විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද නිරීක්ෂණයක දී හෙළිවී ඇත්තේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිශ්පාදනය කරනු ලබන ජල ප්‍රමාණයෙන් 27% ක් ආදායම් නොලබා අපතේ යන බවයි.
එසේ නිශ්පාදනයෙන් 27% ක ප්‍රමාණයක් සදහා ආදායම් නොලැබීමට හේතුව ජල කාන්දුව, නිත්‍යානුකූල නොවන ජල පරිභෝජනය, නොමිලේ ලබා දෙන ජලය හා පරිපාලනයේ අකාර්යක්ෂමතාව බවද තහවුරු වී ඇති බව වාර්තා වේ.
තත්වය එසේ වුවද එම ආදායම් නොලබන ජල ඒකකයක් සදහා ජල පාරිභෝගියන් හට ඒකකයකට අමතර රු. 7.70 ක මුදලක් දැරීමට සිදුවී ඇති බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මිලියන 3100 ක විදේශාධාර වැයකර ව්‍යාපෘති 6 ක් යටතේ ආදායම් නොලබන ජල ප්‍රතිශතය අවම කරගැනීමට කටයුතු කලද තත්වයේ වෙනසක් සිදුවී නොමැති බවද ඉහත නිරීක්ෂණයේදී හෙළීවී ඇත.