අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අධිකරණ යාන්ත්‍රණයක් නොවන බවත් එය සත්‍ය සෙවීම සඳහා වන යාන්ත්‍රණයක් පමණක් බවත් ත්‍රිවිධ හමුදාවේ මෙන්ම අපේරටේ කීර්තිමත් නාමය යළිත් තහවුරු කරන්නට මෙමඟින් හැකි වන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, දකුණේ අම්මලාගේ දුක වෙනුවෙන් වගේම, උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? ජීවිතාන්තය දක්වා කඳුළු සළමින් තම දරුවා, ස්වාමිපුරුෂයා, එනතුරු බලාසිටියා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් තුළින් ලෝකයට යථාර්ථයක් පෙන්වා දෙන්නට පුළුවන්.මෙය අධිකරණ යාන්ත්‍රණයක් නොවේ.දඬුවම් ලබාදෙන්න බෑ. නඩු අහන්න බෑ.
අතුරුදහන්වූවන් සොයා බැලීම, පසුබිම සොයාබැලීම ආදී කාරණා පමණයි සිදු වෙන්නේ. මෙයින් හමුදාව පාවා දෙනව කියනවා. එහෙම පාවා දීමක් සිදුවන්නේ නෑ. ත්‍රිවිධ හමුදාවේ මෙන්ම අපේ රටේ කීර්තිමත් නාමය යළිවතාවක් තහවුරු කරන්නට මෙමඟින් හැකි වෙනවා. අපේ ආණ්ඩුවට හංගන්න කිසි දෙයක් නෑ. යළි මෙවැනි සිද්ධීන් ඇති නොවී, ශ්‍රී ලංකාව අලුත් රටක් ලෙස නිර්මාණය කිරීමයි අරමුණ.