක් කෙරෙනවනම් ඒක වැරදියි කියන්න බැහැ. අපි අනිත් අයව ප්‍රශ්න කරනවානම් අපිවත් ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙන්න ඕන.” යනුවෙන් ඔහු පැවසීය.

“ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන දේශපාලනඥයෝ”

මේ පිළිබඳව අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී දොඩාවත්ත කියා සිටියේ ජනමාධ්‍ය තුළත් තම වෘත්තිය අයථා ලෙස භාවිත කරන අය සිටින බැවින් මාධ්‍යකරුවාගේ වත්කම් ප්‍රකාශයට පත්කිරීම ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නා බවය.

නමුත් මාධ්‍ය තුළ ඇතිවී තිබෙන අයහපත් තත්වයට ඇතැම් දේශපාලනඥයන් ප්‍රධාන වශයෙන් වගකිව යුතු බව ඔහු පවසයි.

“චෝදනා එල්ල කරන ඇතැම් දේශපාලනඥයෝ ජනමාධ්‍ය ආයතනවලට තමන්ගේ කළු සල්ලි යොදවල තියෙන ආකාරය හෙළිදරව් වෙමින් පවතිනවා. ඇත්තටම මාධ්‍ය තුළ ඇතිවෙලා තියෙන අයහපත් තත්වයට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන ඔය වගේ දේශපාලනඥයෝ. තිරයෙන් පිටුපස ඉඳගෙන මේවා මෙහෙයවන අය තමයි ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. නමුත් ජනමාධ්‍යවේදියා පිළිබඳව යම් විනිවිදභාවයක් අවශ්‍යයි කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරමින් අපිට අනිත් ප්‍රශ්නය ගැන කතා කරන්න බැහැ.” යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සී දොඩාවත්ත ප්‍රකාශ කළේය.

මාධ්‍යකරුවන් සංවිධානගත වුනොත් ආයතන හිමිකරුවන්ට බැහැ තමන්ගේ මතවාදය වෙනුවෙන් අපව මෙහෙයවන්න. ජනමාධ්‍යවේදියාගේ එක් අයිතිවාසිකමක් තමයි කර්තෘ මණ්ඩල නිදහස කියන එක.

“මේකෙ බරපතළම ප්‍රශ්නය තමයි ලංකාවේ ජනමාධ්‍යවේදියා කියන චරිතයට ලොකු සිවිල් බලයක් ලැබිල තියෙනවා. ඒ නිසාම ඇතැම් මාධ්‍යවේදීන් වෙන වෙන ව්‍යාපෘතිවල තමයි නිරත වෙලා තියෙන්න. සංවිධානගත වෙනවා වෙනුවට ඇතැමුන් බලනවා ඇතැම් දේශපාලනඥයන්ගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් වරප්‍රසාද ලබාගැනීම සඳහා කල්ලි ගැහෙන්න.” ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ  වැඩි දුරටත් කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.