topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැයි දිනයේ උරුමය තිබෙන්නේ වැඩකරන ජනතාවටත් වමේ පක්ෂවලටත් පමණයි – ජවිපෙ ප‍්‍රධාන ලේකම් කියයි.

Tilvin_JVP

මැයි දිනය වැඩකරන ජනතාවගේ දිනයක් බවත්,  එය ලෝකය පුරා වැඩකරන ජනතාව අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කරන දිනයක් බවත් මැයි දිනයේ උරුමය තිබෙන්නේ වැඩකරන ජනතාවටත් වමේ පක්ෂවලටත් පමණක් බවත්,  ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ, බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප‍්‍රධාන ලේකම්වරයා,

මැයි පළවෙනිදාට ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබෙනවා. වෙනදා වගේම ජනතා විමුක්ති පෙරමුණ මෙවරත් දැවැන්ත මැයි දින පෙළපාළියක් සහ රැළියක් සංවිධානය කොට තිබෙනවා. මැයි දිනයේ උරුමය පිළිබඳව ගැටළුවක් මතුවෙලා තිබෙනවා. මැයි දිනය වැඩකරන ජනතාවගේ දිනයක්. එය ලෝකය පුරා වැඩකරන ජනතාව අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කරන දිනයක්. එහි අයිතිය තිබෙන්නේ වැඩකරන ජනතාවටත්, වමේ පක්ෂවලටත් පමණයි. අපේ රටේ ධනපති පංතියේ පක්ෂත් මැයි දිනය සමරනවා. ඔවුන් මැයි දිනයේ අර්ථය විකෘති කරනවා. රතු පාට මැයි දිනය වෙනුවට කොළ පාට, නිල් පාට, මැයි දින සමරනවා. කම්කරු පංතියේ අයිතිවාසිකම් කප්පාදු කළ කම්කරු පංතිය මර්දනය කළ, දේශපාලන පක්ෂත් මැයි දිනය බජව් දිනයක් බවට පත්කර ගෙන. 1980 සමස්ත මහා වැඩවර්ජනය මර්දනය කළ වැඩකරන ජනතාව රැකියාවලින් එළියට ඇදල දාපු එජාපයත් මැයි දිනය සමරනවා. ශී‍්‍රලනිපය, රාජපක්ෂ කණ්ඩායම මිනිස්සුන්ට බොන්ඩ දීලා මැයි දිනය සමරනවා.  වර්තමාන ආණ්ඩු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදෙනවා පමණක් නොව, අයිතිවාසිකම් කප්පාදු කරනවා. මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කළා. පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් සේවක අර්ථසාධක අරමුදල් පිල්ලි ගහනවා. පැය අටේ වැඩ දිනය වෙනස් කරන්න නීති ගේනවා. මේවා වැඩකරන ජනතාවගේ අරගල නිසා, පස්සට තල්ලූකරලා තිබෙනවා. කම්කරු පංතිය මර්දනය කරන ධනපති පංතියේ එජාපයට, ශී‍්‍රලනිපයට රාජපක්ෂලාට නිල්පාටින් කොළපාටින් මැයි දිනය සමරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මිනිස්සුන්ට බොන්ඩ දීලා මැයි දිනයට සෙනඟ ගේනවා. එන අයත් මැයි දිනයේ අර්ථය දන්නේ නැහැ.

ඇත්තටම මොකක්ද මේ මැයි දිනය? 19වන සියවස අගවන විට කම්කරුවන් විශාල ප‍්‍රමාණයක් ෆැක්ටරිවල වැඩ කළා. දිනකට පැය 14, පැය 16 වැනි විශාල කාලයක් වැඩකළා. සෞඛ්‍ය පහසුකමක් කිසිදු අයිතිවාසිකමක් තිබුණේ නැහැ. එවැනි කම්කරුවන් පිරිසක් 1886 මැයි 1දා පැය අටේ වැඩ දිනයක් ඉල්ලා ඇමෙරිකාවේ චිකාගෝවල උද්ඝෝෂණයක් කළා. පාලකයන් පොලිසිය ලවා උද්ඝෝෂකයන්ට පහර දීලා මර්දනය කළා. පහර දීමට විරෝධය පළකරමින්ම මැයි 4දා නැවත උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණයට නායකත්වය දුන් කම්කරු නායකයන් පිරිසක් අත්අඩංගුවට අරගෙන නඩු කියලා එල්ලලා මැරුවා. මෙම සිද්ධිය පදනම් කර ගනිමින් 1889දී සමාජවාදී පක්ෂවල දෙවැනි ජාත්‍යන්තරයේදී මැයි 1දා වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරන්න තීරණයක් ගත්තා. එනිසා තමයි මැයි 1දා වැඩකරන ජනතාවගේ සහ වමේ පක්ෂවලට අයිති දිනයක් වෙන්නේ.

