ගුවන් විදුලි ක්ෂේත්රයට විශාල සේවාවක් ඉටු වුනු ආයතනයක් ලෙස පිළිගන්නා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවාවෙහි ඉතිහාසය පිළිබදව රචිත ග්‍රන්තය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක වෙත පිළිගන්වන ලදී. “ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවාවෙහි ඉතිහාසය” නම් වන මෙම කෘතියේ රචකයා වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවාවෙහි හිටපු අධ්යක්ෂ අල්හාජ් අහමඩ් මුනාවර් විසින් මෙය ඇමතිවරයා වෙත ප්‍රධානය කල අතර ඒ අවස්ථාව සදහා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ (පාලන) මොහොමඩ් හිල්මි ද එක්වීය.
එම අවස්ථාවේදී අල්හාජ් අහමඩ් මුනාවර් විසින් අමාත්‍යවරයාවෙත සිහිවටන තිළිනයක්ද ප්‍රධානය කරන ලදී.