topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

31 දින දුම්වැටි භාවිතයෙන් සහ අලෙවියෙන් වළකින ලෙසට ඉල්ලීමක්.

 Tobacco
ලෝක දුම්වැටි විරෝධී දිනය යෙදෙන මැයි මස 31 වන දිනය දුම්වැටි භාවිතයෙන් සහ දුම්කොළ සහ දුම්වැටි අලෙවියෙන් වළකින ලෙස දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. දුම්කොළ භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහයෝගයක් ලෙස මෙම පියවර ගත් බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා –
දුම්කොළ සහ දුම්වැටි භාවිතය පාලනය කළ යුතුයි. දුම්කොළ වසර ගණනාවක් තිස්සේ ලෝකය පුරා මිලියන සංඛ්‍යාවක ජනතාවක් මරණයට පත් කර තිබෙනවා. මෙවර දුම්වැටි විරෝධී දින තේමාව වන්නේ දුම්කොළ සහ හෘද රෝග යන්නයි. හෘද ධමනි මාර්ගයන්ට බාධක පමුණුවමින් දුම්කොළ මගින් සිදු කරන හානිය මෙම තේමාවෙන් විදහා දැක්වෙනවා. දුම්කොළ භාවිතය හෘද රෝග වැළදීම සදහා ප්‍රධාන හේතුවක් වන අතර, හෘදයාබාධ වලට මෙන්ම අංශභාගය වැළදීමට ද එය මූලික හේතුවක් වෙනවා. දුම්කොළ භාවිතය නිසා වසරකට ශ්‍රි ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් 20,000 පමණ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට දුම්කොළ භාවිතය අවම කිරීම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියේ දී පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරීම, තනි සිගරට් අලෙවි කිරිම තහනම් කිරිම සදහා කටයුතු කරනු ලබනවා. එම නිසා එම වැඩපිළිවෙලට සහයෝගයක් ලෙස ලෝක දුම්වැටි විරෝධී දිනය යෙදෙන ලබන 31 දින දුම්වැටි භාවිතයෙන් සහ අලෙවියෙන් වැළකෙමු යනුවෙන් ජනතාව දැනුවත් කිරිමට අපි තීරණය කර තිබෙනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.