මැයි දිනයක රතු කොඩිය භාවිතා කරන්නෙ ඇයි? 1886 මැයි 1දා හේමාකට් චතුරස‍්‍රයේ උද්ඝෝෂකයන් රැගෙන ගිය සුදු කොඩි පහරදීමෙන් පසු වැඩකරන ජනතාවගේ රුධිරයෙන් රත් පැහැ ගැන්වුණා. ඒ නිසා තමයි වැඩකරන ජනතාවගේ පැහැය රතු බවට පත්වුණේ. ඒ ඉතිහාසය නොදන්නා ධනපති පක්ෂ මැයි දිනය තමන්ගේ පටු දේශපාලන අරමුණුවලට යොදා ගන්නවා. අපි ඔවුන්ගෙන් ඉල්ලනවා මැයි දිනය විකෘති කරන්න එපා කියලා. ලංකාවේ මැයි දිනය සැමරීමේ සම්ප‍්‍රදාය හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. සටන්කාමී, විනයගරුක, අලංකාරවත්, අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන මැයි දිනයක් පවත්වන්නේ ජවිපෙ පමණයි. ඒ අනුව මෙවරත් ජවිපෙ ඉතාම සටන්කාමී අලංකාර මැයි දිනයක් පවත්වනවා.

මෙවර විශේෂත්වයක් තිබෙනවා. මැයි දිනයදා වෙසක් සතිය යෙදී ඇති බැවින් ආණ්ඩුව මැයි දිනය සැමරුම් 7වෙනිදාට යොදා තිබෙනවා. නමුත් ආණ්ඩුවට එසේ කරන්න අයිතියක් නෑ. නමුත් වෙසක් උත්සවය හේතුවෙන් මැයි දිනය පැවැත්වීමට බාධාවක් තිබෙනවා. කොළඹදී වෙසක් උලෙළ නිමිත්තෙන් උත්සව පැවැත්වෙන නිසා, මැයි දිනය වෙනුවෙන් විශාල පිරිසක් කොළඹට ගෙන ඒම වෙසක් උත්සවයට බාධාවක්. එනිසා අපි මෙවර 1දා මැයි දිනය යාපනයේදී පැවැත්වීමටත් 7වෙනිදා කොළඹ, බොරැල්ල කැම්බල් පිටියෙන් පෙළපාළිය ආරම්භ කොට බී.ආර්.සී. පිටියේදී දැවැන්ත මැයි දින රැළියක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කොට තිබෙනවා.

මේ වනවිට වැඩකරන ජනතාව දුෂ්කරතාවයන් විශාල ප‍්‍රමාණයකට මුහුණදීලා තිබෙනවා. නව බදු පනත නිසා වැඩකරන ජනතාවට තමන්ගේ වැටුපටත් බදු ගෙවන්න සිදුවෙලා. ලෝක බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ආණ්ඩුව වැඩකරන ජනතාවගේ මෙන්ම රටේ සියලූම ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. දේශීය නිෂ්පාදනය බිඳ වට්ටමින් තිබෙනවා. දේශපාලනය පිරිහිලා තිබෙනවා. රටේ ජනතාවට අයිතිවාසිකම් අහිමිවී තිබෙනවා. සිංහල-දෙමළ අලූත් අවුරුදු සමයේ පවා ජනතාවට කිසිදු සහනයක් ලබාදෙන්න ආණ්ඩුවට අසමත් වෙලා. රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් උදාවෙලා. තමන්ගේ බල අරමුණු නිසා, රටේ පොදු අරමුණු ආණ්ඩුව අමතක කරලා. ධනපති ආණ්ඩුවල නව ලිබරල් ආර්ථික ක‍්‍රමය නිසා ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙමින් තිබෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට ජනතාවට වගකීමක් තිබෙනවා. ඒ වගේම දිනාගත යුතු අයිතිවාසිකම් රැුසක් තිබෙනවා. අපේ රටේ වැඩකරන ජනතාව පාලක පංතිය බවට පත්විය යුතුයි. වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනඟා ගත යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සමගිය, සමානාත්මතාව සුරකින ආණ්ඩුවක් ඕනෑ. ඒවෙනුවෙන් නව සමාජයක් ගොඩනැඟීමට පෙරගමන්කරුවන් බවට වැඩකරන ජනතාව පත්විය යුතුයි. මැයි දිනය ඒ වෙනුවෙන් අරගල කරන දිනයක් බවට පත්කර ගත යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින තේමාව වන්නේ සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනඟන ජනතාවාදී පාලනයක් යන්නයි. අපි මේ රටේ සියලූම වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා මැයි දිනය කෙලසන ධනපති පක්ෂ පිටුපස යන්න එපා කියලා. දැනටමත් ධනපති පක්ෂ මැයි දින සැමරුමෙන් පල්ලම් බැහැලා. මහින්ද රාජපක්ෂලා කොළඹින් එළියට මැයි දින සැමරුම් අරගෙන ගිහිල්ලා. එක්සත් ජාතික පක්ෂය පෙළපාළියක් නැතුව රැලියක් පමණයි. ශී‍්‍රලනිපය කරන්නේ මොකක්ද කියලා තවම දන්නේ නැහැ. පක්ෂ ඇතුලේ අර්බුද නිසා, මැයි දිනයක් කරගන්න බැරි තත්ත්වයට පත්වෙලා. තවදුරටත් ඔවුන්ට වැඩකරන ජනතාව රවටන්න බැරි තත්ත්වයක් උදාවෙලා. එය වැඩකරන ජනතාවගේ ජයග‍්‍රහණයක්. මෙවරත් ඇත්ත අර්ථයෙන් මැයි දිනය සමරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. එනිසා අපි අපේ රටේ සියලූම වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා මැයි පළවෙනිදා යාපනයේදී මැයි 7වෙනිදා කොළඹදීත් පවත්වන සටන්කාමී, විනයගරුක, අලංකාරවත් ජවිපෙ මැයි දිනයට එක්වෙන්න කියලා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.